අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙරහැරේදී චූලා අලියා බිය වී දිව ගියේ යැයි හිතනවා – සත්ව සංවිධාන කියන විදිහට මේ සතුන්ගේ පහසුකම් මඟහැර නෑ – හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ලේකම්

by Lanka Sara Editor
අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ඇසල පෙරහරේ දෙවන කුඹල් පෙරහර පැවති ඊයේ (22) රාත්‍රියේ වීදී සංචාරය කරමින් තිබිය දී හදිසියේම කුලප්පු වී පෙරහර මාර්ගයේ ඉදිරියට දිව ගොස් තිබුණේ පැල්මඩුල්ල රජමහා විහාරයේ චූලා නැමැති අලියාය.

කතරගම දේවාලයේ දේවාභරණ වැඩම වූ ඇතු සමඟ දෑලේ ගිය මෙම අලියා හදිසියේ බියවීමත් සමඟ මෙලෙස දිවයන්නට ඇතැයි හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරුණාරත්න පවසයි.

කතරගම දේවල පෙරහරේ ගමන් ගත් පැල්මඩුල්ල රාජමහා විහාරයේ චූලා නැමැති අලියා කුලප්පු වී පෙරහර මාර්ගයේ ඉදිරියට දිව ඒමත් සමඟ ඊට ඉදිරියෙන් ගමන් ගත් විෂ්ණු දේවාල පෙරහරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කලබල වී වැව් බැම්ම දෙසට දිව යාම නිසා වැව අද්දර පෙරහර නරඹමින් සිටි ජනතාව නොසන්සුන් වූහ.

චූලා අලියා අද 23 දින තුන්වෙනි කුඹල් පෙරහරේ ගමන් කරන්නේද යන්න සාකච්ඡා කරමින් සිටින බවද මේ වන විට අලියා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවද හෙතෙම කියා සිටියේය.

පෙරහරේ ගමන් ගන්නා අලි ඇතුන් මෙලෙස කුලප්පු වන්නේ දිවා කාලයේ ඔවුන්ට ඉතා හොඳ තත්ත්වයේ කෑම බීම සහ විවේකය නොලැබෙන බැවින් බව සත්ත්ව හිංසන පිටුදැකීමේ සංවිධාන පවසති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම ප්‍රකාශ සම්බන්ධයෙන් දම්සිරි කරුණාරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

අතීතයේ පෙරහර පවත්වන දින 10 තුළ අලි ඇතුන් ලේවැල්ලෙන් මහවැලි ගඟට හෝ දොඩම්වල කටුගස්තොට මාර්ගයේ අලි නාවන (elephant bath) පෙදෙසේ මහවැලි ගඟට රැගෙන යාමක් සිදු කළ ද මේ වන විට එම ස්ථාන සියල්ල අලි නෑ වීමට සුදුසු ස්ථාන නොවන බවට හඳුනාගෙන තිබෙනවා.

මේ හේතූන් මත සතර මහා දේවාලවල අලි ඇතුන් නහවනු ලබන්නේ බවුසරවලින් ගෙන්වන ලද වතුර බට මගින්. මාලිගාවේ ඇත් පන්තියට නෑමට විශාල ජල ටැංකියක් තිබෙනවා. සතර මහා දේවාලවල අලින්ට කෙලෙසින් හෝ නෑ මට අවස්ථාව සලසලා තිබෙනවා. සතුත් සමග ගනුදෙනු කිරීමේදී ඒ සතුන්ගේ පහසුකම් මගහැර තබන්න බැහැ . අනෙක දළදා සමිදුන්ගේ පෙරහර පූජාවට පැමිණි මේ සතුන් නොසලකා ඉන්න තරම් අලි ඇතුන් සමඟ වැඩ කරන කිසිවෙක් හිතන්නේ නැති බව මට විශ්වාසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනය ශාස්ත්‍රඥයින්ට ටිබෙටය තහනම් වෙයි

Next Post

රත්වත්තේ වත්තෙ දි තොණ්ඩා නැටුවේ පිටපතකට ද?… වැවිලිකරුවන් ජනපතිට ඇත්ත කතාව ලියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.