ශ්‍රී ලංකා කාන්තා නායිකා චමරි අතපත්තු නවතම ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක 1 පිතිකාරිණිය ලෙස කිරුළු පැළඳුවාය.![](//lankasara.com/wp-content/uploads/2023/07/Untitled.jpg)
නැවත ශ්‍රේණිගතකිරීම්වල අහලකවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් නැත. ඒ ලයිස්තුවේ චමරිට පසුව ශ්රේණ්ගතවන එකම ක්‍රීඩිකාව කවීෂා දිල්හාරිය. ඇය ඉන්නේත් 37 වැකි තැනය.
නවසීලන්තයට එරෙහිව තරග තුනකින් සමන්විත මුළු තරගාවලියේ චමරී අතපත්තු රැස් කළ ලකුණු සංඛ්‍යා 248 මේ වික්‍රමාන්විත පෙරළියට මුල විය.
![](http://lankasara.com/wp-content/uploads/2023/07/Chamari-number-one.jpg)
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකාරිනිය සහ කඩුළු රකින ක්‍රීඩිකාව වූ බෙත් මූනි දෙවැනි තැනට පත් කරමින් ලෝකයේ පළමු වෙනියා වීමට චමරීට හැකිවන්නේ නවසීලන්ත ශ්‍රී ලංකා තරගාවලිය අවසන් තරගයේ ආශ්වාදනීය පිතිකරණය බව පැහැදිලිය. ඇය පන්දු 80ක දී ලකුණු 140ක් නොදැවී ලැබුවාය.
මෙය ශ්‍රී ලංකාව කාන්තා එක්දින තරඟාවලියකදී නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව වූයේය. එම ආනන්දනීය ජයග්‍රහණය පසුපස චමරී අතපතුත් රැස් කළ ලකුණු කන්ද වූයේය.
33 හැවිරිදි චමරි තරග තුනකින් සමන්විත තරගාවලියේ ආරම්භක තරගයේදී නොදැවී ලකුණු 108*ක් ලබා ගත්තාය. දෙවැනි තරගයේ දී ඇය පළමු පන්දුවේදීම දැවී ගියාය.
තරගාවලියේ තීරක හැකියාව තමන් සතු බව තහවුරු කළ මේ විශ්වාසවන්ත වමත් වමත් පිතිකාරිණිය අවසන් තරගයේ දී දැක්වූ පිතිකරණ පෙළහර තරගය නැරඹූ කිසිවෙකුට අමතක නොවන බව කිව යුතුය.
ඇය දැවැන්ත හයේ පහර 9ක් එල්ල කළාය. වන නිලක්ෂි ද සිල්වා සමග එක්ව ඇය තෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු 190ක සම්බන්ධතාවය කාන්තා එක්දින තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ ඉහළම සබඳතාව විය.
චමරී අතපත්තු කාන්තා එක්දින ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවය. එක්දින ශ්‍රේණිගත කිරීම් ඉතිහාසයේ අංක 1 ස්ථානය හිමිකරගත් දිවයිනේ එකම ක්‍රීඩකයා වුයේ සනත් ජයසූරිය ය.