සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝල්ෆේස් යන්න නුදුන් නිසා අන්තරේ උද්ඝෝෂකයෝ විජයරාමේ අගමැති නිල නිවසට යති…

ගෝල්ෆේස් වටේ ගහපු බංකර් ටික දැන් ගලවලා බේරෙ වැවට දාන්න... අන්තරේ උද්ඝෝෂකයෝ කියති!

by editor
අප්‍රේල් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ස්ථාවර යකඩ වැටවල්  දමා හතර පැත්තෙන් පාරවල් වසාගෙන  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට බාධක යෙදීමෙන් අනතුරුව   ශිෂ්‍ය උද්ඝෝෂකයෝ ගොල්ෆේස් නොගොස් විජයරාම පාරේ  අගමැති නිල නිවසට   ගොස් බලාපොරොත්තු රහිත   උද්ඝෝෂණයක් ආරම්භ කිරීම හේතුවෙන් ආරක්ෂක අංශ බරපතල අසීරුතාවයකට පත් විය.

ගෝල්ෆේස් එනතුරු බලාගෙන සිටි අයුරු…

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කීවේ ගෝල්ෆේස් යන්නට පැමිණි ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් අගමැති නිල නිවසට ගෙන්වා ගත්තේ පොලිසිය ඇතුළු ආරක්ෂ අංශ බවය.

ඊයේ රෑ එළිවනතුරු ගෝල් ෆේස් භූමිය අවට පාරවල් වසා ගැසූ යකඩ වැටවල් දැන් ඉවත්කර බේරේ වැවට විසිකරන ලෙස ඔහු කියා සිටියේය.

“ අපි විරෝධතා පා ගමනක් සංවිධානය කරලා පාරවල් අවහිර කරනවා කියලා උසාවි ගිහින් තහනම් නියෝග ගන්න හදපු පොලිසිය ඊයෙ රූ එළිවෙනක්ම සියලුම  පාරවල් මැද්දෙ ස්ථාවර තඩි බැරියර් දාලා…. අපි  යන්න හිටියේ ගෝල්ෆේස්. ඒ තරුණ අරගල කරුවන්ගෙ අරගලය ශක්තිමත් කරන්න. උඹලම තමයි අපි මෙතෙන්ට ගෙන්නුවෙ.“

විජයරාම නිවස වටා දමා තිබූ ආරක්ෂාව

“ මෙතන ආරක්ෂාවට දාපු බැරියර් ටික අපි ඉවත් කළා. අපිට ඕනනම් බැරියර් ඉවත් කරන්න පුලුවන්. ඉවත් කරන්න ඕන බැරියර් ගැන තීරණය කරන්නෙ නුඹලා නෙමෙයි. අපි. දැන් ඔය හයිකරපු ගොල්ෆේස් බැරියර් ටික ගලවලා බේරෙ වැවට දාන්න. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ගෝල්ෆේස් කොල්ලන්ට දුවන්න කතා කළ අගමැතිවරයා සමග දුවන්නට හිතාගෙන අගමැති නිල නිවසට එන විට ඔහු නිල නිවසේ නැති බවත්, කොතැනක හෝ බංකරයක ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පැවසුවේය.

“මේ බැරියර් එක්ක ගේට්ටු එක්ක අපට ප්‍රශ්නයක් නෑ.  ඒ නිසා ඒවා කඩන්න අවශ්‍යත් නෑ. අපි මේ උද්ඝෝෂණය මෙතනින් නිමා කළාට මේ අරගලය අත්හරන්නෙ නෑ. මෙතෙන්ට ආවෙ ඒක කියලා යන්න.   ජනතාව ඉස්සරහා මේ ආණ්ඩුව පරාද වෙලා ඉවරයි. දැන් තවත් පාර්ලිමේන්තුව ඇතුලෙ කාර්ඩ් කුට්ටම අනලා අණ්ඩු කරන්න හදන්න එපා.“

ගෝල්ෆේස් ජනතා අරගලය තමන් හරහා නවත්වන්නට උත්සාහ කරනවා නම් එය සිදුනොවන්නක් බව ද ඔහු කීවේය.  ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුව ගෙදර යවා සියලුම දූෂිතයන් සොරකම් කළ ජනතා මුදල් ජනතා අධිකරණයක් ඉදිරියේ නැවත ලබා ගන්නා තුරු මේ අරගලය කරගෙන යන බව ද අන්තර්විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ පැවසුවේය.

ඔහු කීවේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ උද්ඝෝෂණයට ආවේ    යාපනය සරසවියේ සිට රුහුණු සරසවිය දක්වා ලංකාවේ සෑම  සරසවියකම ශිෂ්‍ය නියෝජනයක් සහිව බවය.

මේ වනවිට සෑම ශිෂ්‍ය ව්‍යාපාර නායකයෙකුගේම නිවෙස්වලට උසාවි නියෝගත් රැගෙන පොලිසිය පැමිණ ඇති බවත් ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යකඩ උල් සවිකර කළු ඉටි රෙද්දකින් වැසූ මාර්ග බාධකයක් සම්බන්ධව ලෝක අවධානයට…

Next Post

මීටර 400 කඩුළුමතින් දිවීමේ ශ්‍රී ලංකා ජාතික ශූරිය කෞෂල්‍යා දිවි සැරියෙන් සමුගනී… සියදිවි හානි කරගැනීමක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.