ස්ථාවර යකඩ වැටවල් දමා හතර පැත්තෙන් පාරවල් වසාගෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට බාධක යෙදීමෙන් අනතුරුව ශිෂ්‍ය උද්ඝෝෂකයෝ ගොල්ෆේස් නොගොස් විජයරාම පාරේ අගමැති නිල නිවසට ගොස් බලාපොරොත්තු රහිත උද්ඝෝෂණයක් ආරම්භ කිරීම හේතුවෙන් ආරක්ෂක අංශ බරපතල අසීරුතාවයකට පත් විය.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කීවේ ගෝල්ෆේස් යන්නට පැමිණි ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් අගමැති නිල නිවසට ගෙන්වා ගත්තේ පොලිසිය ඇතුළු ආරක්ෂ අංශ බවය.
ඊයේ රෑ එළිවනතුරු ගෝල් ෆේස් භූමිය අවට පාරවල් වසා ගැසූ යකඩ වැටවල් දැන් ඉවත්කර බේරේ වැවට විසිකරන ලෙස ඔහු කියා සිටියේය.
“ අපි විරෝධතා පා ගමනක් සංවිධානය කරලා පාරවල් අවහිර කරනවා කියලා උසාවි ගිහින් තහනම් නියෝග ගන්න හදපු පොලිසිය ඊයෙ රූ එළිවෙනක්ම සියලුම පාරවල් මැද්දෙ ස්ථාවර තඩි බැරියර් දාලා…. අපි යන්න හිටියේ ගෝල්ෆේස්. ඒ තරුණ අරගල කරුවන්ගෙ අරගලය ශක්තිමත් කරන්න. උඹලම තමයි අපි මෙතෙන්ට ගෙන්නුවෙ.“

“ මෙතන ආරක්ෂාවට දාපු බැරියර් ටික අපි ඉවත් කළා. අපිට ඕනනම් බැරියර් ඉවත් කරන්න පුලුවන්. ඉවත් කරන්න ඕන බැරියර් ගැන තීරණය කරන්නෙ නුඹලා නෙමෙයි. අපි. දැන් ඔය හයිකරපු ගොල්ෆේස් බැරියර් ටික ගලවලා බේරෙ වැවට දාන්න. “
ගෝල්ෆේස් කොල්ලන්ට දුවන්න කතා කළ අගමැතිවරයා සමග දුවන්නට හිතාගෙන අගමැති නිල නිවසට එන විට ඔහු නිල නිවසේ නැති බවත්, කොතැනක හෝ බංකරයක ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පැවසුවේය.
“මේ බැරියර් එක්ක ගේට්ටු එක්ක අපට ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ඒවා කඩන්න අවශ්‍යත් නෑ. අපි මේ උද්ඝෝෂණය මෙතනින් නිමා කළාට මේ අරගලය අත්හරන්නෙ නෑ. මෙතෙන්ට ආවෙ ඒක කියලා යන්න. ජනතාව ඉස්සරහා මේ ආණ්ඩුව පරාද වෙලා ඉවරයි. දැන් තවත් පාර්ලිමේන්තුව ඇතුලෙ කාර්ඩ් කුට්ටම අනලා අණ්ඩු කරන්න හදන්න එපා.“
ගෝල්ෆේස් ජනතා අරගලය තමන් හරහා නවත්වන්නට උත්සාහ කරනවා නම් එය සිදුනොවන්නක් බව ද ඔහු කීවේය. ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුව ගෙදර යවා සියලුම දූෂිතයන් සොරකම් කළ ජනතා මුදල් ජනතා අධිකරණයක් ඉදිරියේ නැවත ලබා ගන්නා තුරු මේ අරගලය කරගෙන යන බව ද අන්තර්විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ පැවසුවේය.
ඔහු කීවේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ උද්ඝෝෂණයට ආවේ යාපනය සරසවියේ සිට රුහුණු සරසවිය දක්වා ලංකාවේ සෑම සරසවියකම ශිෂ්‍ය නියෝජනයක් සහිව බවය.
මේ වනවිට සෑම ශිෂ්‍ය ව්‍යාපාර නායකයෙකුගේම නිවෙස්වලට උසාවි නියෝගත් රැගෙන පොලිසිය පැමිණ ඇති බවත් ඔහු පැවසුවේය.







