හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෑත කාලයේ සිදුවූ ධරුණුතම ආර්ථික අර්බුදය නිර්මාණය කළ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත් මුදල් ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂට, මහින්ද රාජලපක්ෂට සහ අලි සබ්රිටත්, මහබැංකු අධිපති ධූරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගලටත් මහබැංකු මූල්‍ය මණ්ඩලයේ සමාජිකයින්ට සහ පිබී ජයසුන්දරටත් එරෙහිව ට්රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂල් ආයතනය මෙම නඩුව පවරා තිබේ.
නඩුව පවත්වාගෙන යෑමට අවසරයත් සමග ශ්‍රේෂ්ඨාධිකරණය විගණකාධිපතිවරයාට විශේෂ නියෝගයක් කරමින් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රුපියල් 203හි රඳවා ගැනීම සම්බන්ධව මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය ගත් තීරණයත් ඊට අදාල සිදුවීම් සම්බන්ධවත් සම්පූූර්ණ විගණනයක් සිදුකර එම විගණන වාර්තාව නොවැම්බර් 30ට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රමාද වීම සම්බන්ධව සහ 2022 ජනවාරි 18 නිකුත් කළ ඇමරිකානු ඩොලර් මිලියන 500ක ස්වයිරී බැඳුම්කරය සම්බන්ධයෙන් ද ඔවුන්ගේ මෙම තීරණ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට මෙතෙක් සිදුව ඇති පූර්ණ මූල්‍ය අලාභය පිළිබඳව ද පූර්ණ විගණනයක් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මහබැංකු අධිපතිවරයාට නියෝග කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් වත්මන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට නියෝගයක් නිකුත් කරමින් 2022 නොවැම්බර් 30ට පෙර රටේ මූල්‍ය හා ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහබැංකුව සිදුකරන ලද නිදේශ පිළිබඳවත්, ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂට, මහින්ද රජපක්ෂට, මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට, හිටපු මහබැංකු අධිපතිවරුන්වන ඩබ්ලියු .ඩී. ලක්ෂ්මන්ට, අජිත් නිවාඩ් කබ්රාල්ට සහ මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම් එස්.ආර් ආටිගලට මහබැංකුව යවන ලද සියලු සන්නිවේදන සටහන් හා නිර්දේශවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා තිබේ.







