අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිලියන 500ක “ගල්අඟුරු කුපාඩිකම “ විගණනයෙන් නිරුවත් වුන හැටි…

ට්විටර් ඇමතිලාගේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරුණු අයුරු...

by editor
ඔක්තෝබර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් විගණනයට අමාත්‍ය මණ්ඩලයට බොරු කියලා…

  • ලියාපදිංචියක් නැති මාස තුනක් වයස කවදාවත් ගල් අඟුරු පස්‍රම්පාදනය කර නොතිබුණ ළදරු සමාගමටක දින 35ක් තුළ ටෙන්ඩර් එක දීලා…

  • ලියාපදිංචි නොවූ ළදරු සමාගමට බිලියන 500ක ජාතික ගල්  අඟුරු ටෙන්ඩරය දීලා තියෙන්නෙ නීතිපතිගේ මතය විමසන්නෙ නැතිව…

  • අන්තිමට අමාත්‍ය මණ්ඩලය විසින්ම ටෙන්ඩරය අහෝසි කරලා…

රුපියල් බිලියන  500ක් පමණ ඉහළ වටිනාකමකින් යුතු නොරොච්චෝලේ ලක්විජය  ගල් අඟුරුබලාගාරය සඳහා  (2022  2025) ගල් අගුරු මිලදි ගැනීමට   සිදුකරණු ලැබු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වනවිට විවාදාත්මක තත්වයක්  ඇතිවි තිබේ. 

මෙම  ගල්අගුරු ටෙන්ඩරය  දින 35ක් වැනි කෙටිකාලයක් තුල ගල් අඟුරු සැපයිමේ ලියාපදිංචි සමාගමක් නොවු  black sand commodities සමාගම වෙත ලබාදිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන්පිටතත්  දැඩි කථාබහක් නිර්මාණය වෙමින් තිබුණි.

ලංකාවේ එකම ගල්අඟුරු තාප බලාගාරය වන්නේ  ලක්විජය ගල්අඟුරු බලාගාරයයි. මින් ජාතික විදුලිබල පද්ධතියට දැක්වන්නේ ඉහල දායකත්වයෙකි. ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන්  සියයට 30ක 40ක පමණ දායකත්වයක්  ලක්විජය ගල්අඟුරු බලාගාරය මගින් ලබා‍දෙයි. 

උක්ත බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා වාර්ෂික  ගල් අඟුරු මොට්‍රික්ටොන්  මිලියන 2.25ක ධාරිතාවයක් අවශ්‍යවේ.  ගල් අගුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු  2021-2022  ප්‍රසම්පාදන කාලපරිච්චේදය  අවසන්වන තෙක්ම වාර්ෂික ගල්අඟුරු අවශ්‍යතාවයෙන් සියයට 50 දිර්ඝකාලීන ප්‍රසම්පාදනය මගින් සපුරාගෙන තිබුණි. ඉතිරි සියයට 50 සපයාගෙන තිබුණේ  ක්ෂණික ප්‍රසම්පාදන ක්‍රියවලිය මගිනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ණය මුදල

කෙසේවුවද  නොරොච්චෝලේ ලක්විජය   ගල්අඟුරු බලාගාරයට    (2021-2022) වාරය සදහා ගල්අඟුරු සැපයීම වෙනුවෙන්   සැපයුම්කාර සමාගම් දෙකකට  ඇමරිකානු ඩොලර් දෙකෝටි හැත්තැ හතර ලක්ෂ අනු නවදහස් එකසිය තිහක මුදලක් (27,499,130) ගෙවිමට තිබුණි. 

ගල්අඟුරු සැපයීමේ දිර්ඝ කාලික ප්‍රසම්පාදනයේ සැපයුම්කරුවා වන SWISS SINGAPORE OVERSEAS ENTERPRISES සමාගම වෙත ඇමරිකානු ඩොලර් එක්කෝටි පනස් හය ලක්ෂ අසුපන් දහස්  තුන්සිය හැට දෙකක (15,685,362) මුදලක් ගෙවිමට තිබිණි.  එමෙන්ම ක්ෂණික ප්‍රසම්පාදනයේ සැපයුම්කරුවා වන SUEK AG සමාගම වෙත  ගෙවිමට ඇති මුදල   ඇමරිකානු ඩොලර්  එක්කෝටි දහ අට ලක්ෂ දහතුන් දහස් හත්සිය හැට අටක් (11,813,768) වූයේය. 

මෙරට පවත්නා විදේශිය විනිමය අර්බුදය හේතුවෙන් 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 12 වන දින වන විට මෙම මුදප ගෙවිය යුතු විය. දිර්ඝ කාලින ප්‍රසම්පාදනය ගිවිසුම යටතේ අදාල සමාගම විසින්  ගල් අගුරු මෙට්‍රික්ටොන් මිලියන 1.125ක් සපයා තිබුණි.  ක්ෂණික ප්‍රසම්පාදනයට අදාල ගල්අඟුරු සැපයුම්කරුවා වන SUEK AG සමාගම විසින් ගල්අඟුරු මෙට්‍රික්ටොන් 351,894ක් සපයා තිබුණි.

නොරොච්චෝලය ලක්විජය බලාගාරය…

ඉදිරි වර්ෂ සදහා ටෙන්ඩර් කැඳවීම –

මේ අතර ගල්අගුරු සමාගම විසින්  (2022 – 2025) ඉදිරි වර්ෂ තුන සදහා  ගල්අඟුරු  මෙට්‍රික්ටොන්  මිලියන 4.5ක් මිලදී ගැනීමට   දිගුකාලින ප්‍රසම්පාදන කටයුතු ආරම්භකොට තිබුණි. 2022-2023, 2023-2024 ,2024-2025 වාරයන් ආවරණය වන පරිදි  පිළිවෙළින් ගල්අගුරු මෙට්‍රික්ටොන්  මිලියන 1.125ක්, 2.25ක් හා  මෙට්‍රික්ටොන් මිලියන 2.25ක් මිලදී ගැනීමට  ප්‍රසම්පාදනය කිරීමට කටයුතුකර තිබුණි. 

මෙකී ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2022 ජුලි මස 21 වැනි දින  ආරම්භ කර  අගෝස්තු මස 25 වැනි දින අවසන් වූයේය.  ඒ අනුව ගල් අගුරු සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි නොවු සමාගමක් වන black sand commodities සමාගම වෙත  ගල් අගුරු සැපයිමේ ටෙන්ඩරය   ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භකොට දින දින 35 වැනි කෙටිකාලයක් තුළ  පිරිනමා තිබුණි.

විගණනය වෙන හැටි

මෙම ටෙන්ඩරය පිරිනැමීම සම්බන්ධයෙන් පරික්ෂාවක් කරදෙන ලෙස  කථානායක මහින්ද යාපා අබේවර්ධන   විසින්  රාජ්‍ය මුදල්කාරක සභාව වෙත උපදෙස් ලබා දි තිබුණි. ඒ අනුව මේ පිළිබද ජාතික විගණන කාර්යාලය මගින් විගණනයක් සිදුකළේය.

 ඒ අනුව අවම මිල ගණන් ඉදිරිපත් කොට තිබු Black Sand Commodities සමාගම වෙත  ගල් අගුරු මෙට්‍රික්ටොන් 01ක් සඳහා  ඇමරිකානු ඩොලර් 328.22ක් වු මිල පදනම්ව මෙකි ටෙන්ඩරය පිරිනමා තිබුණි. එමෙන්ම දින 180ක  ශූන්‍ය  පොලී ණය පදනම මත  2022 වර්ෂයේ  ඔක්තෝබර් මස සිට 2025 අප්‍රේල් දක්වා  ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන  4.5ක් සැපයිම සදහා අදාල සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනමා තිබුණි. 

මෙහිදි ගල්අගුරු සැපයිමේ ලියාපදිංචි  සමාගමක් වන SUEK AG   සමාගම  ඉදිරියේ දී ගල් අගුරු ප්‍රසම්පාදනය සඳහා  තම අනු බද්ධ සමගාමක් ලෙස Black Sand Commodities සමාගම හඳුන්වා දි තිබුණි. එමෙන්ම ප්‍රසම්පාදනයේ පාර්ශවකරුවකු ලෙස Black Sand Commodities සමාගම  සම්බන්ධකරගන්නා ලෙස SUEK AG   සමාගම විසින් ඉල්ලා තිබුණි. 

එහෙත් ඒ සඳහා ප්‍රසම්පාදන කමිටුව විසින්  ලිඛිත ප්‍රතිචාරයක් දැක්වීමට කටයුතු කර නොතිබුණි.  මේ නිසා Black Sand Commodities සමාගමට ටෙන්ඩරය ලැබෙන බවට බලාරොත්තුවක් ඇති කිරිමට  ප්‍රසම්පාදන කමිටුව කටයුතු කර තිබුණි.

ලියාපදිංචි සැපයුම්කරුවෙක් නොවු Black Sand Commodities සමාගම වෙත ටෙන්ඩරය ප්‍රදානය කිරීමෙන්  ඒ බව පැහැදිලවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

තවද ලංසු ලේඛනයේ අනිවාර්යෙන් සංශෝධනය විය යුතු වගන්ති  සංශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි. මේ නිසා  අදාල ලංසුකරුවන් විසින් ඉදිරිපත් කිරීමට තිබු නිත්‍යානුකුල ලේඛන  බැඳීම් හා සුදුසුකම්  තහවුරුකිරීම ආදිය  හා එවායේ නිත්‍යානුකුලභාවය  නිසි පරිදි ලබාගෙන ඇගයිමට ලක්කිරීමට කටයුතු කර නොතිබුණි. 

මෙකී සංශෝධනයට අනුව කටයුතු කරන්නේ නම් Black Sand Commodities සමාගම විසින් SUEK AG සමාගම වෙනුවෙන් ලංසු ඉදිරිපත් කළ යුතුය. සපයනු ලබන ගල්අඟුරු ගුණත්වය ප්‍රමාණය හා ගෙවිම් සම්බන්ධව  සම්පුර්ණ සුරක්ෂණයක් ලියාපදිංචි සැපයුම්කරුවන SUEK AG සමාගම විසින් ලබාදිය යුතුව තිබුණි. එහෙත් එවැනි සුරක්ෂණයක් ලබාදි නොතිබුණි.

ගල්අඟුරු සැපයිමේ දී ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පමණක්  ලංසු කැඳවිම සිදුකළ යුතුවේ. එහෙත් ගල්අඟුරු ටෙන්ඩරය පිරිනමා තිබු අදාල සමාගම ගල්අඟුරු සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි වු සමාගමක් නොවන අතර ගල් අගුරු සැපයිම් සම්බන්දව  කිසිදු සුදුසුකමක් පරික්ෂාවට ලක්කොට නොතිබුණි.

ළදරු සමාගමට ටෙන්ඩරය දෙන්න කළ කී අශිෂ්ඨ බොරු…

මෙකි සමාගම සංස්ථාපනය කිරිම සදහා  2022 මැයි මස 31 වැනිදින LC suek ltd LLC  (Russia)  සමාගම විසින් යෝජනාවක් සම්මත කර 2022 ජුනි මස 01 වැනිදින එක්සත් ආරබිඑමිර් රාජ්‍යයේ සංස්ථාපිත සමාගක් ලෙස ස්ථානපනය කොට ඇත.  එහෙත්  මෙම තත්වය නොසලකා  black sand commodities  සමාගම  විසින් ඉදිරිපත් කළ ලංසුව පිළිගෙන තිබු බවද විගණනය මගින් පෙන්වා දි ඇත.

තවද  ප්‍රසම්පාදන ක්‍රියාවලිය  සිදුකිරිමේ දි  ප්‍රසම්පාදන කමිටුව හා  තාක්ෂණික ඇගයිම් කමිටුව පලදායි හා කාර්යක්ෂම ලෙස එම කාර්යය සිදුකර නොමැති බව ජාතික විගණන  වාර්තාවේ සඳහන් වේ. 

එමෙන්ම ගල්අඟුරු සමාගම විසින්   SUEK AG   සමාගම වෙනුවෙන් black sand commodities   සමාගම සමග මෙම ගනුදෙනුව  පවත්වාගෙන යාමේ හැකියාව  පිළිබඳ  නිතිපතිවරයාගෙන් විමසා තිබේ. එහෙත් නිතිපතිවරයාගේ මතය ලැබීමට පෙර  2022 අගෝස්තු මස 25වැනි දින  අදාල සමාගම වෙත ලංසුව ප්‍රදානයකර තිබුණි. 

ඒ අනුව  ලියාපදිංචි සැපයුම්කරුවකුගේ සේවාව  ලියාපදිංචි නොවු හා  ලියාපදිංචිමට ප්‍රමාණවත් සුදුසුකම් රහිත සැපයුම්කරුවකු වෙත පැවරීමට එකඟවිම  පිළිබද නීතිමය තත්වය පිළිබඳ  නිතිපතිවරයාගෙන් උපදෙස්  ලබාගෙන නොතිබුණි. 

මෙහිදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා විගණනයට සඳහන් කොට ඇත්තේ  නීතිපතිවරයාගෙන්   විමසීමක් කර ඇතත් ඔහු  කිසිදු විරෝධතාවයක් ප්‍රකාශකර නොතිබු බවය. නීතිපතිවරයාට සිය මතය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා නොදී  අදාල ටෙන්ඩරය ප්‍රදානය කර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. අදාල පියවර ගැනීමෙන් පසුව  නිතිපතිවරයාගෙන් මත විමසීමක් කර ඇති බව  විගණන වාර්තාවේ සඳහන් වේ.

ඔස්ට්‍රේලියානු ගල් අඟුරු

එමෙන්ම නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා  මෙතෙක් ඔස්ට්‍රේලියානු ගල්අඟුරු  සැපයුම්කර නොතිබුණි. එහෙත් දිර්ඝ කාලීන ප්‍රසම්පාදන කටයුතු සඳහා  ඔස්ට්‍රේලියානු දර්ශකය භාවිතා කිරිම තුළ සංයුක්ත දර්ශකය වෙනත් දර්ශකවලට  සාපේක්ෂව ඉහළ අගයක් ගෙන තිබුණි.

විගණකාධිපතිව අවමානයට පත් කළ බොරුකාර ලේකම්

ඕස්ට්‍රේලියාවෙන් ගලුුඅඟුරු නැව්වාර 105ක් ආනයනය කොට ඇති තත්වයක් තුළ සත්‍ය පසෙක දමා  විගණන නිරික්ෂණ ලෙස හිතළු සඳහන් කර ඇති බව දක්වමින්     විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් විගණකාධිපතිවරයාගේ කාර්යභාරය අවමානයට ලක්කොට තිබු බව මෙම වාර්තාවේ සඳහන් වේ.

එහෙත් මේ දක්වා  ඕස්ට්‍රේලියාවෙන් ගල්අගුරු  ආනයනය සිදුකර නොමැති බව ගල්අඟුරු සමාගම විසින් විගණනයට දන්වා තිබුණි.

එමෙන්ම අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්  2022 සැප්තැම්බර් මස 22වන දින  අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කොට ඇති සංදේශයේ  නිර්දේශිත අංක 3  (ආ)යටතේ Black Sand Commodities සමාගම වෙත  අංක 05 සෘජු ප්‍රසම්පාදනයෙන්  නැව්වාර 02ක් ප්‍රදානය කොට ඇති බව සඳහන් කොට තිබුණි. එහෙත් එකී සමාගම වෙත එලෙස ප්‍රසම්පාදනයක්  ලබා දි නොතිබුණි. 

අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අමාත්‍යමණ්ඩලය වෙත නිරවද්‍ය නොවන සහ තහවුරු කළ නොහැකි තොරතුරුද ඉදිරිපත් කොට ඇති බව විගණන වාර්තාවේ සදහන් කොට ඇත.

එමෙන්ම ලංකා ගල්අඟුරු සමාගම විසින්  ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 4.5ක් මිලදී ගැනීම සඳහා මෙම ප්‍රසම්පාදනය සිදුකොට තිබුණි. මෙම සැපයුම්කාර සමාගමෙන් ගල් අගුරු සැපයීම සඳහා වන  කිසිදු සුදුසුකමක් පරික්ෂාවට ලක් වී නොකිබුණි. 

ගල් අගුරුසැපයිමේ ලියාපදිංචි සමාගමක් වන  SUEK AG  සමාගම තුළ black sand commodities  සමාගම පවතින බැවින්   මෙම ප්‍රසම්පාදනයේ දී  වෙනම ලියාපදිංචිකිරීමේ අවශ්‍යතාවයක් නොවන බව විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් විගණනයට  දක්වා තිබුණි. 

එහෙත් black sand commodities  සමාගම  ගල්අගුරු සැපයිමේ  ලියාපදිංචි සැපයුම්කරුවකු වන suek AG  සමාගම යටතේ ලියාපදිංචි කළ සමාගමක්  නොවන බවත්  මෙකී සමාගම් දෙක අතර සෘජු සම්බන්ධතාවයක් නොවන බවත් විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

එමෙන්ම ලියාපදිංචි නොවු සැපයුම්කරුවන්ගෙන්  ලැබෙන ලංසු සුදුසුකම  සුදුසුකම් නොලත් ලංසුවක් ලෙස සැලකිය හැකිව තිබු බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත. 

ගල් අගුරු ප්‍රසම්පාදනයට අදාලව  2022 අගෝස්තු මස 03 වැනිදින ලංසු ලේඛනවලට  ප්‍රබල හා  සංවේදි  සංශෝධනයක් කර  ලංසු විවෘත කිරිමට දින 06කට පමණ පෙර  අගෝස්තු මස 05 වැනිදින සැපයුම්කරුවන්ට දැනුම් දි තිබුණි. 

ලංසුකරුවන්ට  අවශ්‍ය කටයුතු සඳහා ප්‍රමාණවත් කාලයක් නොතිබු බැවින් මෙම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ඇතිකිරීමට හැකිව තිබු   තරගකාරිත්වය  ඇතිවි නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

කෙසේවුවද සැපයුම්කරු විසින්  කාර්යසාධන සුරක්ෂණය  ඉදිරිපත්කර නොතිබු බැවින් මෙකී ප්‍රසම්පාදනය  2022 සැප්තැම්බර් මස  22 දින  අමාත්‍ය මණ්ඩලය විසින් අවලංගු කරතිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාට නඩු දමන්නට අධිකරණය අවසර දෙයි… ආර්ථික ඝාතකයින්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ඇරඹෙයි…

Next Post

ත්‍රස්ත පනත යටතේ මුදලිගේ සමග අත්අඩංගුවට ගෙන දින 50ක් රඳවාගත්  අශාන් ජීවන්ත නිදොස් කොට නිදහස්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.