ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ වැඩ භාර ගෙන මාස කිහිපයක් ගත වන්නට ද මත්තෙන් රටේ ආර්ථිකය අවපාතයකට ගමන් කළ හැකි බවට අනතුර අඟවන වාර්තා කිහියක්ම මුදල් අමත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති බව අද සන්ඩේ ටයිම්ස් පුවත් පත හෙළි කරයි.
විශේෂයෙන් කොවිඩ් වසංතය හේතුවෙන් ඇති විය හැකි විදේශ විනිමය අහිමිවීම් ගැන මෙන්ම බදු කපා හැරීමේ තීන්දු මත රාජ්‍ය ආදායම් අහිමි වීම සම්බන්ධයෙන් මෙම අනතුරු ඇඟවිම් සිදු කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
සන්ඩේ ටයිම්ස් පුවත් පත අනාවරණය කරගෙන ඇති ආකාරයට මුදල් අමාත්‍යංශය කැබිනට් මණ්ඩලය වෙත මෙවැනි අනතුර ඇඟවීමේ වාර්තාවක් 2020 වසරේ ජූලි මාසයේදී නිකුත් කර ඇත. 2020 වසරේ මැයි මස13 වැනිදා මුදල් අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය මෙයින් එකකි. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් අතිවූ දේශීය සහ ගෝලීය අර්ථික තත්ත්ව මත අපේ විදේශ සංචිත අඩුවීමේ අවදානමක නිර්මාණය විය හැකි බවය. විශේෂයෙන් සංචාරක කෂේත්‍රය අඩපණ වීම අපනයන අදායම කඩා වැටීම, විදේශවලින් ශ්‍රමිකයන් විසින් එවනු ලබන විදේශ ප්‍රේෂණ අඩු වීම වැනි හේතු මෙන්ම ආනයන වියදම් ඉහළ යාම නිසා මෙලෙස විදේශ සංචිත අභියෝගයකට ලක්විය හැකි බවට මුදල් අමාත්‍යංශය එවකට සිටි කැබිනට් මණ්ඩලයට අනතුරු ඇවීමක් කර ඇත.
මෙම තත්ත්ව මත ඒ වනවිට ඩොලර් බිලියන 7.1ක තිබූ විදේශ සංචිත සියයට 50කින් පමණ අඩුවීමේ අවදානම පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කොට තිබේ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද මෙම අමාත්‍ය මණ්ඩලය සංදේශය අමාත්‍යවරුන්ගේ අවධානයට යොමු කර ඇත්තේ එවකට මුදල් අමාත්‍ය ධුරය ඉසිලු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂෙගේ අත්සනින් යුතුව වීමද විශේෂයකි.
එහිදී 2020 වසරේ මැයි මස සිට දෙසැම්බර් දක්වා ණය සේවාකරණයට සහ පොලි ගෙව්ම්වලට පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක් පමණ වැය වන බවට ගණන් බලා ඇති අතර 2021 සහ 2022 වසර සඳහා අවම වශයෙන් සමස්ත වියදම් සඳහා එම වසර තුළ ඩොලර් බිලියන 6ක්වත් අවශ්‍ය බවට ඇස්තමෙන්තු ගත කර තිබේ.
කෙසේ වුවද මෙම අනතුරු ඇඟවීම් පිළිබඳව සැලකිල්ලක් දක්වා ඊට අදාල පියවර ගැනීම පිළිබඳව නොසලකා හැර ඇතුවා පමණක් නොව තවදුරටත් විදේශ සංචිත අවධානමකට ලක් වන දැවන්ත මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති නතර කිරීමට හෝ සැලසුම් වෙනස් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවද සඳහන් වේ.









