ප්‍රභාත් ජයසූරිය යළත් වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් රංජනය කර ඇත. මේ විශිෂ්ට පන්දු යවන්නා සිය තුන්වන ටෙස්ට් ඉනිමේත් පිට පිටම කඩුලු 05ක් ලබාගෙන සිටී. මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආශ්චර්යය ඔහුය.
සංචාරක පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වනවිට (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙමින් ඇත.
පකිස්තානුවන්ගේ පළමු ඉනිමේ දැනට ලකුණු 194ක් ලබාගෙන ඇත. ඒ කඩුළු 09කටය. තරගය තේ පානය සඳහා නතර වී තිබේ. අවසන් කඩුල්ල සඳහා ලකුණු 48ක විශිෂ්ට සම්බන්ධතාවයක් නසීර් ෂා සහ බාබර් අසාම් අතර ගොඩනැගී ඇත. බාබර් අසාම් නොදැවී ලකුණු 95ක් රැගෙන කඩුල්ලේ රැඳී සිටී.
පළමු ටෙස්ට් තරගයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වන්නට පා දඟ පන්දු යවන්නා පකිස්තානු ඉනිම සුන් කරනු බලා සිටියෙමු. .
එහිදී ප්‍රභාත් විසින් දවාගත් කඩුලු සංඛ්‍යාව 05කි. ප්‍රභාත් ජයසූරියගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ දැවී ගිය පිතිකරුවන් වූයේ අබ්දුල් ශෆීක්, අසාර් අලි, අගා සල්මන්, මොහොමඩ් නවාස් සහ ශහීන් අෆ්‍රිඩි ය.
ප්‍රභාත් ජයසූරිය සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ ඔස්ට්‍රේලියාවට එරෙහිවය. ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහි සිය මංගල ටෙස්ට් තරගයේ දී ඉනිම දෙකේ දී ප්‍රභාත් කඩුලු 12ක් දවාගත්තේය. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් ඉතිහාසයට එක් වූයේ ද මංගල ටෙස්ට් තරගයක දී ක්‍රීඩකයෙකු දවාගත් ඉහළම කඩුලු ප්‍රමාණය ලෙසටය.









