පසුගිය මැයි 09 දා අරගලයේ සිද්ධියත් සමග ගිනි තබන ලද මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ සියලු නිවාස යළි ඉදිකර දීමට තමා තීරණය කර ඇතැයි වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
වැඩ බලන ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අදාල මන්ත්‍රීවරුන්ට දුරකථන මාර්ග ඔස්සේ කාතා කරමින් සිදුව ඇති අලාභානි පිළිබඳව ඔවුන්ගෙන් විමසා බලමින් යළි එම නිවාස තනා දෙන බවට ඔහු පොරොන්දු වී ඇත.
මේ අනුව විනාශයට පත් සියලු නිවාස සහ සිදුව ඇති අලාභානි පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ලබා ගන්නා ලෙස ජනාධිපති අදාල අංශවලට දැනුම් දී ඇත.
පසුගිය මැයි 09 දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමුගැනීම සැමරීම සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් පසු ඊට සහභාගී වූ පිරිස් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් සමග ගොස් කොළඹ ගෝල්ෆේස් පිටියේ එතෙක් සාමකාමීව විරෝධතා ව්‍යාපාරයේ නිරතව සිටි නිර්පාක්ෂික අරගලකරුවන්ට අමානුෂි ලෙස පහර දී ඔවුන් සිටි කූඩාරම් කඩා බිඳ දමා ඒවා ගිනි තබන ලදී.
එම සිද්ධියත් සමග ප්‍රාකෝප වූ ජනතාව රජයේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබනු ලැබීය.
එහි ආසන්නතම සිද්ධිය වන්නේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තැබීමය.
විනාශ වූ මෙම සියලු නිවාස යලි ඉදි කර දෙන බව වැඩ බලන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද ඒ සඳහා මුදල් සොයා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ තවමත් ප්‍රකාශ කළ නොමැත.
මැයි 09 ගිනි තැබූ සියලු නිවාස සම්පූර්ණයෙන් ඉදි කර දෙනවා.. වැ.බ. ජනාධිපතිගෙන් පොහොට්ටුවට පොරොන්දුවක්!









