ලලිත් චාමින්ද –
ඉකුත් වර්ෂයේ දි (2021) කාන්තාවන්ට එරෙහිව බලඅපරාධ සිද්ධින් 567ක් වාර්තා වි ඇති අතර කාන්තාවන් 79 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් ශ්‍රිලංකා පොලිසිය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවක සඳහන්වේ.
ඉකුත් වර්ෂය තුළදි කාන්තාවන්ට එරෙහිව වාර්තා වි ඇති බල අපරාධ සිද්ධින් 567න් වර්ෂය අවසන්වනවිට 355කට අදාල විමර්ශන අවසන්ව නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
කාන්තාවන්ට එරෙහිව වාර්තා වි ඇති බල අපරාධ අතුරින් වැඩිම සංඛාවක් වාර්තා වි තිබුණේ ස්ත්‍රි දුෂණ වන අතර එම සංඛ්‍යාව 186කි. පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය සියයට 43කි. බරපතල තුවාල කිරිමේ සිද්ධින් 194ක් වාර්තා වි තිබු අතර පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය සියයට 35කි. කන්තා ඝාතන සිද්ධින් 55ක් වර්ෂය අවසන්වනවිට තවදුරටත් විමර්ශන මට්ටමේ පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
කෙසේවුවද මේ පිළිබද ගණන්දිමේ නිලධාරියා විගණනයට සඳහන්කොට ඇත්තේ අපරාධ විසඳීමේ ප්‍රතිශතය මිට වඩා ඉහල අගයක් ගතයුතු බවය.
කාන්තාවන්ට එරෙහිව ඇති බල අපරාධ සිද්ධින් සම්බන්ධව විමර්ශන අවසන් කිරිමට කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.







