නිර්ලජ්ජිත ලෙස දේශපාලනිකව හැසිරී බරපතල චෝදනා ගණනාවකට පාත්‍ර වෙමින් පොලිස්පති සිහිනය දකින එක්තරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලගැන්වෙන පොලිස් කොමිස සඳහා නම් ලයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යැවීමට ඇමතිවරයෙක් වෙත ඉදිරිපත් කරඇති බව වාර්තා වේ.
මේ අනුව පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස යෝජනා කරන්නට උත්සාහ කර ඇත්තේ පොලිස් කොමිසමේ සාමාජිකයෙක්ව සිට විෂමාචාර හේතුවෙන් කොමිසමත් විලි ලජ්ජාවට පත් කළ හිටපු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බව දැනගන්නට ඇත.
මෙම සාමාජිකයාගේ නිර්දේශමත පොලිස් කොමිසමෙන් අනුමත වූ සමහර උසස්වීම්, සහ මාරු වීම් ඇතුළු තීන්දු ගණනාවක් අධිකරණය හමුවේ අභියෝගයට ලක් වී නැවත අවලංගු වී තිබිණි.
සාභාපතිවරයාට යෝජිත තැනැත්තා දැඩි කාන්තා ආශක්ත පුද්ගලයෙක් බවත් ඔහුට කාන්තා බිලි දී උසස්වීම් ලබාගත් සමහර නිලධාරීන්ට අධිකරණ නියෝග මත තනතුරු අහිමි වී ගිය බවත් පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ස්වාධීන පොලිස් කොමිසමක් පිළිබඳ දැඩි අපේක්ෂාවෙන් සිටි පොලිස් පොඩ්ඩන් ඇතුළු පොලිසියේ සිටින රටේ නීතියට ගරු කරන බහුතරයක් නිලධාරීන් මේ සිදුවන්නට යන කටයුත්ත සම්බන්ධව දැඩි කළකිරීමකින් පසුවන බව වාර්තා වේ.







