සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුව හැර යන්නෙ නෑ… රනිල් හැර යන්නෙත් නෑ…

ප්‍රංශයේ ඉඳන් ඇවිත් ප්‍රසන්න කියන අමුතු කතාව

by editor
ඔක්තෝබර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පොහොට්ටු හැර නොයන බවත්,   මෙතෙක් පැවති පැරණි දේශපාලන ස්ථාවරය වෙනස් කර  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පූර්ණ සහාය දෙමින් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානමින් සිටින බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසයි.

අද (24) උදෑසන දිවයිනට පැමිණි ඇමති ප්‍රසන්න රණතුංග තමන් මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයෙන් රහස් මත විමසුමක් කැඳෙව්වේ  පොහොට්ටුව හැර යාමට නොව   දේශපාලන තීන්දුවක් ගැනීමට පෙර මහජන නියෝජිතයෙක් ලෙස සිය දේශපාලන බල මණ්ඩලයේ මතය විමසීමට බව   කියයි. එම බලමණ්ඩලයේ බහුතර මතය ජනාධිපතිවරයාට සහාය දීම බැවින් තමන්ගේ  දේශපාලන ස්ථාවරය වන්නේ   ජනාධිපතිවරයාට පූර්ණ සහයෝගය ලබා දීම බවද  ඔහු ප්‍රකාශ කරයි.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා  නිකුත් කර ඇති  නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

“මා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන බවටත් ඒ සම්බන්ධයෙන් මාගේ මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් මා විදේශ ගතව සිටින අතරතුර රහසිගතව ඡන්දයක් පවත්වා ඇති බවටත් පසුගිය සති අන්තයේ පුවත්පත් වල හා වෙබ් අඩවි කීහිපයක පළවූ වාර්තාව පිළිබඳව මාගේ විශේෂ අවධානය යොමු විය.

මෙම රහස් ඡන්දය පැවැත්වූණේ පසුගිය 20 වෙනිදාය. ඒ පෞද්ගලික සංචාරයක් සඳහා මා විදේශගතව සිටියදීය. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී විදේශ ගත වීම සම්බන්ධයෙන්ද ඇතැමුන් මට චෝදනා කර තිබෙනු දක්නට ලැබුණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය හා ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබුණේ ඔක්තෝම්බර් 06 සහ 07 දෙදින තුළයි.  ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය පිළිබඳ විවාදය එම දින දෙක තුළ ගැනීමට පක්ෂ නායකයන් තීරණය කළ නිසා ඔක්තෝම්බර් 20 සහ 21 දෙදින තුළ 22 වන ව්‍යවස්ථා සංශෝධන විවාදය හා ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කෙරුණි.

මාගේ විදේශ ගතවීම සිදුවූයේ මෙම තීරණයට කලින් යොදා ගත් සැලසුමකට අනුවය. 06 සහ 07 දෙදින තුළ අදාල විවාදය හා ඡන්ද විමසීම පැවැත්වූයේ නම් ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීමට මම සුදානමින් සිටියෙමි. පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දුවක් අනුව මෙම විවාදය හා ඡන්ද විමසීම කල් දැමුවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සභානායකවරයාත් දැනුම්වත් කොට ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාට අදාල වගකීම පැවැරිමි. එය සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයකදී අනුගමනය කරන ක්‍රියා පිළිවෙතයි.

මාගේ විදේශ ගතවීම සිදු වුයේ ජනාධිපතිවරයාගේද අවසරය ඇතිව බැවින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදයේදී හිතාමතාම විදේශ ගත වූ බවට මා වෙත එල්ල කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරමි.

පසුගිය 20 වැනිදා මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේදී වර්තමාන දේශපාලන තත්ත්වය තුළ මා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ මෙම ඡන්ද විමසීම සිදු කෙරුණේ මගේ අනුදැනුම ඇතිවය. රට වෙනුවෙන් දේශපාලන තීන්දුවක් ගත යුතු සෑම අවස්ථාවකදීම හෘදය සාක්ෂිය ඇති දේශපාලනඥයෙකු ලෙස මම මාගේ ආසනයේ දේශපාලන මණ්ඩලය අදහස් විමසීම මවිසින් සිදු කරන අතර 2015 දී ‘මහින්ද සුළඟ’ වේදිකාවට මා ගොඩ වූයේද මෙම දේශපාලන මණ්ඩලයේ අනුදැනුම ඇතිවය.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවිය යුතු යැයි මුලින්ම යෝජනා කළේ මමය. ඒ මිනුවන්ගොඩ මෙම දේශපාලන මණ්ඩලයේ අනුදැනුම ඇතිවය. 2018 පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරඟ කළ යුතු යැයි පක්ෂයට මා යෝජනා කළේද මෙම දේශපාලන මණ්ඩලයෙන් කළ මත විමසීමකින් පසුවය.

මෙම දේශපාලන මණ්ඩලය පක්ෂය වෙනුවෙන් හා අප වෙනුවෙන් කැප වූ සාමාජිකයන්ගෙන් සැදුම් ලද්දකි. මෙහි පළාත් පාලන නියෝජිතයන් මෙන්ම විවිධ වෘත්තිකයෝද සිටිති. මෙම ඡන්ද විමසීමේ එක් අරමුණක් වූයේ ගම්මට්ටමින් ජනතාව වර්තමාන දේශපාලනය පිළිබඳව දරණ මතය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට තුළ මතුවූ අර්බුදකාරී අවස්ථාවේදී අගමැතිධුරය භාරගන්නා ලෙස විවිධ පාර්ශව වලට යෝජනා කර තිබුණද ඒ සියළු දෙනා ඊට එකඟතාවය පළ කළේ නැත. රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා එම අභියෝගය භාරගත්තේය. පොහොට්ටුව ඒ සඳහා පූර්ණ සහාය පළ කළේ ඒ අනුවයි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙසත් ඉන් අනතුරුව ජනාධිපතිවරයා ලෙසත් පත්වූයේ මා දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන පොහොට්ටුවෙන් නැතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති මගේ පක්ෂයේ සහායෙනි.

නමුත් ඒ මොහොතේ අපි ඒ පිළිබඳ පාක්ෂිකයින්ගේ මත විමසීමක් කළේ නැත. ඊට හේතු වූයේ ඒ මොහොත වනවිට රට තුළ තිබූ තත්ත්වයයි. මේ නිසා එදා අප කළ දේ නිවැරැදි දැයි මහජන මතය විමසීමේ අවශ්‍යතාවක්ද මට තිබිණ. මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේ රහස් ඡන්දයක් පැවැත්වීමේ අනෙක් හේතුව එයයි. මෙම මත විමසීම කිසිසේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරයාමට කළ මත විමසුමක් නොවේ.

අද (24) උදෑසන දිවයිනට පැමිණිමෙන් පසු අදාල ඡන්ද ප්‍රතිඵලය මා වෙත ලැබී ඇති අතර මෙම දේශපාලන මණ්ඩලය සභිකයන්ගෙන් අතිබහුතරයක්ම පවසා ඇත්තේ මේ මොහොතේ වත්මන් ජනාධිපතිවරයා සමඟ වැඩ කළ යුතු බවයි. ජනාධිපතිවරයාගේ කකුලෙන් නොඇඳ ඔහු ගෙන යන වැඩපිළිවෙලට සහාය පළ කළ යුතු බව ඔවුන්ගේ ස්ථාවරයයි.

අද අපේ රට පහු කරමින් සිටින්නේ රටට තීරණාත්මක කාලයකි. රටේ පවතින ආර්ථික හා සාමාජයීය අර්බුධයෙන් ගොඩ ගැනීම සඳහා අප කළ යුත්තේ පාරට බැස උද්ඝෝෂණය කිරීම හෝ ආණ්ඩුව පෙරලීමට කුමන්ත්‍රණය කිරීම නොවේ. අප කළ යුත්තේ පවතින තත්ත්වය තුළ රට ගොඩ ගැනීමට අපේ සහාය ලබා දීමය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ මොහොතේ සහාය දැක්වීම ‘අලියාගේ පිටේ’ නැගීමක් නොවේ. පොහොට්ටුව අතහැර යාමක්ද නොවේ. එය පොහොට්ටුවේ ජනමතය ආරක්ෂා කිරීම සඳහා මේ මොහොතේ ගත හැකි හා ගත යුතු හොඳම තීරණයයි. ඒ නිසා මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේ මතයටද හිස නමමින් තවදුරටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පවතින අර්බුදයෙන් රට ගොඩ නැගීම සඳහා පූර්ණ සහාය පළ කිරීමට කටයුතු කරමි. ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සුදානම් බවද අවධාරනය කරමි.

රට වෙනුවෙන් හෘදය සාක්ෂියට එකඟව හැමවිටම නිවැරැදි දේශපාලන තීන්දු ගත් මම කිසි විටෙකත් මා පිළිබඳව විශ්වාසය තැබූ ගම්පහ මාගේ ජනතාව පාවා දීමට සූදානම් නැත. ඔවූන් මා කෙරෙහි තිබූ විශ්වාසය අබමල් රේණුවකින් හෝ බිඳ දැමීමටද සූදානම් නැත. කෙසේ වෙතත් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී නොපැකිලව අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට මම සුදානම් බවද අවධාරණය කරමි. ඒ අන් කිසිවක් නිසා නොව සියල්ලට පෙර මාගේ රටත් ජනතාවත් මට වටිනා නිසාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිය අවුරුද්දේ කාන්තාවන් 79ක් මරා දමලා… කාන්තාවන්ට එරෙහි අපරාධ 567ක් සිදු කරලා…

Next Post

වගා ලිඳට වැටුණු  වන අලියා බේරා ගත් හැටි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.