සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් අඟුරු ඉවරයි… ජනවාරි මුල විදුලි අර්බුදයක් ගැන විදුලි ඉංජිනේරුවරු කියති!

by editor
දෙසැම්බර් 16, 2022
in පුවත්
power
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මේ වනවිට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙමින් ඇති නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු දෙසැම්බර් 31 වනවිට අවසන් වීමට නියමිත බවත් නැවත ගල් අඟුරු නැවක් ලංකාවට පැමිණෙනු ඇත්තේ ජනවාරි 06ට ආසන්න දිනයක බවත් පවසන විදුලි ඉංජිනේරුවරු ජනවාරි මුල් දෙසතිය තුළ රට යළිත් බරපතල විදුලි අර්බුදයකට යා හැකි බවට පුරෝකථනය කරයි.

මේ වනවිට විදුලි ඉල්ලුමෙන් සියයට හැට පහකට වැඩි ප්‍රමාණයක් ජනනය වන්නේ තාප විදුලියෙන් බැවින් යම් හෙයකින් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය අක්‍රීය වුවහොත් එම සැපයුම ජලවිදුලියෙන් ආවරණය කරගැනීම කළ නොහැකි බව මේ සම්බන්ධව ලංකාසරට අදහස් දක්වමින්  විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පැවසුවේය.

ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට ආරම්භ වී ඇත්තේ වර්ෂාපතනය නොලැබෙන කාලයක් බවය.

“ මේ වකවානුව ඇතුළෙ වර්ෂාව   අඩු වෙනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි. මේ වනවිට නියං කාලෙ ඇවිත් තියෙන්නෙ. ඒ නිසා තමයි අපි නිතරම කිව්වෙ ගල්අඟුරු ටික ගෙන්නවා ගන්න කියලා.“

“දැන්   අපි ක්‍රියාත්මක වෙන්නෙ විදුලි  ඉල්ලුමෙන්  සියයට 65ක් තාප විදුලියෙන්.  සියයට 35ක් ජල විදුලිය, සුළං විදුලිය, සූර්ය බලශක්තියෙන් ලැබෙනවා. ජල විදුලි ජනනය අඩුවීමත් එක්ක එන්න එන්න තාප විදුලිය පැත්ත වැඩි වෙනවා.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ මේ වනවිට ගල් අඟුරු බලාගාරය   උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ තත්ත්වය තුළ දැනට  ගොඩබාලා තියන ගල් අඟුරු දෙසැම්බර් 31 වෙනවිටට ඉවර වෙන්න නියමිතයි.  ඊලඟ නැව එනනේ ජනවාරි  හය වෙනිදා. ඒ එන නැවේ ගල් අඟුරු ගොඩබාලා බලාගාරය යන්න තවත් දින පහක් විතර ගතවෙනවා. ගල් අඟුරු නැති දවස් දහයකට ආසන්න කාලයක් ජනවාරි මුල ඇතිවෙන්න පුලුවන්. එහෙම  අවදානමක් සහිතව  නොරොච්චෝලෙ බලාගාරය වැහුනොත් විශාල ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න වේවි. “

“ නොරොච්චෝලෙ අක්‍රීය වුනොත්  රටේ තියන සියලුම බලාගාර ටික උපරිමයෙන් ක්‍රියාත්මක වුනත්, විදුලි සැපයුම පූර්ණ කරන්න බැරි අර්බුදයක් එනවා. බොහෝ විට පැය හතරකට ආසන්න විදුලි කප්පාදුවකට යන්න වේවි.  “

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුඩු සහ අයිස් කිලෝ 200ක් දකුණු මුහුදෙන් අල්ලයි…

Next Post

ෂාෆ්ටර් ඝාතනය කොන්ත්‍රාත්තුවක්?… හිටපු ප්‍රවීන ඉංග්‍රීසි ක්‍රිකට් විචාරකයෙක් ගැනත් සැකයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.