ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මහ මුහුදේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් සහ අයිස් (ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්) කිලෝග්‍රෑම් 200 කට අධික ප්‍රමාණයක් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව, නාවික හමුදාවේ බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රාවට ඉන්ධන සපයන තවත් ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා මේ වනවිට ගොඩබිමට රැගෙන ඒමට නියමිතයි.









