රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි තිළිණි ප්‍රියමාලි ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද ( 16) නියෝග කළේය.
අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය නිකුත් කළේය.
රුපියල් පනස් දහසක මුදල් ඇපයක්, රුපියල් මිලියනයක ශරීර ඇපයක් ලෙස ඇප නියම කළ මහේස්ත්‍රාත් වරයා ඊට අදාළ ඇපකරුවන්ගේ පදිංචි සහතික හා වත්කම් සහතික ද ඉදිරිපත් කළ යුතු බවත්, සෑ ම මසක ම අවසාන ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත් නියෝග කළේය.
අධිකරණය ඇයට විදේශ ගමන් තහනමක් ද නිකුත් කළේය.
එසේ ම අගරු වූ චෙක්පත්වලට අදාළ මුදල් ද ගෙවිය යුතු බවට දැඩි අවවාද මත ඇප නියෝගය නිකුත් කර තිබිණි.
රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචා මත තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලිට එරෙහි ව මීට පෙර නඩුකර 8ක් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවල දී විභාගයට ගැනුණි.එම නඩුකර 08 සඳහාම ඇය මින් පෙර ඇප ලැබුවාය.







