කොළඹ අපරාධ කොට්ටාසයේ පිරිසක් විසින් සංවිධානාත්මකව කර ඇති විවිධ අපරාධ සහ විවිධ පාර්ශවල කොන්ත්‍රාත් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට වැබ පොලිස්පතිවරයා විසින් කටයුතු සැලසුම් කරත්ම එහි සේවය කළ නිලධාරින් කීප දෙනෙක් රට හැරයෑමට සූදානම්වන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
නව අධ්යක්ෂවරයෙක් යටතට කොළඹ අපරාධ කොට්ඨාසය පත් කර ලබන සතිය තුළම මෙම විමර්ශන ආරම්භ කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා සැලසුම් කර ඇත.
කෙසේ වෙත්ත මේ සම්බන්ධව අදහස් දක්වන කොළඹ අපරාධ කොට්ඨාසයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ නිලධාරීන් කීප දෙනෙක් මෙම ප්රවේශයත් සමග දැඩි ලෙස නොසන්සුන් වී ඇති බවත්, ඇතැම් විමර්ශන පිළිබඳ ඉතාම සංවේදී ලේඛන විනාශ කිරීමේ අවදානමක් මේ වනවිට පැන නැගී ඇති බවත්ය.







