බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IMF ගැන ජාතික ජනබලවේගය මැතිවරණයට පෙර කියපු දේවල් සහ මැතිවරණයෙන් පසුව කරන දේවල් පරස්පරයි – ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් චෝදනාවක්…

by editor
ඔක්තෝබර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම පිළිබඳව සහ ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් අනුර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේග කණ්ඩායම මැතිවරණ වනතුරු ප්‍රකාශ කළ දේවල් සහ මැතිවරණයෙන් පසුව සිදුකළ ප්‍රකාශ අතර විශාල පරස්පරයක් තිබෙන බව ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.

අද (05) සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කළේය.

අචාර්ය හර්ෂ ද සිල්වාගේ දීර්ඝ පැහැදිලි කිරිම මෙසේය.

“ජනාධිපති මැතිවරණයට පෙර ජාත්‍යන්තර මූලය අරමුදල සම්බන්ධයෙන් ලොකු විවාදයක් තිබුණා. වර්තමාන ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරන්නේ නෑ කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කළ කිසිදු රටක් ගොඩ ගියේ නෑ කියලා ඔහු ප්‍රකාශ කළා. ”

ඒ වගේම අනුර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැවැති විවාදයේදී ඊට විරුද්ධව ඡන්දය ලබා දුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නීති වෙනස් කිරීමේදී ඔවුන් සම්පුර්ණයෙන් විරුද්ධ වුණා.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“ණය තිරසාර කිරීමේ විශ්ලේෂණය Debt Sustainability Analysis මත තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සහ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙළ රඳා පවතින්නේ. ණය තිරසාර කිරීමේ විශ්ලේෂණය වෙනස් කරන්න පුළුවන් කියල ජනතාව මුළා කිරීම නොකරන්න කියලා අපි දිගින් දිගටම ප්‍රකාශ කළා. ණය තිරසාර කිරීමේ විශ්ලේෂණය වෙනස් කරන්න නොහැකි බවත් අපි ප්‍රකාශ කළා. නමුත් ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ ණය තිරසාර කිරීමේ විශ්ලේෂණය වෙනස් කරන බවයි. එය ජනතාව විශ්වාස කරා. ”

“ජාතික ජන බලවේග ආණ්ඩුව , ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම සාධනීය ලෙස වෙනස් කරන්න උත්සහ කරයි කියලා ජනතාව බලාපොරොත්තු වුණා. බැරි වුනොත් අවුරුදු එකහමාරකින් ඒ වැඩපිළිවෙළ දිගටම කරගෙන යන බවත් ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. නමුත් අපි මීට හාත්පසින්ම වෙනස් අදහසක් තමයි ඉදිරිපත් කළේ. කරන්න පුළුවන් මොනාද? කරන්න බැරි මොනවද? කියල අපි කතා කළා.”

“කිසිදු ආකාරයකට ණය තිරසාර කිරීමේ විශ්ලේෂණය ජාතික ජන බලවේග ආණ්ඩුව වෙනස් කරන්නෙත් නැහැ. වෙනස් කරන්න ඉල්ලන්නෙත් නෑ. කිසිම දවසක ජාතික ජන බලවේග ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ නෑ. ඔවුන් මේ සියල්ලටම එකඟ වෙලා තිබෙනවා. 2025 අවුරුද්දේ සියයට පහළවක රජයේ ආදායම ලබා ගැනීම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ප්‍රකාශ කළ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා රාජ්‍ය සේවකයන්ට මාස හයෙන් හයට වැටුප් වැඩි කරනවා කියලා. 2025 ජනවාරි මාසයේ පළමු වැනිදා අයවැයක් ඉදිරිපත් කරන්න වර්තමාන ආණ්ඩුවට හැකියාව ලැබෙන්නේ නෑ. අයවැය ඉදිරිපත් කරන්න වෙන්නේ 2025 පළමු කාර්තුවේ. ඒ නිසා ඔවුන් මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ කිසිවක් සිදු කරන්න හැකියාව ලැබෙන්නේ නෑ. ”

“ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කළා 2032 වන විට සියයට 95 ක් දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය තිබෙනවා කියලා. ණය තිරසාර කිරීමේ විශ්ලේෂණය හරහා එය අඩුකරන බව අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් අපි කිව්වා එය කිරීමට නොහැකියි කියලා. නමුත් ඔවුන් ප්‍රකාශ කළා එය සිදු කරනවා කියලා. ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කරලා තිබෙන්නේ ඇත්ත නෙවෙයි. අනුර දිසානායක ජනාධිපතිවරයා ජනතාවට කිව්වේ එකක් දැන් කරන්නේ තවත් එකක්. ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව දිගින් දිගටම ප්‍රකාශ කළා ණය තිරසාර කිරීමේ විශ්ලේෂණය වෙනස් කරනවා කියලා. නමුත් ඔවුන් එය වෙනස් කරන්නෙත් නෑ. ඒක වෙනස් කරන්නත් බෑ. ”

“ණය ලබාගත් පිරිසගේ ණය විගණනය කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. විගණනයට අනුව කාටද ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ කියලා ආණ්ඩුව තීරණය කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ඊට පස්සේ ගෙවිය යුතු පුද්ගලයන්ට ගෙවනවා ගෙවිය නොයුතු පුද්ගලයන්ට ගෙවන්නේ නෑ කියලා ඔවුන් ප්‍රකාශ කළා. ජාතික ජන බලවේගය මේ ප්‍රකාශ කරලා තිබුණේ සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. වර්තමාන ආණ්ඩුව මේ වන විට එකඟ වෙලා තිබෙනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ කිසිදු වෙනසක් නැතුව ක්‍රියාත්මක කරන්න. හොරකම් කළ සල්ලි ගෙවන්නේ නෑ කියලා පුළුවන්නම් වර්තමාන ආණ්ඩුව එක දවසක් ණයහිමියන් සමඟ සාකච්ඡාවක් පවත්වලා ප්‍රකාශ කරන්න. ජනතාව වෙනුවෙන් ඇත්තටම ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරන්න සූදානම් කියලා පුළුවන් නම් ණයහිමියන් සමඟ සාකච්ඡාවක් පවත්වලා ප්‍රකාශ කරන්න. එවැනි ප්‍රකාශයක් කිසි දවසක වර්තමාන ආණ්ඩුව සිදු කරන්නේ නෑ. ”

“රජයේ සේවකයන්ගේ වැටුප මාස හයෙන් හයට වැඩි කරනවා කියලා , ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න සුබෝධනී වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා ජාතික ජන බලවේගය ගුරුවරුන්ව පාරට බැස්සුවා. සුබෝදනි වාර්තාව ක්‍රියාත්මක කරනවා ඒ නිසා ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්න කියලා ඔවුන් ප්‍රකාශ කළා. දැන් අනුර දිසානායක ජනාධිපතිවරයා සුබෝධනී වාර්තාව ගැන කිසිදු කතාවක් නැහැ. ජනාධිපතිවරයා වැටුප් වැඩි වීමක් ගැන කතා කරන්නෙත් නෑ. ”

“ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන දේවල් සිදු කළොත් රට කඩාගෙන වැටෙන බව අපි එදා ජනතාවට ප්‍රකාශ කළා. නමුත් ගෝඨාභය රාජපක්ෂට ජනතාව ඡන්දය ලබා දුන්නා. ඉන් පසුව රට කඩාගෙන වැටෙන්න ගියා. රට කඩාගෙන වැටෙන්න යන අවස්ථාවේ අපි ප්‍රකාශ කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා රට ගොඩ ගන්න කටයුතු කරන්න කියලා. නමුත් අපි කියපු දේ රාජපක්ෂ ආණ්ඩුව එය පිළිගත්තේ නැහැ. ඉන් පසුව රට කඩාගෙන වැටුණා. නමුත් අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන්න ශ්‍රී ලංකාවට සිද්ධ වුණා. ඉන්පසුව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම වෙනස් කරනවා කියලා. ඉන්පසුව ජනතාව ජාත්‍යන්තර මූල අර මුදල සමග ඇතිකරගත් ගිවිසුම වෙනස් කරන්න ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන්නා. නමුත් අද වන විට ජාතික ජන බලවේගය ඒ සම්බන්ධයෙන් කිසිම වචනයක් කතා කරන්නේ නෑ. ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යනවා. ”

“අනුර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ණය තිරසාර කිරීමේ විශ්ලේෂණය DSA වෙනස් කරන බව කිව්වා , ණය ප්‍රතිව්‍යුහගතකරනයේදී විගණනය කරන බව සඳහන් කළා. රටෙන් හොරකම් කළ සල්ලි ගේනවා කියලා ණය ප්‍රතිවිපතකරණය කරන්නේ ජනතාව වෙනුවෙන් ගත්ත ණය සඳහා පමණක් බව කිව්වා. මේ සම්බන්ධයෙන් කිසිම වචනයක් මේ වනතුරු කතා කරල නෑ. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න අනුර දිසානායක ජනාධිපතිවරයා මේ වන විට එකඟ වෙලා තිබෙන්නේ. ”

“බදු අය කිරීමේ සීමාව ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ගෙනියන බව කිව්වා. ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් මේ වනතුරු අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කරල නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම , ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් අනුර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේග කණ්ඩායම මැතිවරණ දිනය වනතුරු ප්‍රකාශ කළ දේවල් සහ මැතිවරණයෙන් පසුව ඔවුන් සිදු කරන දේවල් අතර විශාල පරස්පරයක් තිබෙනවා. ජාතික ජන බලවේගය ඇතුළු කණ්ඩායම සිදු කළේ ජනතාව රැවට්ටවීමක්. ”

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ හොයන්නට සූදානම්… නිලධාරීන් පිරිසක් දැඩි ලෙස නොසන්සුන්!

Next Post

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත් වන්න… මන්ත්‍රීවරුන් 108කට ලිඛිතව දැනුම් දෙයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.