බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසි කෙනෙක් අනාථ වෙන්නේ නෑ… වැලි මංකඩටවලින්  වැලිකන්ද ගොඩදාන සැලැස්ම  වැලිකන්ද ප්‍රාදේශීය සභාව හෙළිකරයි…

by editor
පෙබරවාරි 10, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

වැලිකන්ද ප්‍රාදේශය සභා බල ප්‍රදේශයේ වසර ගණනාවක් දේශපාලන ආධාරකරුවන් සහ හිතවතුන් විසින් පවත්වාගෙන ගිය සියලු වැලි කැණීම් බලපත්‍ර සහ මංකඩ සභාවට පවරාගෙන, හරිත මංකඩ වැලි කැණීම් ව්‍යාපෘතිය යටතේ වැලිගොඩ දැමීමට අනුමැතිය ඉල්ලා වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. ඩබ්ලිව්  වසන්ත   විසින් අද (10)  පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී ගෙනා කෙටුම්පත සියලු පක්ෂ විපක්ෂ සභිකයෝ ඒකමතිකව සම්මත කළහ. 

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දෙදෙනකු වූ ‍ප්‍රියන්ත ප්‍රේමදාස   සහ ජයලත් ගුණසිංහ   සඳහන් කළේ  මීට පෙර වැලිමංකඩ පවත්වාගෙන ගිය අයවලුන්ටත් වැලි මංකඩවල අයිතියක් හා අවස්ථාව ලබාදී මෙම හරිත මංකඩ ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රදේශයේ මහා සංඝරත්නයද දැනුවත් කිරීමෙන් අනතුරුව තමන් ඊට එකඟත්වය පළ කරන බවය.

ඒ අනුව මොණරතැන්න,බෝවත්ත,වැලිකන්ද,වඩමුනේ, හා කුඩාඔය යන ප්‍රදේශවල පෞද්ගලික මංකඩලාභින් විසින් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය වැලිමංකඩ 112 ක් සභාවට පවරාගෙන ඉන් ලැබෙන විශාල ආදායමින් ප්‍රදේශයේ සංවර්ධනයට සහ ජනතාවගේ සුබ සාධන වලට යොදා ගන්නා බවට  කෙටුම්පත සභාවට ඉදිරිපත් කරමින් වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. ඩබ්ලිව්. වසන්ත   සඳහන් කළේය.

මෙතෙක් වැලිගොඩ දැමූ මංකඩලාභීන් විසින් ප්‍රදේශයේ ගංගා සහ ඉවුරුවලට දැඩි හානියක් කර  පරිසර විනාශයක්  සිදුකර ඇති බවත්, සභාව මගින් ඉදිරියේදී ක්‍රියාවට නන්වන හරිත මංකඩ ව්‍යාපෘතිය හරහා බෝවත්ත, ප්‍රදේශයෙන් වැලිකියුබ් තුනක් රුපියල් 36,750 කටත් වැලිකන්ද ප්‍රදේශයේ මංකඩවලින් කියූබ් තුනක් රුපියල් 32390 කට ලබාදීමේ හැකියාව පවතින බවත්  සභාපතිවරයා  මෙහිදී කීය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

හරිත මංකඩ ව්‍යාපෘතිය යටතේ වැලිමංකඩ ලබාදීමේදී ප්‍රදේශයේ අයවලුන්ට ප්‍රමුඛත්වය ලබාදී, වැලිගොඩ දමන කම්කරුවෙකුට කියුබ් එකක් සඳහා රුපියල් 5000 ක ගෙවිමක්ද, වැලි ගොඩදමන කාන්තාවන්ට වෙනම සුබ සාධන ව්‍යාපෘතියක් ද  ක්‍රියාත්මක කරන බව  සභාපතිවරයා මෙහිදී පැවසීය.

ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානය සහ පොදු කටයුතු වලදී වැලි ලබාගැනීම සඳහා පොදුවේ  වෙනම මංකඩක් ආරම්භ කරන බවත්, වැලි ගොඩදමන කම්කරුවාට රක්ෂණ රැකවරණයක්, ආහාරවේලක්, උදෑසන කඩල, කව්පි, මුං ඇට බෙලිමල් වතුර ලබාදී  ඔවුන්ට   ගෞරවය සහිතව වෘත්තීය කිරීමට   මේ යටතේ හිමිවන බවද සභාපතිවරයා  කීවේය.

වැලිගොඩ දමන කම්කරුවන්ගේ ගෞරවය රැකෙන පරිදි වෘත්තීය වටිනාකමක් ලබාදී, හොඳම වැලිගොඩ දමන පුද්ගලයා සහ මංකඩලාභියා තෝරාගෙන ඔවුන් ඇගයීමේ වැඩපිළිවෙළක්ද ඉදිරියේදී ක්‍රියාත්මක කර සියලු ක්‍රියාවලිය පිළිබඳ මාසිකව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට මේ යටතේ කටයුතු කරන බවද  සභාපතිවරයා සහතික වුනේය.

ප්‍රදේශයේ මීට පෙර වැලිගොඩ පුද්ගලයන් සියලු දෙනාට හරිත මංකඩ ව්‍යාපෘතියේ කොන්දේසි වලට යටත්ව වැලිගොඩ දැමීමට අවස්ථාව ලබාදෙන බවත්, ඊට එකඟ නොවී, මාධ්‍ය සාකච්ඡා පවත්වා, බාධාවන් සිදු කරමින් ව්‍යාපෘතිය අසාර්ථක කිරීමට උපක්‍රම යොදන්නේ නම් ඊට සභාවක් ලෙස ප්‍රති උත්තර දෙමින්  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධන  ක්‍රියාවලියට උපරිම කැප කිරීම් සිදුකරන බවත් ප්‍රාදේශීය සභා සභපති ඩී.ඩබ්ලියු වසන්ත අවධාරණය කළේය.

ඌණ සංවර්ධිත ප්‍රදේශයක් බවට පත් වී ඇති  වැලිකන්ද බල ප්‍රදේශය ගොඩනැගීම සඳහා හරිත මංකඩ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට තමන්ගේ උපරිම දායකත්වය සහ සහයෝගය ලබාදෙන බවත්, යම් අකටයුත්තක් සිදුවේ නම් නොපැකිලව ඊට විරෝධය දක්වන බවත්  මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරු    සඳහන් කළහ.

කූඩවලින් වැලි ගොඩදමන පාරම්පරික වැඩකරුවන් තුන්දාහකට රැකියා අහිමි කළ රජයේ තීන්දුවට එරෙහිව මනම්පිටියෙන් දැඩි විරෝධයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැඹුරැ මුහුදේ දී ධීවරයින්ට පහර දීම – පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ඇරඹෙයි!

Next Post

කැනඩාව මළගෙයක් කළ ඛේදවාචකය… පාසල තුළ දි ඝාතකයාගේ වෙඩි පහරට ලක්ව දැනට 10ක් මරුට… තවත් 25කට තුවාල… ඉන් දෙදෙනෙක් අසාධ්‍යයයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.