බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩාව මළගෙයක් කළ ඛේදවාචකය… පාසල තුළ දි ඝාතකයාගේ වෙඩි පහරට ලක්ව දැනට 10ක් මරුට… තවත් 25කට තුවාල… ඉන් දෙදෙනෙක් අසාධ්‍යයයි…

by editor
පෙබරවාරි 11, 2026
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

බ්‍රිටිෂ් කොලොම්බියා පළාතේ ඊසානදිග ප්‍රදේශයේ, රොකී කඳුවැටිය (Rocky Mountains) පාමුල පිහිටි ටම්බ්ලර් රිජ් යනු ස්වභාවික සෞන්දර්යයෙන් පිරිපුන් සාමකාමී ගම්මානයකි. වැන්කුවර් නගරයේ සිට කිලෝමීටර් 1,000කට වඩා ඈතින් පිහිටි මෙහි වෙසෙන ජනගහනය 2,400කටත් වඩා අඩුය.

1980 දශකයේ මුල් භාගයේදී ගල්අඟුරු කැණීම් කර්මාන්තය මුල් කරගනිමින් නිර්මාණය වූ මෙම නගරය, පසුකාලීනව ලෝක ප්‍රසිද්ධියට පත් වූයේ එහි ඇති ප්‍රාග් ඓතිහාසික වටිනාකම නිසාය. යුනෙස්කෝ (UNESCO) ලෝක භූ-උද්‍යානයක් ලෙස නම් කර ඇති මෙහි, වසර මිලියන ගණනක් පැරණි ඩයිනෝසෝර පා සලකුණු සහ පොසිල හමුවන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සැලකේ.

මේ සාමකාමී සුන්දර  ගම්මානයේ පිහිටි ප්‍රධානම ද්විතීය පාසල අද කැනඩාවම හඬවන මළ යෙක්  නිර්මාණය කළේය.  7 වැනි ශ්‍රේණියේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන දරුවන් 175 දෙනෙකුගෙන් යුත් ඉස්කෝලය ලෙයින් නැහැවී ගොස් තිබිණි.  එය කිසිවෙකු ප්‍රාර්ථනා නොකළ තක්සේරු නොකළ  ආකාරයේ ව්‍යසනයකි.  පාසල තුළ වෙඩි තැබිමක් සිදුවී තිබිණි.  ඒ වෙඩි  තැබීමකින් පුද්ගලයින්  10 දෙනෙක් දැනට මිය ගොස් තිබේ.

මිය ගිය අතර ඝාතකයා බවට සැක කරන දුඹුරු හිසකෙස් සහිත සාමාන්‍ය ඇඳුමකින් සැරසුන කාන්තාවක ද වේ.

වෙඩි ප්‍රහාරයෙන් 25කට වැඩි පිරිසක් තුවාල ලැබුවේය. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.   ඔවුන් දෙදෙනා හදිසි ප්‍රතිකාර සඳහා ගුවන් මගින්   විශේෂිත රෝහල් වෙත රැගෙන ගොස් ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සෙසු පිරිසගේ තුවාල ජීවිත අවදානමක් නොවන මට්ටමේ පවතින අතර, ඔවුන් ප්‍රදේශයේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිති.

රෝයල් කැනේඩියන් මවුන්ටඩ් පොලිසිය විසින් තහවුරු කර තොරතුරු අනුව සිද්ධිය වාර්තා වන්නේ මෙසෙය. පෙබරවාරි 10 වැනිදා එනම් ඊයේ  දේශීය වේලාවෙන් පස්වරු 1:20 ට පමණ  පාසල තුළින්  මෙම මාරක වෙඩි තැබීම ආරම්භ වී තිබිණි.

සක්‍රීය වෙඩික්කරුවෙක් සිටින බව තහවුරු වූ වහාම ක්‍රියාත්මක වූ  පොලිසිය අදාල ස්ථානය වෙත ලඟා වන්නේ ප්‍රදේශය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමිනි.  ගම් වැසියන්ට ස්වකීය වාසස්ථානවලින් පිටව නොයන ලෙසට නියෝගයක් නිකුත් කෙරිනි. තත්ත්වය පාලනය කිරීමෙන් පසු එම නියෝගය ඉවත් කෙරුණි. මේ අතරතුර, ආසන්න රෝහල්  හදිසි ප්‍රතිකාර අවශ්‍යතා වෙනුවෙන් සූදානම් කෙරිනි.

සිද්ධියට මුහුණ දුන් පාසල් දරුවන්ගේ අත් දැකීම් වාර්තා කරන CBC පුවත් සේවය පවසන්නේ   අනතුරු ඇඟවීමේ නිවේදනයක් දරුවන්ට නිකුත් කළ පසු ඔවුන් පාසල් පන්ති කාමරවල දොරවල් වසාගෙන එම කාමර තුළ සැඟවී සිට ඇති බවය. පැය දෙකක් පමණ ඒ ආකාරයෙන් සිටි පාසල් සිසුන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 100කට ආසන්න පිරිසක් ආරක්ෂිතව එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට බලධාරීන් පසුව පියවර ගෙන තිබේ.  අනතුරුව සිදුකළ සොයා බැලීම්වලදී පාසල තුළ වෙඩි තබා  ඝාතනය කළ පුද්ගල මළ සිරුරු හයක් හඳුනාගත හැකි විය.

තහවුරු කර නැතත් මෙම මළ සිරුරු  පාසල් දරුවන්ගේ විය හැකි බවට විදෙස් මාධ්‍ය දක්වා තිබේ.  බරපතල තුවාල ලබා රෝහල වෙත රැගෙන යන විට තවත් අයෙක් මිය ගොස් ඇත. සිද්ධියට සම්බන්ධ බව සැක කරන තවත් මළ සිරුරු දෙකක් අසල පිහිටි නිවසක තිබී හමුවී තිබේ.

අපරාධය සිදුකළ පසු ඝාතකයා ද මිය ගොස් තිබේ. ඒ සිය දිවි නසා ගැනීමකිනි. ඝාතකයාගේ තොරතුරු අනාවරණය කිරීමට පොලිසිය තවමත් කටයුතු කර නැත. නමුත් එම මිනීමරුවාගේ අනන්‍යතාවය මේ වනවිට ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන තිබේ.

මෙම ඛේදවාචකය 1989 වසරේ මොන්ට්‍රියල් හි සිදු වූ සමූහ ඝාතනයෙන් පසු කැනඩාවේ පාසල් වෙඩි තැබීම් ඉතිහාසයේ වාර්තා වූ මාරාන්තිකම සිදුවීම ලෙස සැලකේ’

රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ අගමැති  ඩේවිඩ් ඊබි (David Eby) මෙම සිදුවීම “කල්පනා කළ නොහැකි තරම් බරපතල  ඛේදවාචකයක්” ලෙස හඳුන්වමින් සිය කණගාටුව ප්‍රකාශ කර සිටියේය. ප්‍රජාවට අවශ්‍ය සහාය ලබා දීමට පියවර ගෙන ඇති අතර, පාසල සතියක කාලයක් සඳහා වසා දමා සිසුන්ට සහ පවුල්වලට අවශ්‍ය මානසික සෞඛ්‍ය උපදේශන සේවා ආරම්භ කර තිබේ.

මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ තුවක්කු පාලනය සහ පාසල් ආරක්ෂාව පිළිබඳ සංවාදය යළිත් දැඩි ලෙස කරළියට පැමිණ ඇත. ප්‍රහාරයට හේතුව   සහ සැකකරුගේ පසුබිම පිළිබඳව පොලිසිය තවදුරටත් විමර්ශනය කරන අතර, මෙයට සම්බන්ධ තවත් සැකකරුවන් සිටීද යන්න පිළිබඳව ද ගවේෂණය කරමින් සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිසි කෙනෙක් අනාථ වෙන්නේ නෑ… වැලි මංකඩටවලින්  වැලිකන්ද ගොඩදාන සැලැස්ම  වැලිකන්ද ප්‍රාදේශීය සභාව හෙළිකරයි…

Next Post

යුක්තිය තොරාගත් පිරිසකට පමණයි… සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටිමින් චන්ද්‍රිකා ආණ්ඩුවට බරපතල චෝදනාවක් කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.