සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති ගමන් කළ හෙළිකොප්ටරය කඩා වැටෙයි… මීදුම සහ අඳුර වැටීම නිසා ගලවා ගැනීමේ මෙහෙයුම් අතිශය සංකීර්ණ වෙලා!

by editor
මැයි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරයක් ​​දැඩි මීදුමකින් කඳුකරය තරණය කරමින් සිටියදී අද (19) කඩා වැටුණු බව ඉරාන නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක් ​​මැයි 19 වැනිදා ඉරාන-අසර්බයිජාන් දේශසීමාව අසලින් පිටත්ව ඉරණම් ගමන යෑම ආරම්භ කළ අවස්ථාව… CNN

ඊබ්‍රහීම් රයිසි සම්බන්ධව අපට අතිශයින් සමීප මතකයක් තිබේ. උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිල වශයෙන් ජාතියට තිළිණ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා   සති තුනකට පෙර, එනනම් අප්‍රේල් මස 24 වැනිදා   රයිසි  මත්තලින් ලංකාවට පැමිණියේය. ජනාධිපතිවරයා සමග ද්වී  පාර්ශවික සාකච්ඡා පැවැත්වූයේය. රටේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්දේසි විරහිතව සහය පල කිරීමට සපථ විය.

Iran
ඊබ්‍රහීම් රයිසි උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට ලංකාවට පැමිණි අවස්ථාව…

එමෙන්ම ඔහු බටහිර බලවතුන්ට ඍජුව ප්‍රතිචාර දැක්වූ පෞරුෂවත් ලෝක නායකයෙක් වූයේය. ඇමරිකාව ඇතුළු බටහිර ආවරණය යටතේ එම කඳවුරේ නියෝජනයක් ලෙස කටයුතු කරන ඊශ්‍රයාලයට පසුගිය අප්‍රේල් 15 වැනිදා ඉරානය ඩ්‍රෝන වර්ෂාවක් බඳු ප්‍රහාරයක් එල්ල කරන්නේ ලෝකයම තිගස්වමිනි.

සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ විදේශීය ශාඛාව වන කුඩ්ස් බළකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි  බ්‍රිගේඩියර් ජෙනරල් මොහොමඩ් රීසා සහේඩි ඇතුළු 13 දෙනෙක්  ඝාතනය කිරීමට පිළිතුරු ලෙස මෙම ප්‍රහාරය එල්ල කළේය.  මේ පසුබිමේ දී ඉරාන ජනාධිපතිවරයා ලෝකයේ දැඩිව අවධානය දිනාගත් නායකයෙක් වූයේය.

රොයිටර් පුවත් සේවය වර්තා කරන්නේ මේ වනවිට ගලවා ගැනීමෙ කණ්ඩායම් සිද්ධිය වූ ස්ථානයට යමින් සිටින බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉරානයේ අසර්බයිජාන් දේශසීමාව වෙත ගොස් ආපසු එන අතරතුර සිදු වූ හෙලිකොප්ටර් අනතුරෙන් පසු රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්ඩොල්ලාහියන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බව ඉරණයේ අභ්‍යන්තර තොරතුරු අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන Qiz-Qalaisi වේල්ල විවෘත කිරීම සඳහා සහභාගීවීමට රයිසි  අසර්බයිජාන දේශ සීමාවට ගොස්  තිබේ.

ඊබ්‍රහීම් රයිසි සහ ඔහුගේ අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියේව් දෙපාර්ශවය විසින් එක්ව ඉදිකරන ලද Qiz Qalasi වේල්ල අසල….

“අපි තවමත් බලාපොරොත්තුවෙන් සිටිනවා.  නමුත් කඩාවැටුණු ස්ථානයෙන් ලැබෙන තොරතුරු ඉතා යහපත් නැ,” නිර්නාමික කොන්දේසිය මත සිද්ධිය ගැන රොයිටර් වෙත නිලධාරියෙක් පවසා ඇත.

අයහපත් කාලගුණය ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කරමින් සිටි බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය IRNA වාර්තා කර තිබිණි. ඉරාන හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා හමුදාවේ සහ  විප්ලවවාදී ආරක්ෂක බළකායේ සියලු සම්පත් සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදා ගන්නා ලෙස නියෝග කර තිබේ.

රට පුරා රයිසි වෙනුවෙන් යාඥා පවත්වන බව පෙන්වීමට රාජ්‍ය රූපවාහිනිය සිය නිත්‍ය වැඩසටහන් සියල්ල නවතා   දැඩි මීදුමක කඳුකර ප්‍රදේශයේ පා ගමනින් යොදවා ඇති ගලවා ගැනීමේ කණ්ඩායම් සජීවීව ආවරණය කරමින් ඇත.

ගලවා ගැනීමේ කණ්ඩායම් ඉරාන වේලාවෙන් අද    සවස් වන විට අනතුර සිදුවූ ස්ථානයට ළඟා වනු ඇතැයි අපේක්ෂා  කළත් මේ වනවිට   ඉරාණයට අඳුර වැටී තිබීමෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ඉතාම සංකීර්ණ වී ඇත. මීට ස්වල්ප වෙලාවකට පෙර හදිසි ඉරාණ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබිණි.

63 හැවිරිදි රයිසි 2021 දී ජනාධිපති ලෙස තේරී පත් වූයේය.   අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි ඉරාණ රාජ්‍ය රූපවාහිනියට පමණක් පැවසුවේ   හෙලිකොප්ටර් යානයක් සිද්ධියෙන් අතුරුදහන් වී  ඇති බවත්, බලධාරීන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බවත්ය

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිටි සෙන්ටර් රථ ගාලේ දී ඉරාණ තානාපතිට පහර දී වාහනයට යට කරන්න හැදූ මැරයා රිමාන්ඩ්…

Next Post

රාත්‍රී අඳුර සහ දැඩි මීදුම හේතුවෙන් රයිසි සෙවීමේ ගුවන් මෙහෙයුම් අදට නවතා දමයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.