කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ වැඩසටහනේ තාක්ෂණික හා මූල්‍ය දායකත්වය යටතේ මෙරටින් පළමුවරට මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් හඳුන්වා දීමට වැලිමඩ, දරගල පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක නැමැති නවෝත්පාදකයෙක් සමත්වී ඇත.
බීජ ලබා ගැනීම සඳහා යොදාගන්නා වියළි මිරිස්වල පොත්ත උපයෝගි කර ගනිමින් මේ අතුරු නිෂ්පාදනය කරනු ලබයි.
දරුවන්ට සහ වැඩිහිටියන්ට වශයෙන් නිෂ්පාදන විශේෂ දෙකක් හඳුන්වාදී තිබේ.
ඉදිරියේදී මේ මිරිස් අයිස්ක්‍රීම් වෙළෙඳපොළට නිකුත් කිරීමට රුවන් ලංකාතිලක සැලසුම් කර ඇත.
මේ මිරිස් අයිස්ක්‍රීම් අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙන අතර පැණි රස සහ මිරිස් රස එකට එකතු කර නවමු රසයකින් මේ අයිස්ක්‍රීම් රස විඳීමට හැකි බව ඒ ඔහු සඳහන් කරයි.
ලසන්ත විසින් නිෂ්පාදනය කරන ලද මිරිස් අයිස්ක්‍රීම් පසුගියදා ඇමැති මහින්ද අමරවීර සහ රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා වෙත පිරිනමනු ලැබීය.
ඌව විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණික පීඨයේ මාර්ගෝපදේශකත්වය යටතේ මේ මිරිස් අයිස්ක්‍රීම් වට්ටෝරුව පිළිබඳ පර්යේෂණ සිදු කළ අතර, එම වට්ටෝරුව සාර්ථක වීම නිසා මේ නිෂ්පාදනය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. ( බුද්ධිකා ඉඹුලාන – දිනමිණ)