අධිකරණ නියෝගයට පිටින් ගොස් මේ විරෝධතාවය වැලැක්වීම සදහා පාරවල් වසා දමා ඇත්තේ පොලිසිය බව අන්තර් විශ්වවිද්‍යාලශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේ පැවසීය.
“ඔය බැරියර් පෙරළන එක අපට කිසිම දෙගිඩියාවක් නෑ. හැබැයි අද අපි එන්නෙ මේ ප්‍රශ්නය දෙකෙන් එකක් බේරගන්න. ඕන විදිහට ආක්ෂාව තර කරගන්න.“ ඔහු ප්‍රකාශ කළේය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන විසින් අද කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමනක් හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට විහිදෙන ප්‍රධාන මාර්ග කිහිපයක් පොලීසිය විසින් ජී.අයි යකඩ බට යොදා අවහිර කර තිබිිණි.
පා ගමන සංවිධානය කර තිබුණේ කොළඹ කොටුව දුම්රියපල ඉදිරියේ සිට ගොල්ෆේස් පිටිය දක්වාය. ලඟම ප්‍රවේශය වන කොළඹ ලෝටස් පාර සම්පූර්ණයෙන්ම පොලිසිය විසින් අවහිර කරනු ලැබූ අතර . විරෝධතාකරුවන්ට චෛත්‍ය පාරට සහ ජනාධිපති මාවතට එන්එස්ඒ වටරවුමෙන්, යෝර්ක් වීදියෙන් සෙරමික් හන්දියෙන්, ජී.ඕ.ඔච් හන්දියෙන් ගාලු මුවදොර දෙසට ඇතුළුවීම වළක්වා ඇත.
මේ අතර ඊයේ කොටුව පොලස් සථානාධිපතිවරයා විසින් අද පැවත්වීමට නියමිත කොළඹ කොටුව සිට ගාලු මුවදොර දක්වා ගමන් කරන විරෝධතා පා ගමනකින් රාජ්‍ය දේපළවලට හානි සිදුවිය හැකි බැවින් එය නතර කරන ලෙසට කොටුව මහේසත්‍රාත්වරයාගෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය. මෙම විරෝධතා පා ගමන සඳහා මේ වනවිට සිසුන් සූදානමින් සිටින බව වාර්තා වේ.
කියවන්න…








