ශ්‍රියානි විජේසිංහ –
වෛද්‍යවරුන් කෙරෙහි මිනිසුන් තුල පවතින විශ්වාසය බිදවැට්ටවීමට කිසියම් මාෆියාවක් ක්‍රියාත්මක වෙන බවට සැකයක් පවතින්නේ යැයි ද මෙයට හොඳම සාධකය පෙන්නුම් කළ හැක්කේ පසුගිය දිනවල ව්‍යාජ ලිපිලේඛණ ඉදිරිපත් කරමින් මෙරටට ගෙන ආ Immunoglobulin ප්‍රතිදේහ එන්නත ලබා දුන් රෝගීන්ට ඇතිවූ අසාත්මිකතාවන් නිසා දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් කිරීමට සිදුවීම යැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන සඳහන් කරයි.
ජාත්‍යන්තර වශයෙන් පවා කීර්තියට පත් වෛද්‍යවරුන් සිටින අප රට තුළට දැන් දැන් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා එම කීර්තිය නැතිකර මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැට්ටවීමේ කුමන්ත්‍රණයක් දේශීය හා විදේශීය වශයෙන්ද ක්‍රියාත්මකවන බවට සැක මතුව ඇතැයි විශේෂඥවරයා පවසා සිටියි.
ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර රෝගීන්ට අසාත්මිකතාවක් ඇතිවන තැන වනතෙක් ප්‍රමිතියෙන් බාල ඖෂධය වැටකඩොලු 10 – 15 පසුකළේ කෙසේද යන්න මවිතය දනවන කරුණක් බවත් මෙය මහ දවල් සිදුවූ බරපතල හොරකමක් වැනි සිදුවීමක් බවත් වෛද්‍ය දර්ශන පෙන්වාදේ.
ඖෂධයක් මෙරටට ගෙන ඒමට ප්‍රථම විශේෂඥයින් 5 දෙනෙකුගෙන් සැදුම්ලත් තාක්ෂණික කමිටුවක් පත්කිරීම අනිවාර්යය වුවත් මෙම ඖෂධය ගෙන ඒමට එවැනි කමිටුවක් පත්කර නොමැති බවත් මෙම හොරකේම ආරම්භය සිදුවන්නේ මෙතැන් සිට බවත් හෙතෙම පෙන්වාදේ.
මෙම ඖෂධයේ එන්නත් කුප්පි 22 500ක් ගෙන ඒමට අනුමැති ලැබී ඇති බැවින් මෙය මුළුමනින්ම ගෙන ආවේ නම් රජයට රුපියල් බිලියනයක පමණ මුදලක් අහිමි වීමට ඉඩ තිබු බව විශේෂඥවරයා අවධාරණය කරයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරිවරයාගේ නිල මුද්‍රාව සහ අත්සන යොදා ගැනීම සම්බන්ධයෙන් විධාකය නිලධාරිවරයා කිසිවක් නොදන්නා බවත් මෙය සිදුවිය නොහැක්කක් බවත් පැවසුවද එවැනි අදහස් පිලිගත නොහැකි බව පවසන විශේෂඥ දර්ශන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකලාපය මුල සිටම සැක සහිච බව තම සංගමය දිගින් දිගටම ප්‍රකාශක කළද එය බීරී අලින් විණා වයන්නාක් බඳු වී යැයි කීවේය.







