දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවියකට තම ලිංගේන්ද්‍රිය පෙන්වා ලිංගික ක්‍රියාකාරකමකට පැමිණෙන ලෙස බලකළ පුද්ගලයෙකු මේ මස 20 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරණ ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා 10 දා නියෝග කොට තිබේ.
එම පුද්ගලයාව යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කොට ඔහු සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක්ද එදිනට අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවිය දේශනයකට සහභාගී වී ආපසු ඇයගේ නේවාසිකාගාරය වෙත යමින් සිටියදී පාළු ප්‍රදේශයක සිටි පුද්ගලයෙකු සිසුවියට මෙම ඇසැබි ක්‍රියාව සිදුකොට තමා සමග ලිංගිකව එක්වන ලෙසද බල කොට තිබේ.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුවිය කෝපායී පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ගොස් අදාල සැකකරු අත් අඩංගුවට ගෙන යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.







