ශ්‍රියානි විජේසිිංහ –
ව්‍යාජ ලිපිලේඛණ ඉදිරිපත් කරමින් මෙරටට ගෙනා Immunoglobulin නැමැති ප්‍රතිදේහ ඖෂධය සම්බන්ධයෙන් රහස් පොලිස් පරික්ෂණ තවමත් ආරම්භ කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේය.
මෙම ගනුදෙනුවට සම්බන්ධ සියලුම විස්තර මේ වන විට රහස් පොලිසියට බාරදී ඇති නමුත් ඔවුන් මේ වන තෙක් පරික්ෂණ ආරම්භ කර ඇති බවට අමාත්‍යංශයට කිසිදු දැන්ම්දීමක් කර නොමැති බව එම ප්‍රකාශකයා කීවේය.
කෙසේ නමුත් අදාල ගණුදෙණුව සම්බන්ධයෙන් දේශීය සැපයුම්කරුගෙන් ලබා ගත් සියලුම ඖෂධ මේ වන විට නතර කර ඇති අතර ඔහුට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙවීමට තිබෙන සියලුම ගෙවීම් මේ වන විට නවතා දමා අතැයිද එම ප්‍රකාශකයා කීය.
මෙම ඖෂධය දේශීය සැපයුම්කරුවා තමාට හිමි සීදුව ප්‍රදේශයේ ආරම්භ කර තිබෙන ඖෂධ නිෂ්පාදන සමාගම තුළ නිෂ්පාදනය කළ එකක්ද යන්න මේ වන විට සැක මතුව ඇති බැවින් ඒ පිලිබඳව පුළුල් පරික්ෂණයන් අමාත්‍යංශ මට්ටමින් ආරම්භ කර ඇතැයිද හෙතෙම ලංකාසර කළ විමසුමකදී පැවසුවේය









