යම් සිදුවීම් අරභයා ආන්දෝලනයට ලක්වූ චරිතයක් වුවද පාතාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් කැපී පෙනෙන භූමිකාවක් සිදුකර පාතාල වෙඩි පහරට ලක්වී ජීවිතය අනූ නවයෙන් ගලවා ගත්, ඒ මෙහෙයුම් නිසාම හිරේ විලංගුවේ වැටීමේ අත්දැකීම් සහිත පොලිස් නිලධාරියෙක් වූ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පාතාලයන් විසින් වෙඩි තබා මරා දැමූ පොලිස් පරීක්ෂක බාලෙන්ද්‍ර සම්බන්ධව සංවේදී සටහනක් සිය මුහුණු පොතේ තබා තිබේ. එම සටහන තුළ මත්ද්‍රව්‍ය පාතාලය හා පොලිසිය සම්බන්ධව ඇති නෑදෑකම් මෙන්ම දෙපාර්තමේන්තුවක් ලෙස පොලිසියේ ඇති කුහකවත පිළිබඳව ද විවේචනාත්මකව හෙළි කරයි. ඔහු තැබූ සටහන මෙසේ උපුටා දක්වන්නේ එබැවිනි.
උඹ යන්න ගියා …අපි ඔක්කොටම පාඩමක් කියා දී.
—————————————————
මම උඹ ගැන ගොඩාක් දන්නේ නැහැ ..එත් ටිකක් දන්නවා ..පාතාලයේ කයිචාංඩුවන් සතේට ගණන් නොගෙන ..කුඩු කාරයන්ට පන්න පන්නා ගහපු කොල්ලෙක් කියලා.
තරුවක් ගහලා පොලිසියට ආවාම young blood ඇති රට ජාතිය ආගම ගැන හැගිමක් තියෙනව එවුන්ට මැරෙනවා පේන්නේ නෑ වැඩ කරන්න ගියාම. උඹ ගැන උඹ වැඩ කළ වසමේ මිනිස්සු සාක්ෂි දරයි. දෙපාර්තමේන්තුවේ එවුන් ගෙන් අහලා වැඩක් නැහැ …උන් බහුතරයක් කුහකයි …හොද කොල්ලෙක් ..එත්…කියලා පටන් අරගෙන මෙහෙම කියනවා..
…”එත්” කියන වචනය තුල කුහක කමට,ඊර්ෂ්‍යාව , add වෙලා ..
” එයා දැගලනකොට අපි දන්නවා අන්තිමට කොහෙද නතර වෙන්නේ කියලා ”
“ඉතින් අපිටත් ගහන්න එපැයි “ඇයි එයාට ”
” මොකක් හරි ඩීල් එකක අවුලක් වෙන්න ඇති
මාව බේරා ගත්ත ලෝයර් මහත්තයා තමා උඹටත් නඩුවට ආවේ. ඒ රත්තරං මනුස්සයෙක් සල්ලි වලට නොවේ නඩු කළේ… හමුදාවේ පොලීසියේ අපේ නඩු .
උඹට තිබුණ නඩුව මම A to Z දන්නවා .
පොලිසියට ආව 119 පණිවිඩයක් ගැන ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න ගිහින් ඇති වු ප්‍රශ්නයක දි පහර දීමක් සම්බන්ධව toucher නඩුවක් වැටිලා . අවුරුදු එකහමාරක් සිර ගෙදර ඉදලා ඇවිත් සතියක් ගෙව්වුනේ නෑ . උඹව රිමාන්ඩ් කරගන්න කුඩු කාරයෝ කොච්චර වියදම් කළා ලෝයර්ස්ලා ට.
ඊයේ නඩුව ඉවර වෙලා හවස ලෝයර් උඹට කිව්වා නේ “රංගජිවට ගහන්න හිටියා නඩුවට එනකොට… ඔයාත් security එකක් ගන්න ඉක්මනට සේවයට එන්න කියලා ” එත් මල්ලි කිව්වේ..”සර් ගෙයි වහලේ දිරලා… එක හදාගෙන එනවා ” කියලා නේ .
කුඩු නඩු 150 ක් විතර සාක්ෂි දෙන්න තියෙනවා නේ.
කොහොම උනත් බිරිඳ හා දරුවන් තුන් දෙනා අද අන්ත අසරණ වෙලා … ඒ හැඟිම වෙන කාටවත් නැතුව මම දන්නවා … මොකද මට ගහන විට මගේ දරුවන් ද පාසල් යන පොඩි එවුන් නිසා … රැකියාව හැර වෙන ආදායම් නොතිබූ නිසා.
ප්‍රශ්නයට පැටලුන ගමන් අපිව අතහරින්නේ අපේ දෙපාර්තමේන්තුවේ මිනිස්සු. අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්නයක් කරගෙන රාජකාරී කරන්න ගිය ඔක්කොටම වැරදුනා මල්ලි. අපිට නායකයෙක් නෑ … එ්ත් පාතාලයේ එවුන් කුඩු කාරයන්ට නායකයන් බොහෝ යි.
“සිරකරුවො මනුෂ්‍යයෝය” එත්… එත්…එවුන් අතින් මැරුනු අසරණයා ගේ දරුපැටවුන්ට කෑම වේලක් දෙන්න , පිටි පැකට් අරන් දෙන්න… පොත් ටිකක් අරන් දෙන්න එක බල්ලෙක් හෝ බලු සංවිධානක් නැහැ… උන් ඔක්කොගේම සල්ලි වලින් මොළේ මැරිලා …
අපරාධකරුවන් ආරක්ෂා කරන්න එන නියෝගවල නැත්තේ ඌ ගේ……….#ක හෝදන්න හා කලිසම් අන්දවන්න පමණයි . උන් ගෙන් මහපාරේ වෙඩි කන අසරණයා වෙනුවෙන් නියෝග නැත.
උන් හිතාන ඉන්නේ ගේ උන් ගේ දරුවන් කවදාවත් මේ පාතාලයේ එවුන් ගේ ගොදුරු නොවන බව හා පිටරට settle වෙන්න ඉන්න නිසා කියායි.
කොහොම වුණාත් උඹේ මතකය අපිට මාස තුනක් තියේවි . මුරණ්ඩු ලෙස රාජකාරී කරන්න ගොස් අන්තිමට අසරණ වුණේ දරුවන් හා බිරිඳ පමණි .
ඔබේ අවංකකම නීර්භීතකම උඹේ බිරිඳ දරුවන් තුන් දෙනා ලොකු වුණාම කියාලා දේවි.
උඹ පොලිස් කාරයෙක් විදියට හම්බුකර ගත්තේ ඒ ආත්මගරුත්වය පමණි .
උඹට සුව දායි දීර්ඝ නින්දක්..