බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාන කාමරයේදී වෛද්‍යවරියන් වීඩියෝ කළ සිද්ධිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිද්‍රාශීලී පිළිවෙතට GMOA දැඩි  විරෝධය!

by editor
මැයි 1, 2026
in පුවත්
U-19-Cricket
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ – 

කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ  පෞද්ගලික හෝටලයක පැවති පුහුණු වැඩමුළුවකට සහභාගී වූ රජයේ වෛද්‍යවරියන් පිරිසක් ඔවුන්ගේ  නාන කාමරවල  රැඳී සිටියදී තරුණයින් දෙදෙනෙකු විසින් වීඩියෝ ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දන්වා තිබේ.

එම  සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද වැඩමුළුවකට සහභාගී වූ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වීම බරපතල තත්ත්වයක් බවය.

ආරෝග්‍යා මධ්‍යස්ථාන වෙත අනුයුක්ත කිරීමට නියමිතව සිටි වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් 17 දෙනෙකු වෙනුවෙන්  නාරාහේන්පිට  පෞද්ගලික හෝටලයක පසුගිය අඟහරුවාදා මෙම නේවාසික පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබුණි.

එදින රාත්‍රියේ වෛද්‍යවරියන් නාන කාමරවල  රැඳී සිටින අවස්ථාවේදී තරුණයින් දෙදෙනෙකු විසින් ඔවුන්ව රහසිගතව වීඩියෝ ගත කර ඇති අතර, පසුව කළ සොයා බැලීම් වලදී හෙළි වී ඇත්තේ අදාළ තරුණයින් දෙදෙනා එම හෝටලයේම නවාතැන් ගෙන සිටි  වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් දෙදෙනෙකු බවය.

මෙම අපරාධමය සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන උදාසීන සහ මන්දගාමී පිළිවෙත වෛද්‍ය චමිල් විජේසිංහගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“වැඩමුළුවකට ආ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව බලාගන්න බැරි සෞඛ්‍ය අමාත්‍යාංශය, මුළු රටේම රෝහල් පද්ධතියේ ආරක්ෂාව සහ ඖෂධ ගැටලු විසඳයි කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියි.

අදාළ තරුණයින් සම්බන්ධයෙන් ඔවුන් අධ්‍යාපනය ලබන පාසල්, අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ පාසල් ක්‍රීඩා සංගම් වහාම දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

පද්ධතියේ පවතින මෙවැනි බරපතල ගැටලු මගහැර යාමට උත්සාහ නොකර වහාම වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සංගමය බලකර සිටියි.

කෙසේ වෙතත්  මෙම සිද්ධිය ගැන පිමිණිල්ලක් ලද වහාම ඒ  සම්බන්ධයෙන්  ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලිසිය විසින් අදාළ සැකකාර තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා සිය ජංගම දුරකථන ආධාරයෙන් රහසිගතව දර්ශන රූගත කිරීමට ඔවුන් උත්සාහ කර ඇති බව පොලිසිය විසින් හෝටලයේ සීසීටීවී. දර්ශන පරීක්ෂාවෙන් අනාවරණය කරගෙන තිබේ.   මෙම තරුණයින්   පිරිමි පුද්ගලයින්ගේ නිරුවත්  දර්ශන ද මෙලෙස රූගත කර ඇති බවට සැකයක් පවතින බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 5 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.

සැකකරුවන් විසින් රූගත කරන ලද වීඩියෝ දර්ශන කිසියම් ආකාරයකින් අන්තර්ජාලය වෙත මුදාහැර තිබේද නැතහොත් වෙනත් පාර්ශවයන් සමඟ හුවමාරු කරගෙන තිබේද යන්න සම්බන්ධයෙන් පොලිසිය දැනටමත් විශේෂ විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්තගේ මරණයෙන් විමර්ශනවලට දැඩි බාධාවක්?

Next Post

සේවක අර්ථසාධක මුදල් පැහැර හරින ආයතනවලින් මිලියන 1638 ක් අයකර ගනී!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.