පැරාලිම්පිං ක්‍රීඩක සුරේෂ් ධර්මසේනගේ නායකත්වයෙන් යුතු ලසන්ත රණවීර සහ ඩී එම් ගාමිණීගෙන් සමන්විත යුත් ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම ලොව 6 වන හොඳම කණ්ඩායම ලෙස ශ්‍රේණි ගත වී ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ගමන් මග වෙනස් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත වූයේ යුද බිමේ ක්‍රියාන්විතයන්හි දී ආබාධිත තත්වයට පත් වූ යුද හමුදා නිලධාරීන්ගෙනි.
ලෝකයේ හොඳම කණ්ඩායම් 16 ලෙස තේරුණු රටවල් 16ක කණ්ඩායම් ලෝක කුසලානය සඳහා ඉතාලියේ සාර්ඩීනියා හි දී සැප්තැම්බ්ර් 27 සිට ඔක්තොම්බර් 04 දක්වා තරග වැදුනහ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගතකිරීම්වල 06 වන ස්ථානයට පත් වූයේය.
තම ස්ථානය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින් ප්‍රබල බ්‍රසීලය, බෙල්ජියම සහ පෝලන්තය පරාජය කිරීමට සිදු වූයේය.
.







