තමා තම බිරිඳත් නිර්දෝෂී බවත් පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අප්‍රමාදව ස්වාධීන විමර්ශකයෙකු පත්කරන පත් කරන ලෙස හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේශන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද දින ලිපියක් යොමු කර ඇත.
මෙම ලිපිය මගින් ඔහු සඳහන් කර ඇත්තේ “අප මෙම කරුණු සම්බන්ධයෙන් වැරදිකරුවන් ලෙස මේ වන විට හඳුන්වා ඇති බවත් එම තත්වයෙන් අප නිවැරදි පුද්ගලයන් බවට සනාථ කිරීම සඳහා මෙවැනි විමර්ශනයක අවශ්‍යතාවය ඇති බවයි.
එසේම මෙම අනාවරණය හේතුවෙන් තමාත් තම බිරිඳත් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවද එම ලිපියෙන් සඳහන් කර ඇත.
පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් වීම හේතුවෙන් පොදුවේ බොහෝ දෙනෙක් වැරදි ආකාරයෙන් මුදල් ඉපයූ වැරදි පුද්ගලයන් බව පොදුවේ විශ්වාස කිරීමට පටන් ගෙන තිබේ.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඇතුළු ලෝක නායකයන් කීප දෙනකුම මේ වන විටත් තමන්ගේ නම් සඳහන් වීම පිළිබඳ විමර්ශනය කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගෙන් ද ඔහු ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙසය.








