කුසල් ජනිත් පෙරේරා අවසන් 15 දෙනා තුළට තෝරා ගැනීම සඳහා අවසන් අවස්ථාව වන තෙක් උත්සාහ කළ නමුත් නායකයා ගේ සහ පුහුණු කරුගේ කැමැත්තට අවසන් මොහොතේ ඉඩ දෙන්නට සිදුවූ බව තේරීම් කමිටු සභාපති උපුල් තරංග අද මාධ්‍ය හමුවේ පැවසුවේය.
අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් උපුල් තරංග ඒ පිළිබඳව මෙසේ පැවසුවේය.
“ කුසල් අපි අන්තිම මෙහොත වෙනකම් බැලූ ක්‍රීඩකයෙක්. අවසන් තරගවලදී ලංකාවට සෙල්ලම් කරනකොට ඔහු සාර්ථක වුනේ නෑ. හැබැයි ඔහු ඉතාම හොඳ ක්‍රීඩකයෙක්. ඔව්… අපි අන්තිම අවස්ථාව වෙනකම් හිටියා.
අන්තිම අවස්ථාවේදි අපි පස් දෙනා ඒ වගේම පුහුණුකරුත් නායකයත් තමයි මැදට යන්නේ. අපි මොන 15 තෝරලා දුන්නත් ඔවුන්ට තමයි පිටිය මැද කටයුතු කරන්න වෙන්නෙ. ඔවුන්ගෙ පැත්තත් අපි බලන්න ඕන.
ඔවුන් එක්කත් කතා කරලා බලලා තමයි අන්තිම පහළොවත්, ට්‍රැවලින් රිසව් එකත් තේරුවේ.
කුසල් ජනිත්… මම හිතන්නේ අවාසනාවන්තයි කණ්ඩායමට එන්න බැරිවීම ගැන.







