අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩයනා පාර්ලිමේන්තුවේ ඇමතිකම් දරා ඇත්තේ ජනාධිපති, කථානායක, පාර්ලිමේන්තු මහලේකම් ඇය  විජාතික කාන්තාවක් බව දැනගෙන සිටිද්දී!  මුජබර් සාක්ෂා සාධක සහිතව පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

by editor
මැයි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ පුරවැසි ඩයනා ගමගේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඇමතිකම් කරමින් සිටියේ  ජනාධිපතිවරයාත්, කථානායකවරයාත්, පාර්ලිමේන්තු මහලේකම්වරයාත් ඇය ශ්‍රී ලාංකික පුරවැසිභාවය රහිත විජාතික කාන්තාවක් බව හොඳින්ම දැනගෙන සිටිය දී බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජබර් රහුමාන් සියලු සාක්ෂි සාධක දත්ත සහිතව අද (13) පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය.

ඩයනා ගමගේ..

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත පාර්ලිමේන්තු සමාජිකත්වය අහිමිකළ විජාතික ඩයනා ගමගේ වෙනුවට ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් නැවත පාර්ලිමේන්තුවට පැමිණ සිය මංගල කථාව පවත්වමින් මුජබර් හුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ ඩයනා විදේශ පුරවැසියෙක් බව හිටපු ආගමන විගමන පාලක සරත් රූපසිරි  2021.12. 15 වැනි දින  ආරක්ෂක ලේකම්වරයාට යවා තිබූ ලිපිය තමා 2022 නොවැම්බර් මාසයේ පැවති අයවැය විවාදයේ දී සභා ගත කළ බවය.

තමන්ටත් පෙර ඩයනා විදේශ පුරවැසියෙක් බව පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනගෙන සිටි බවත් හිටපු ආගමන විගමන පාලකවරයා ඩයනා විදේශ පුරවැසියෙක් බව ලිඛිතව දන්වා සිටින්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇයට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබා දෙන ලෙස ආගමන විගමන පාලකවරයාට කළ ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින් බවත් ඔහු ප්‍රකාශ කළේය.

වත්මන් ආගමන විගමන පාලකවරයා   රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිත්වය දරන වකවානුවේ ඇයට   රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන්නේ මේ සියලුම කාරණා දැනගෙන බව රහුමාන් මන්ත්‍රීවරයා කීවේය.

මේ රටේ නීතිය අවභාවිතා කරමින්  ව්‍යවස්ථාව පඩංගු කරනා පාලකයින්ගේ ජඩ හැසිරීම නිරුවත් වුන ඒ සිද්ධි පෙළ සම්බන්ධව මුජබර් රහුමාන් මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ දී කළ කතාව මෙසේය. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Mujibur Rahuman
මුජිබර් රහුමාන්

අපි ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට පත් කරනවිට අප දැනගෙන හිටියෙ නෑ එතුමිය විදේශීය  පුරවැසි භාවය සහිත කාන්තාවක් කියලා. නමුත් ඒක දැනගත්තට පස්සේ  එතුමියට එරෙහිව අධිකරණයේ තිබුණු  චෝදනාවලට  අපේ පක්ෂයේ මහලේකම් නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ කර්මාන් කාසිම් මැතිතුමා පෙනී සිටියා. එතුමිය අපටත් කොලේ වහලා මේ වැරැද්ද කළා කියන එක පෙන්වලා දීලා පක්ෂය නිවැරදි  කරන්න අපි අධිකරණයට ගිහින් කරුණු ඉදිරිපත් කළා. අපි අධිකරණයට කිව්වා එතුමිය අපටත් කොලේ වැහුවා කියලා.

නමුත් අපි එහෙම කියනකොට  ජනාධිපතිතුමා ප්‍රමුඛ තමුන්නාසෙලගේ අණ්ඩුව  එතුමියව ආරක්ෂා කළ‍ා.    ආරක්ෂා කළේ හැමදාම උදේට ඇවිත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමාට අපහාස කරන්න.  එතුමාට බනින්න. පාර්ලිමේන්තුවෙ කුණුහරප කියන්න. ඒ සඳහා තමුන්නාසේලා ජනාධිපති තුමාත් එක්ක එතුමියව ආරක්ෂා කළා. සමගි ජන බලවේගය සම්බන්ධ කුමන්ත්‍රණයක් කරන්න එතුමියව පාව්ච්චි කළා. අවභාවිතා කළා.

අන්තිමට තමුන්නාසේලා   පිලාත් අත සෝදා ගත්තා වගේ පැත්තකට වුනා.  එතුමිය අන්තිමට අන්ත අසරණ වුනා.

2022 නොවැම්බර් මාසේ අයවැය විවාදය තිබුණා මේ පාර්ලිමේන්තුවේ.  ඒ අයවැය විවාදයෙදි මම ලිපියක් සභාගත කළා.  ඒ ලිපිය තමයි 2021 දි 12 මාසයේ 15 වැනිදා හිටපු ආගමන විගමන පාලක ජෙනරාල් සරත් රූපසිරි  මහත්මයා ලිපියක් ලියනවා ආරක්ෂක  අමාත්‍යාංශයේ ලේකම්වරයාට.

මොකක්ද  එතුමා කියන්නේ. එතුමියට   රාජ්‍යාතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඉල්ලලා   පාර්ලිමේන්තුවේ මහ ලේකම් තුමා එතුමිය වෙනුවෙන් ඇප්ලිකේෂන් එකක් දානවා ආගමන විගමන දෙපාර්තමේන්තුවට.    ඒ ඇපිල්කේෂන් එකට පිළිතුරු වශයෙන් ආගමන විගමන පාලකවරයා ලියුමක් ලියනවා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙතුමිය ශ්‍රි ලංකාවේ පුරවැසිභාවය නොමැති කෙනෙක්. , ඒ නිසා මෙතුමියට ඩිප්ලොමැටික් පාස්පෝට් එකක් දෙන්න බෑ කියලා.

පළවෙනි වතාවට එතුමා ඒ ලියුම ලියන්නේ 2021 . 12. 15 වැනිදා. තමුන්නාසේ කතා නායක තුමා. ඔබතුමත් වගකියන්න ඕන. මම මේ පාර්ලිමේන්තුවේ මේ ලිපිය සභාගත කළා. සභාගත කරලා මම කතානායක තුමාගෙන් ඇහුවා මේ පාර්ලිමේන්තුවෙ ඉන්නවා විදේශිකයෙක්. ඔබතුමා ඒක දන්නව ද කියලා. කතානායක තුමා මට කිව්වා හොයලා බලලා කියන්නම් කියලා.

අවුරුදු එක හමාරක් හොයලා බැලුවේ  නෑ.

මේ ලියුම ලියන්නේ හිටපු  ආගමන විගමන පාලකවරයා. ඒකට හොඳම වැඩේ තමයි ජනාධිපති තුමාට මම මේ කතාව කිව්වා. මේ පුටුවෙ ඉඳන්ම තමයි කිව්වේ. ජනාධිපති තුමා හිටියේ ඉස්සරහා පුටුවෙ ඉඳගෙන. මේක ඇහුවට පස්සේ ජනාධිපති තුමා කිව්වේ තමුන්නාසෙලට පක්ෂය දුන්න කෙනාට රතු පාස්පෝට් එකක් දුන්නම මොකද වෙන්නේ කියලා.

රටේ ජනාධිපති තුමා. එහෙම කිව්වා.

ජනාධිපති තුමා  රතු පාස්පෝට් දිලා සියලුම වරප්‍රසාද දීලා නියෝජ්‍ය ඇමතිකම් දීලා එතුමියව පාර්ලිමේන්තුවෙ තියාගෙන හිටියා.  එහෙමනම් තමුන්නාන්සෙලගේ ආණ්ඩුවත් මේකට වග කියන්න ඕන. මොකද මේ පාර්ලිමේන්තුවෙ විදේශීය කාන්තාවක් ඉන්නවා කියන එක හිටපු පාර්ලිමේන්තු මහලේකම්තුමා දන්නවා.  එතුමා තමයි මෙතුමියට පාස්පෝට් එක දෙන්න කියලා ඉල්ලීම කරලා තියෙන්නේ.  ඒ ඉල්ලීමට තමයි පිළිතුරු ලියන්නේ හිටපු  ආගමන විගමන පාලකවරයා මෙතුමියට මේ රටේ පුරවැසි භාවය නෑ කියන එක.  එතකොට මේ ගැන කතානායක තුමත් දැනගෙන හිටියද කියන ප්‍රශ්නය තියනවා. ඔබ සියලු දෙනාම මෙතුමියව ආරක්ෂා කළා. පාවිච්චි කළා. ඩයනව තමුන්නාසේලා සියලු දෙනා අවභාවිතා කළා.

එදා මහේස්ත්‍රාත් උසාවියේ මෙතුමියට නඩුවක් තියනවා. කූඨ ලේඛන හදාගත්ත නඩුව. ඒ නඩුව විමර්ශනය කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ කියන නිලධාරී මහත්මයා. ඒ පරීක්ෂණ යනකොට  මොකද වුනේ. එතකොට අගමැතිවරයා හැටියට හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මෙතුමියගේ පරීක්ෂණ කළා කියලා ඒ නිළධාරියාව කළුතර  පොලිස් අභ්‍යාස විද්‍යාලයට මාරු කළා. නඩුව යට ගැහුවා.

දැන් ඔලුව වන වන නෑ කිව්වට මහින්ද රාජපක්ෂ මහත්මයා. ඔබතුමා තමයි ඒ කාලෙ අගමැති වෙලා හිටියේ.

සී.අයි. සුදත් අමරසිංහ  මාරු කළේ ඩයනගේ ලිපි ලේඛන හොයලා ඩයන ගැන විමර්ශනය කරලා එම කරුණු බී   වාර්තාවක් ඔස්සේ අලුත්කඩේ උසාවියේ ෆයිල් කළා කියලා. ඒ නිලධාරියට යන්න වුනා. අපේ රටේ පාලකයෝ මේ විදිහට තමයි මේ අන්ත දූෂිත හොර ලේඛණ හදන විදේශිකයො ආරක්ෂා කළේ.

දැන් මේ ඉන්න ආගමන විගමන පාලකවරයා මොනවද ශ්‍රේෂ්ඨාධිකරණයෙ කිව්වේ. ඩයනට පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහිමි වෙන්න ප්‍රධාන හේතුව තමයි එයා ලංකාවේ  පුරවැසියෙක් නෙමෙයි කියන එක. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ තීන්දුව දීලා සුමානයක් වෙනවා.

අපේ රටේ වර්තමාන ආගමන විගමන පාලකතුමා එයා 2022.09.12 වැනිදා ඩයනට රාජ්‍ය තාන්ත්‍රික ගුවන්  ගමන් බලපත්‍රයක් නිකුත් කළා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවෙලා හිටියෙ නෑ. ඒ වැඩේ කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ.  2022.09.12 වැනිදා රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා පුරවැසි භාවය නෑ කියලා.  ආගමන විගමන පාලකවරයා නිකුත් කරනවා  රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක්. හිටපු පාලකවරයා කියනවා ඩයනට රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් දෙන්න බෑ. එයා ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි කියලා. එහෙනම් අපි අහනවා වර්තමාන පාලකවරයාගෙන් එයා කොහොමද මේක නිකුත් කළේ කියලා.

එහෙමනම් එයා එක්කො ඩයනගෙන් මුදල් අරන් තියනවා. එහෙම නැතිනම් එයා එයා දේශපාලන බලපෑමට යටවෙලා ආණ්ඩුවේ බලපෑමට යටවෙලා ඒ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය නිකුත් කරලා තියනවා නීති විරෝධීව. හරි නම් දැන් ඉන්න ඔය ඉලුක්පිටිය මහත්තයාව දැන් ගෙදර යවන්න ඕන.  දැන් එයාව ඉන්ටර්ඩික් කරලා පරීක්ෂණ යන්න ඕන. ලංකාවේ පුරවැසි භාවය නැති කෙනෙකුට එයා කොහොමද රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කළේ කියලා.

මේ නඩුව යනකොට ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටියා නීතිපති දෙපාර්තමේන්තුව.  නීතිපති දෙපාර්තමේන්තුව ඇවිත් පෙනී සිටියේ ඩයනා වෙනුවෙන්.  ලජ්ජයි. ජනතාවගේ බදු මුදල්වලින් පඩි ගන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආපු ඒ නීතිඥවරිය පෙනි සිටියේ ඩයනා වෙනුවෙන්.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇවිත් නීතිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් අධිකරණයට කියනවා එළියෙ ඉන්න ඩයනයි, පාස්පෝට් එක දීපු ඩයනයි එක්කෙනාද කියලා ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් තියනවා කියලා.

ගරු හිටපු ජනාධිපති තුමනි. හිනා යනවා මේ කතා අහනකොට. මේ රටේ නිලධාරීන්ට හොයා ගන්න බෑ මේ ඩයනයි අර ඩයනයි එක්කෙනා ද කියලා…  මේ ගොල්ලන්ට හරි ඩයනා හොයා ගන්න බැරිවෙලා තියනවා. එහෙම කියලා උසාවියට කරුණු වාර්තා කරලා තියෙන්නේ.

මේ වගේ ලද බොළඳ තර්ක ගෙනත් අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විහිළුවට ලක් වුනා නීතිපති දෙපාර්තමේන්තුව.

මේ දඬුවම් ලබා දෙනකොට ඩයනට විතරක් නෙමෙයි, ඩයනට උදව් කරපු හැමෝටම දඬුවම් ලැබෙන්න ඕන. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුතින්වන්ත වෙනවා…. මේ රටේ  දූෂිත පාලකයො වැරදි තීන්දු ගන්නකොට නීතිය අවභාවිතා කරනකොට  ශ්‍රේෂ්ඨාධිකරණයට හැකි වුනා ඒවා නිවැරදි කරන්න.  සාධාරණය ඉල්ලන්න අපට අද ඉතිරිවෙලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විතරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊශ්‍රායලය මානුෂීය නීති කඩ කළ බවට ඇමරිකාවෙන් චෝදනා !

Next Post

කුසල් ජනිත්  විස්සයි 20 ලෝක කුසලානයේ අවසන් 15න් විසිවුන අයුරු තේරීම් කමිටු සභාපති  උපුල් තරංග කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.