සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායලය මානුෂීය නීති කඩ කළ බවට ඇමරිකාවෙන් චෝදනා !

by lankasara-editor
මැයි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගාසා තීරයේ පවතින යුද්ධයේ ඇතැම් අවස්ථාවල දී ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂීය නීති කඩ කරමින් ඇමරිකාව විසින් සපයන ලද අවි ආයුධ භාවිත කර ඇති බව පසුගිය සිකුරාදා (10) වාර්තාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජනපදය පවසා තිබෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ සපයන ලද අවි ආයුධ ඊශ්‍රායලය ඔවුන්ගේ වගකීම් වලට නොගැලපෙන අයුරින් භාවිත කර ඇති බවට තක්සේරු කිරීම සාධාරණ බවයි. කෙසේ වෙතත් තක්සේරුව සඳහා එක්සත් ජනපදයට සම්පූර්ණ තොරතුරු නොමැති නමුත් දිගටම ඒ සම්බන්ධව අවධානයෙන් පසුවන බවද සඳහන් කර තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් පසුගිය පෙබරවාරි මස මුලදී නිකුත් කරන ලද නව ජාතික ආරක්ෂක සංදේශයක් යටතේ කොන්ග්‍රසයට, රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක් මගින් මෙම තක්සේරුව සිදු කර ඇති බවත් ඊශ්‍රායලය රෆා නගරයට පහරදීම සම්බන්ධව මිත්‍ර පාක්ෂික රටවල් විරුද්ධ වන අවස්ථාවක මෙවන් චෝදනාවක් මගින් ඊශ්‍රායලය සමග වන සබඳතා පළුදු වීමේ අවධානමක් ඇති බවත් විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා.

මෙම වාර්තාව නිකුත් වී ඇත්තේ, හමාස් සංවිධානයේ අවසන් බලකොටුව ලෙස සැලකෙන මිලියනයකට අධික පලස්තීනුවන් රැඳී සිටින රෆා නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායලය පියවර ගතහොත් ආයුධ බෙදා හැරීම නතර කරන බවට එක්සත් ජනපද ජනාධිපති ජෝ බියිඩන් ප්‍රසිද්ධියේ තර්ජනය කිරීමෙන් දින කිහිපයකට පසුවය. කෙසේ නමුත් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට ටික වේලාවකට පෙර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ජනාධිපති බයිඩන් සිදුකළ අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කර තිබෙන අතර අවැසි වුවහොත් ඊශ්‍රායලය තනිව සිටින බවට ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි පසුගිය දින කිහිපය තුළ 80,000 කට වැඩි පිරිසක් රෆා නගරය වෙතින් පලා ගොස් තිබෙනවා.ඊශ්‍රායල හමුදා ඔවුන්ගේ මෙහෙයුම ආරම්භයේදී ඊජිප්තුව සමඟ වන රෆා නගරයේ හරස් මාර්ගය පාලනය කර වසා දමා තිබෙන බවද සඳහන් වනවා.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ගාසා තීරයේ යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා පුද්ගලයින් 34,900 කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර පුද්ගලයන් 252 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share69Tweet43
Previous Post

හොර ඖෂධ ජාවාරමට වැට බඳින්න ඖෂධ නියාමන අධිකාරියෙන් ආරක්ෂිත ස්ටිකරයක්!

Next Post

ඩයනා පාර්ලිමේන්තුවේ ඇමතිකම් දරා ඇත්තේ ජනාධිපති, කථානායක, පාර්ලිමේන්තු මහලේකම් ඇය  විජාතික කාන්තාවක් බව දැනගෙන සිටිද්දී!  මුජබර් සාක්ෂා සාධක සහිතව පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.