සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ආශ්චර්යමත් තරගයක්… ඉන්දියාව අවසන් පන්දුවේදී පකිස්ථානුවන් පරදවයි…

by editor
ඔක්තෝබර් 23, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එය ක්‍රිකට් ආශ්චර්යය පිරී ඉතිරී ගිය තරගයකි. ජයග්‍රහණය අහලකවත් නොබුණ බව පෙනුන ඉන්දියාව තරගයේ අවසාන පන්දුවේ දී පකිස්ථානය පරදවා ජය ගත්තේය.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම්ම තරගය ලෙස සැලකෙන පකිස්ථාන ඉන්දියා තරගය  මෙල්බර්න්හි දි ක්‍රීඩාගාර පිරී ඉතිරී යන ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂක පිරිසක් මැද මීට ස්වල්ප වෙලාවකට පෙර නිමා වූයේ එසේය.

ක්‍රිකට් ලෝකය රංජනය කරන විශිෂ්ට පිතිකරුවා විරාට් කෝලි අවශ්‍යම වෙලාවේ දී සිය අග්‍රේසර පිති හරඹය දියත් කළේය. ඒ පන්දු 53ක දී නොදැවී ලකුණු 82ක් ලබමිනි.

විරාට් කෝලි… අසිරිමත් පිති හරඹය…

කාසියේ වාසිය දිනූ ඉන්දියානු කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තේරුවේය. මුලින්ම පන්දුවට පහර දුන්  පකිස්ථානයෙන් ඉන්දියාවට ලකුණු 160ක ඉලක්කයක් ලැබී තිබිණි. පකිස්ථානය කඩුළු 08කට ලකුණු 159ක් රැස් කළේය.

ඉන්දීය ඉනිම ආරම්භ වී ටික වෙලාවක් යද්දී ජයග්‍රහණය පකිස්ථානුවන්ට දෝලනය විය.  ඉන්දියාව සිටියේ ජයග්‍රහණයට බොහෝ දුරිනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පවර් ප්ලේ අවස්ථාවේ දී ලකුණු 26කට ඉන්දීය කඩුළු 03ක් බිඳ වැටී තිබිණි. කේ.එල් රාහුල් ලකුණු 04කට, නායක රෝහිත් ෂර්මා ලකුණු 04කට, සූරිය කුමාර් යාදේව් ලකුණු 15කට දැවී යන විට පන්දු ඕවර 5.3කි  .  මුලු ලකුණු සංඛ්‍යාව 26කි.

ඇක්සාර් පටෙල් ලකුණු 02ට දුවද්දී දැවී ගියේය. පන්දු ඕවර 6.1 වෙද්දී ලකුණු 31 කඩුළු 4කි.

මේ අවස්ථාවේ දී  සුපිරි ක්‍රීඩක විරාට් කොලි සහ හර්ඩික් පාන්ඩ්‍යා ලකුණු 111 සහිත  මනරම් ඉනිමක් පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූහ.

මේ තරගය දුටු විශේෂත්වය වූයේ පන්දු ඕවර 17ක් වන විට ඉන්දියාව ලබා ගත්තේ කඩුළු 04කට ලකුණු සංඛ්‍යාව 112ක් පමණක් වීමය.

කෝලි සමග ඉන්දියාවට බලාපොරොත්තුවේ පදනම දැමූ පාන්ඩ්‍යා

පන්දු 18ක් තුළ  ලකුණු 48ක් ලබා ගත යුතු විය. තරගය ඉන්දියාවට දෝලනය වන්නේ 18 වන පන්දු ඕවරයේ අවසන් පන්දු දෙකෙනි. තරගයේ ඉන්දියානු රිද්මය මුලුමනින්නම තමන් අතට ගෙන අධික වේගයෙන් නිවැරදි එල්ලයට  පන්දු යවමින් සිටි හරිස් රවුෆ්ගේ අවසන් පන්දු ඕවරයේ අවසන් පන්දු දෙක හයේ පහර දෙකකින් නිමා කිරීමට විරාට් කෝලි සමත් විය.

අවසන් පන්දු ඕවරය පැමිණියේය. පන්දු ඕවරයට ජයග්‍රහණය සඳහා ඉන්දියාවට  ලකුණු 16ක් අවශ්‍යය.  බබාර් අසාම් විශ්වාසය තැබුවේ වමතින් ඕතඩොක්   පන්දු යවන ක්‍රීඩක  මොහොමඩ් නවාස් කෙරෙහිය.

නවාස් ගේ මුල්ම පන්දුවෙන් හර්දික් පාණ්ඩ්‍යා දැවී ගියේය. ඒ වනවිට ලකුණු 144කි. පන්දු 05ක දී ලකුණු 16ක් අවශ්‍යය. අනතුරුව නවාස්ගේ රිද්මය බිඳී ගියේය. තරගයේ අවසන් ඕවරයේ සිව්වන පන්දුව  නිපන්දුවකි. ෆුල්ටොස් පන්දුවක් ලෙස පැමිණි එම නිපන්දුවට  කෝලි පිළිතුරු දුන්නේ දැවැන්ත හයේ පහරකිනි.  ඊලඟ පන්දුව වයිඩ් පන්දුවකි.     අනතුරුව එළඹි  ෆ්‍රී හිට් අවස්ථාවේ දී කෝලිගේ කඩුල්ලේ දැවටුන පන්දුව හතරේ සීමාව තෙක් ඇදී යද්දී පිතිකරුවො ලකුණු 03ක් සඳහා පැති මාරු කරගත්හ.

අනතුරුව පස්වන පන්දුවේ දී  දිනේෂ් කාර්තික් දැවී ගියේය. අවසාන ඉලක්කය එක් පන්දුවකට ජයග්‍රහණය සඳහා ලකුණු 02කි. මේ තීරණාත්මක අවස්ථාවේ දී  පන්දු යවන නවාස් තවත් වයිඩ් පන්දුවක් අතහැරියේය.

අවසානයේ දී තරගයේ  අවසන් පන්දුවට එක් ලකුණක් ලබා ගත යුතුව තිබිණි.

හයවන කඩුල්ල ලෙස පන්දුවට පහර දෙමින් සිටි අශ්වින් ඒ ලකුණ ලබා ගත්තේය. ඉන්දියාව කඩුළු 04ක ජයක් වාර්තා කළේය. තරගයේ වීරයා විරාට් කෝලිය.

පකිස්තානු ඉනිම

පකිස්තානු ආරම්භක පිතිකරුවන් වූ  ලකුණු අතර සිටින පකිස්ථානු ප්‍රහාරකයා මොහොමඩ් රිස්වාන් මෙන්ම නායක බබාර් අසාම් මුලු ලකුණු සංඛ්‍යාව 15ක් තුළ   තුළ පිටියෙන් ඉවත් විය.   රිස්වාන් ලබා ගත්තේ ලකුණු 04කටත්, නායක බබාර් අසාම් ලකුණු නොලබාත් පිටියෙන් ඉවත් කිරීමට අශ්දීප් සිං සමත් වූයේය.

එහෙත් පකිස්ථානයේ තුන්වෙනි කඩුල්ල වෙනුවෙන් ශාන් මසූඩ් සහ ඉෆ්ටිඛාර් අහමඩ් අතර ඇතිවූයේ විශිෂ්ට සම්බන්ධතාවයකි. එය ලකුණු 76ක් විය. අහමඩ් පන්දු 34කදී වේගවත් ලකුණු 51ක් ලබා ගන්නේ හයේ පහර 04ක් සහ හතරේ පහර 02ක් සමගිනි.

ශාන් මසූඩ්

ශාන් මසූඩ්  නොදැවී 52ක් ලබමින් එක් අන්තයක් ආරක්ෂා කළත් ඉන් අනතුරුව පැමිණි කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු අතරට පැමිනීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත. 8වන කඩුල්ල ලෙස පිටියට පැමිණි ශහීන් ෂා  ඇෆ්රිඩි පන්දු 8ක් දී ලකුණු 16ක් ලැබුවේය. පකිස්තානු කණ්ඩාම ලකුණු 159ක් ලබා ගත්තේය. ඒ කඩුළු 08ක් දැවී යෑමෙනි.

ඉන්දියාව වෙනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 03කට කඩුළු 03ක්, අශ්දීප් සිං ලකුණු 32කට කඩුළු 03ක් ලැබූහ.  බුවනේෂ් කුමාර් ලකුණු 22කට කඩුල්ලක්, මොහමඩ් සාමි ලකුණු 25කට කඩුල්ලක් ලැබූහ. මේ පන්දු යවන්නන් සිව් දෙනාම සිය පන්දු ඕවර 04 සම්පූර්ණ කළහ.

ක්‍රිකට් ක්‍රීඩාවේ ආශ්වාදය මෙයය. ඒ අසිරිය අද මෙල්බර්න්වලදී ක්‍රිකට් ලෝකය අත්වින්දේය.

නොතිබුණ ජයග්‍රහණයක් ගෙනත් දුන් විරාට් රෝහිත්ගෙ කර මතින්…
Tags: නවතම
Share69Tweet43
Previous Post

ගල් මුගුරු ගත් කාෂ්මීර තරුණයින් අතට පරිගණක ගිය හැටි

Next Post

වික්ටොරියා අධි ආරක්ෂිත කලාපයේ ඩ්‍රෝන යැවූ තරුණයින්ගෙන් කිහිප දෙනෙක් කටාර් සිට මෑතකදි පැමිණි අය..

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.