ගල් සහ මුගුරු අතැතිව සිටි තරුණයිටන පරිගණක සහ රැකියා අවස්ථාව සැපයීම මගින් ජම්මු කාෂ්මීරයේ තත්ත්වය සම්පූර්ණයේම වෙනස් කිරීමට හැකියාව ලැබුනු බවට ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් සහා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසු ඇත්තේ පසුගියදා ඔහු ජම්මු කාෂ්මීරයේ කළ සංචාරයක් අතරතුරදී එම ප්‍රදේශයේ ජනතාව අමතමින් කළ කතාවක් අතරතුරදීය. මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ නරෙන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා විසින් ජම්මු කාෂ්මීර ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට කැපවී කටයුතු කරන බවයි.
ඒ අනුව මෝදි රජය විසින් මෙතක් කාලයක් ජම්මු කාෂ්මීර කාලපයට විශාල බලපෑමක් කළ 370 පනත වෙනස් කිරීමට පියවර ගත් බවද අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පෙන්වා දී ඇත. එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම පනන සංශෝධනය කිරීමත් සමඟ ජම්මු කාෂ්මීර කළාපයට විශාල වශයෙන් අයොජනය ගලා ඒම සිදුවූ බවයි.
මෙම නව පනත් සංශෝධනය පෙර ජම්මු කාෂ්මීර ප්‍රදේශය තුල ඉන් පිටත පදිංචි පිරිස් හට නිෂ්චල දේපල අත්පත් කරගැනීමට අවස්තාව හිමි නොවූ අතර එබැවින් එම කළාපය තුලට අයෝජනයන් ගලා ඒම ඉතාම අඩු මට්ටමක පැවතිණි.
කෙසේ වෙතත් ඉන්දිය රජය විසින් 370 පනත සංශෝධනයත් සමඟම ජම්මු කාෂ්මීර ප්‍රදේශයට සීඝ්‍රයෙන් ආයොජන ගලා එන අයුරු දැක ගැනීමට හැකිවිය. ඒ අනුව 2019 තෙක් වසර 70ක කාලයකටම අදාල කලාපයට වෙත ඉන්දීය රුපියල් කෝටි පහලොස් දහසක අයෝජනය පමණක් ලැබී තිබුණ අතර 2019 පනත් සංශොධනයක් සමග ඉන්දීය රුපියල් කොටි පනස් හයදයසක ආයෝජනයන් ගලා ඒම සිදුවිය.
මෙම තත්ත්වයත් සමඟ එම කළාපය තුල නව රැකියා අවස්ථා බිහි වූ අතර තරුණයින් හට වඩා අභිමාතනවත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව හිමිවීමත් සමඟ ඔවුන් ගල් මුගුරු වෙනුවට නව රැකියා වලට යොමුවිය.







