22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසු රාජපක්ෂ පවුල අභ්‍යන්තරයේ ඇති වී තිබෙන අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වෙමින් ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
22 සම්මත සම්මත කරගැනීමට පෙර ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ වගන්තිය අහෝසි කරගැනීමට නොහැකි වීම සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂට දැඩි ලෙස චෝදනා කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන කටයුත්තකට තමන් සම්බන්ධ නොවන බවත් ඉදිරි කටයුතු මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට අවශ්‍ය පරිදි කරගෙන යන ලෙසත් එහිදී බැසිල් විසින් මහින්දට දන්වා ඇතැයි දැනගන්නට ඇත .
අවශ්‍යතාවය තිබුණා නම් පොහොට්ටුවට 22 වළක්වා ගත හැකිව තිබූ නමුත් ඒ සඳහා කිසිම සාධනීය උත්සාහයක් නොගැනීම සම්බන්ධව දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇති බැසිල් රාජපක්ෂ මින් අනතුරුව පොහොට්ටුවේ දේශපාලනය සඳහා තමන්ගෙන් කිසිවක් අපේක්ෂා නොකරන්නැයි මහින්ද රාජපක්ෂට දන්වා ඇත.
මේ තත්ත්වය තුළ රාජපක්ෂ කඳවුරෙන් වෙන්වන බැසිල් කණ්ඩායම නාමල් රාජපක්ෂ ඉදිරියට ගෙන ඒම සඳහා මේ වනවිට මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස දරන කිසිම ප්‍රයත්නයකට සහයෝගය නොදැක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
විශේෂත්වය වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහින්ද සහ බැසිල් අතර ඇති වී තිබෙන මෙම ගැටුම දෙස නිහඬව බලා සිටීම බව ද දැනගන්නට ඇත.







