වික්ටෝරියා ජලාශය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් යැවූ පුද්ගලයින් හත් දෙනෙකු ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එහි ඡායාරූප ලබාගත් බව කියන මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වේල්ලේ ආරක්ෂාව සඳහා යොදවා සිටින හමුදා නිලධාරීන් විසිනි.
මෙම වසර තුළ මෙලෙස වික්ටෝරියා වේල්ල ආශ්‍රිත අධිආරක්ෂිත ප්‍රදේශය ඡායාරූප ගත කළ පුද්ගලයින්ට එරෙහිව අවස්ථා තුනක දී නීති මගින් කටයුතු කර තිබේ.
දෙහිවල ප්‍රදේශයේ පදිංචි මෙම කණ්ඩායමේ සිටි තරුණයින් කිහිප දෙනෙකු කටාර් රජ්‍යයේ රැකියා කරමින් සිට මෑතක මෙරටට පැමිණ තිිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් පිරිස පැමිණි වෑන් රථය හා ඩ්‍රෝන කැමරාව ද හමුදා භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා තෙල්දෙණිය පොලීසියට බාරදී තිබේ.
වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් ලෙස ගැසට්කර තිබෙන බවත් ඇතැම් පිරිස් එම ප්‍රදේශයට ඩ්‍රෝන කැමරා යවා ඡායාරූප ගැනීමට උත්සහ කරන බවත් වේල්ලේ ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා කීය.