බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තවම කෑවේ එක මැච් එකයි… ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවේ ශ්‍රේණිගත කිරීම්වල පල්ලමට විසිවෙයි….

by editor
දෙසැම්බර් 1, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට එරෙහිව සෙනසුරාදා ඩර්බන් හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 233ක විශිෂ්ට ජයක් අත්කර ගනිමින් දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් ශූරතා (WTC) ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයට පත් වූයේය. මෙම තරගය ආරම්භයට පෙර ඔවුන් සිටියේ ශ්‍රේණිගත කිරීම්වල 5වැනි තැනය.

ශ්‍රී ලංකාව ඔවුන්ගේ විදෙස් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය විශාල පරතරයකින් පරාජය වීමෙන් පසුව, 2023 -25 ලෝක ටෙස්ට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 50%ක ප්‍රසාද ප්‍රතිශතයක් සමඟින් 5 වන ස්ථානය දක්වා පහත වැටුනි. ශ්‍රී ලංකා කණ්ඩායම සිටියේ 03 තැනය. ඔවුන් තරගය ආරම්භ කළේ 55.56% ප්‍රසාද ප්‍රතිශතයක් සමගය.

ප්‍රදර්ශනාත්මක තුන් ඉරියව් සංදර්ශනයක් සමඟින්, දකුණු අප්‍රිකාව ඕස්ට්‍රේලියාව දෙවන ස්ථානයෙන් ඉවත් කර ලබන වසරේ ලන්ඩන් හිදී WTC අවසන් මහා තරගයට ස්ථානයක් ලබා ගැනීමට සමීප විය. මේ වන විට දකුණු අප්‍රිකාව 59.26%ක ප්‍රසාද ලකුණු ප්‍රතිශතයක් ලබා දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර ඔවුන් සහභාගී වූ තරග 9 න් 5ක් ජයගෙන තුනක් පරාජය වී ඇත. ඔවුන් තරග 15 කදී ජයග්‍රහණ 9 ක් සහ පරාජයන් 5 කින් 61.11% ක ප්‍රසාද ලකුණු ප්‍රතිශතයක් ලබා ගනිමින් පළමු ස්ථානයේ රැඳී සිටින ඉන්දියාවට වඩා පසුපසින් සිටී.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ලකුණු 295ක ජයග්‍රහණයක් අත්කර ගනිමින් නොවැම්බර් 25 වැනිදා අංක 1 ස්ථානය යළි ලබා ගත්තේය. ප්‍රසාද ලකුණු ප්‍රතිශතය 61.11%ක් සමඟින් ඉන්දියාව ඉදිරියෙන් සිටින අතර දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ සිටී. ඔස්ට්‍රේලියාව (57.69%) රැගෙන තුන්වැනි ස්ථානයට වැටුනේය.   ඒ අතර ලෝක ටෙස්ට් ශූරතාවයේ 2021 ජයග්‍රාහකයින්වන නවසීලන්තය (54.55%) පළමු පස් දෙනා අතරට පැමිණ සිවු වන ස්ථානයට පැමිණෙද්දී අප 5ට වැටුනේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

බලාපොරොත්තු සහිතව ගිය දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භයේ දීම අප ලෝක ටෙස්ට් ශූරතාවයේ වාටියට තල්ලු වී තිබේ. මේ ක්‍රිකට් ගැහිල්ලෙන්නම් කිසිම පලක් නැති බව මුල් තරගයේ දි සන්නිවේදනය කර ඇත. අවුරුදු හතලිහකටත් වැඩිය ටෙස්ට් ක්‍රිකට් ගසා වේගපන්දුවට හුරු තණ තීරුවකදී දෙකොණ මූට්ටුවන තැන හදාගන්නට බැරිවීම ඛේදවාචකයක් බව ක්‍රිකට්වලට ආදරය කිරිම පමණක් සහිත ක්‍රීඩාවට හිතවත් අපට ගැටලුවකි. පසුගිය එංගලන්ත සංචාරයේ දී වෙනසක් වූ බව සැබෑය. එහෙත් අප ප්‍රශ්න කරන්නේ ක්‍රීඩා විලාශයේ අඛන්ඩතාවය ය. මිනිස්සුන්ට ස්වීප් ඇදෙන්නේය. එවැනි ජයග්‍රහණ ක්‍රිකට්වලට වැඩක් නැත. පරාද විය හැකිය. එහෙත් පරාජයට තර්කයක් තිබිය යුතුය. රටින් පිටට අඩිය තැබූ වහාම අප අතාර්කික පරාජයන් රැසක ඛේදනීය ගොදුරුය. උත්තරය ඕනෑ මෙතැනටය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොටි සංවිධානය නමින් මුදල් එකතු කළ කිළිනොච්චියේ බ්‍රිතාන්‍ය වැසියෙක් ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට…

Next Post

වාහන ආනයනය පෙබරවාරියේ… එය නිසැකව සිදුවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි….

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.