අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

නවෝත්පාදන හරහා ජනතාව නව ලොවට ගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන් බවට පත් කිරීම IIHS දැක්මයි!

by editor
මාර්තු 24, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) 2001 වර්ෂයේදී American College of Health Sciences (ACHS) ලෙස ආරම්භ විය.

මෙම අධ්‍යාපන ආයතනය ලොව පුරා සේවයේ යෙදවිය හැකි සුදුසුකම් ලත් හෙද හෙදියන් පුහුණු කිරීමේ සුවිශේෂ අරමුණ සඳහා ස්ථාපනය කර ඇත. ආයතනය ACHS ලෙස නම් කරන ලද්දේ ඇමරිකා එක්සත් ජනපදයේ වසර ගණනාවක් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සිදු කළ වෛද්‍ය ලෙනාඩ් රණසිංහ මහතා විසිනි. ACHS හෙද පාඨමාලා කැලිෆෝනියාවේ Pacific Union College (PUC) මත පදනම් විය. එක්සත් ජනපදයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කිරීමේදී තමන් ලැබූ අත්දැකීම් ඇසුරින් වෛද්‍ය ලෙනාඩ් රණසිංහ මහතා සහ මහාචාර්ය නිහාල් ද සිල්වා මහතා ලොව පුරා ඇති හෙද හෙදියන්ගේ හිඟය සහ එක්සත් ජනපදයේ මෙන්ම ලොව පුරා සුදුසුකම් ලත් හෙද වෘත්තීකයන් සඳහා ඇති අවස්ථා පිළිබඳව වැඩි වශයෙන් උනන්දු වූයේය. IIHS ආයතනය ස්ථාපනය කිරීමට වෛද්‍ය ලෙනාඩ් රණසිංහ මහතා සහ මහාචාර්ය නිහාල් ද සිල්වා මහතා විශාල ශක්තියක් විය.

IIHS ආයතනය සෞඛ්‍ය අධ්‍යාපනය, පර්යේෂණ සහ ප්‍රජා සංවර්ධනය පිළිබඳව වසර 22ක ඉතිහාසයක් සහිත කීර්තිමත් ආයතනයකි.  ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කළාපයේ හෙද සහ ඒ ආශ්‍රිත සෞඛ්‍ය අධ්‍යාපනයට IIHS ආයතනය සුවිශාල දායකත්වයක් දක්වයි. සෞඛ්‍ය සේවා වෘත්තිවල නිරතවන්නන්ට ඉහළ පිළිගැනීමක් ලැබීමට අවස්ථාව සැළසීම, තිරසාරභාවය, නවෝත්පාදනය, ලොව පුරා සිටින හවුල්කරුවන්ගේ දැනුම හා විශිෂ්ට භාවිත ඇසුරෙන් වෘත්තිකයන්ගේ පෞරුෂය, වෘත්තීයභාවය, කුසලතා සහ මනුෂ්‍යත්වය වර්ධනය කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ක්‍රියා කිරීම IIHS ආයතනයේ අරමුණු වේ. IIHS ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් තුළින් ධනාත්මක සහ නිර්මාණශීලී ප්‍රජාවක් බිහි කිරීමට, අධ්‍යාපනය හදාරන සිසුන් තුළ ගෞරවය, උත්සාහය, සේවයට කැපවීම, ධනාත්මක බව, විශිෂ්ටත්වය, නිර්මාණශීලිත්වය සහ කණ්ඩායම් හැඟීම ආදී ගුණාංග වර්ධනය කිරීමට IIHS ආයතනය නිරන්තරයෙන් ක්‍රියා කරයි. නවෝත්පාදන හරහා ජනතාව අලුත් ලොවකට රැගෙන යමින් ඔවුන් අලුත් විදියට සිතන පුද්ගලයන් බවට පත් කිරීම IIHS ආයතනයේ දැක්ම වේ. 

IIHS ආයතනය සිසුන්ට පදනම් අදියරේ සිට ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි (Foundation, Diploma, Bachelor, Masters and PhD) දක්වා උසස් අධ්‍යාපන පහසුකම් සපයයි. හෙද සේවය (Nursing), ජෛව වෛද්‍ය විද්‍යාව (Biomedical Science), භෞත චිකිත්සාව (Physiotherapy), සෞඛ්‍ය පරිපාලනය (Health Administration), IELTS, OET, PTE, අධ්‍යාපනය සහ ඉගැන්වීම් (Education & Teaching) ආශ්‍රිත පාඨමාලා IIHS ආයතනයෙන් සිසුන්ට හැදෑරිය හැකිය. IIHS ආයතනය කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය (Coventry University), ඩීකින් විශ්ව විද්‍යාලය (Deakin University), ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය (Aberdeen University), ෆින්ලන්තයේ මෙට්‍රොපොලියා විශ්ව විද්‍යාලය (Metropolia University Finland), ජේම්ස් කුක් විශ්ව විද්‍යාලය (James Cook University) යන විශ්ව විද්‍යාල සමග හවුල්කාරීත්ව ඇති කර ගෙන තිබේ. සියලු සිසුන්ට අවස්ථා හිමි වීම, කළාපීය සිසුන් ජාත්‍යන්තර අධ්‍යාපනයට ප්‍රවේශ කිරීම, සියලු අධ්‍යයන වැඩසටහන් දැරිය හැකි මිලකට සැපයීම, තරුණ පරපුර දේශීය සහ විදේශීය පිළිගැනීම සහිත සාර්ථක වෘත්තිකයන් බවට පරිවර්තනය  කිරීම, ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිති සහ ඉහළ වටිනාකම් ඇති අධ්‍යාපන ක්‍රමවේද පිළිපැදීම, අධ්‍යාපනයට නව ප්‍රවණතා සහ නව තාක්ෂණය ඇතුළත් කිරීමෙන් නවෝත්පාදනයට යොමු වීම, සිසුන්ව සුදුසු රැකියා අවස්ථා සඳහා යොමු කිරීම IIHS ආයතනයේ සුවිශේෂතා වේ.

IIHS වෙතින් අධ්‍යාපනය ලැබීමට පැමිණෙන සෑම සිසු‌වෙකුටම “සෑම පියවරකදීම අපි ඔබ වෙනුවෙන් සිටිමු” යන සංකල්පය තහවුරු කිරීමට IIHS ආයතනය සෑම විටම ක්‍රියා කරයි. එමඟින් IIHS ආයතනයේ ඉගැනීම් කටයුතු සඳහා පැමිණෙන සිසුන් තුළ එම ආයතන කෙරෙහි විශ්වාසනීය බැඳීමක් ඇති වේ. සිසුන් පැමිණෙන මොහොතේ සිට උපාධිය අවසන් කරන මොහොත දක්වා ඔවුන්ට උපකාර කිරීම සඳහා උපකාර සහ සංවර්ධන සේවා රාශියක් IIHS ආයතනය හඳුන්වා දී තිබේ. ගුවන් තොටුපොළේදී සිසුන් රැගෙන යාම (අවශ්‍ය නම්), නව පැමිණීමේ වැඩමුළු පැවැත්වීම, විශ්ව විද්‍යාල චාරිකා සඳහා සිසුන් රැගෙන යාම, ශිෂ්‍ය සහායක කණ්ඩායම නවක සිසුන් සාදරයෙන් පිළිගැනීම, නවක සිසුන් ආරක්ෂිතව තබා ගෙන ඔවුන් තුළ යහපත් විශ්වාසයක් ගොඩ නැගීම IIHS ආයතනයේ ශිෂ්‍ය සහායක කණ්ඩායම විසින් සිදු කරනු ලබයි. සංස්කෘතික උපදේශක වැඩසටහන මගින් ශ්‍රී ලාංකේය සංස්කෘතිය, සිරිත් විරිත් සහ IIHS ආයතනයේ ශිෂ්‍යයකු වීම පිළිබඳව නවක සිසුන්ව දැනුවත් කරයි. IIHS ආයතනය සපයන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ‘මිත්‍රයෙකු’ වෙත නව ජාත්‍යන්තර සිසුන්ව හඳුන්වා දෙනු ලබයි. ශිෂ්‍ය සහායක කණ්ඩායම සෑම විටම IIHS ආයතනයේ අධ්‍යාපනය හදාරන සිසුන්ට අවශ්‍ය උපදෙස් සපයන අතර විශ්ව විද්‍යාල ජීවිතයේ සියලු අංශ, ශිෂ්‍ය වීසා, යහපැවැත්ම, අධ්‍යයන කාර්ය සාධනය, විභාගවලට සූදානම් වීම සඳහා අවශ්‍ය තොරතුරු, උපදෙස් සහ සහයෝගය සපයයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

IIHS ආයතනයේ අධ්‍යාපනය හදාරන සිසුන්ව නිරන්තරයෙන් සතුටින් සහ සෞඛ්‍ය සම්පන්නව තැබීමට පාලනාධිකාරිය කැප වී සිටී. IIHS ආයතනයේ අධ්‍යාපනය හදාරන සෑම සිසුවෙක්ම සැහැල්ලුවෙන්, මානසික ආතතියෙන් තොරව කටයුතු කරයි. IIHS ආයතනයේ සිසුහු එකට එකතු වී ගීත රචනය, සංගීත නිර්මාණය, චිත්‍රපට සැකසීම වැනි කලාත්මක අංශ කෙරෙහිද යොමු වෙති. IIHS ආයතනයේ අධ්‍යාපන ක්‍රමවේදයෙහි සුවිශේෂත්වය වන්නේ යම් විෂයක් හැදෑරීමේදී යම් සිසුවකුට එම විෂයේ යම් කොටසක් හැදෑරීම අපහසු නම් ජ්‍යෙෂ්ඨයකුගේ සහාය ලැබිය හැකි වීමයි. සිසුන්ට තමන්ට අපහසු විෂය කොටස්වලට තනි පුද්ගල ඉගැන්වීම් සඳහා යොමු විය හැකි අතර සම වයසේ සහායක ඉගැනුම් ක්‍රමවේදයක්ද හඳුන්වා දී තිබේ. මෙවැනි වැඩසටහන් තුළින් සිසුන් අතර අන්‍යාන්‍ය සුහදතාව වර්ධනය වේ. සිසුන්ගේ කථන කුසලතා, නායකත්ව හැකියා සහ තවත් බොහෝ දෑ වර්ධනය කිරීමට IIHS ආයතනය කටයුතු කරයි. මෙවැනි වැඩසටහන් හරහා දරුවන්ගේ එකමුතුකම සහ කණ්ඩායම් හැඟීම වර්ධනය වන අතර ආදර්ශවත් මිනිසෙකු සමාජයට දායාද කිරීමට IIHS ආයතනය නිරන්තරයෙන් කටයුතු කරයි.

Share69Tweet43
Previous Post

මුලතිව්හි ද්‍රවිඩ ආරක්ෂක නිලධාරියෙක් පූර්ණ ගෞරවාචාර මැද අවසන් ගමන් යයි!

Next Post

ලක්ෂ 15ක් වටිනා කීරි සම්බා වී මිටි සහිත ලොරියක් කොල්ල කෑ සැකකරුවන් 28 තෙක් රිමාන්ඩ්… ප්‍රශ්න කරද්දී අයෙක් පොලියේ උඩ තට්ටුවෙන් පැනලා පොලොන්නරුව මහ රෝහලේ…

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.