දිනසේන රතුගමගේ –
මුලතිව් ප්‍රදේශයේදී පලමු වරට මියගිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ අවමංගල කටයුතු පූර්ණ ගෞරවාචාර මැද 23 දා මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී සිදු කරණ ලදී.
පූර්ණ හමුදා ගෞරවාචාර මැද දෙමළ ජාතික ආරක්ෂක නිලධාරියෙකුගේ අවමගුල් උළෙලක් මුලතිව්හි පැවති පලමු අවස්ථාවද මෙය වෙයි.
යුද්ධය හමාර වී සාමය උදා වීමෙන් පසුව උතුරේ තරුණ තරුණියන් 3000 ක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී සඳහා බඳවා ගත් අතර මියගිය කන්දසාමි ජේකබ් (මයුරන්) නැමති අයද එසේ ආරක්ෂක ආංශ රැකියාවට එක් වූ අයෙකි.
ඔහු සේවය කරමින් සිටින අතරවාරයේ හදිසියේම අසනීප වීමකින් මියගීය පසුව ඔහුගේ අවසන් කරයුතු මුලතිව් වෙල්ලපල්ලම් සුසාන භූමියේදී ප්‍රර්ණ ගෞරවාචාර මැද සිදු කොට තිබේ.