සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

IIHS ආයතනය ‘අපි පිළිගැනීමෙන් ඉහළයි’ තේමාව දියත් කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරයි

by Lanka Sara Editor
මාර්තු 13, 2024 - Updated on මාර්තු 17, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්ති වෙත පිවිසීමට අපේක්ෂා කරන සිසුන් සඳහා වන අධ්‍යාපන වැඩසටහන් වඩාත් පුළුල් කරමින් International Institute of Health Sciences (IIHS) දකුණු ආසියානු කළාපයේ සෞඛ්‍ය අධ්‍යාපන ආයතන අතර ඉදිරියටම පැමිණ තිබේ. ආරම්භයේ පටන් IIHS ආයතනය බිහි කළ ගෝලීය පිළිගැනීමක් සහිත සෞඛ්‍ය වෘත්තිකයන් මෙරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටු කරන වෘත්තිකයන් බවට පත් වී තිබේ. කුසලතාවලින් හෙබි වෘත්තිකයන් බිහි කිරීම හරහා මෙරට පමණක් නොව ලොව පුරා විහිදුණු කීර්තියක් ලබා ඇති IIHS ආයතනය පසුගියදා ඔවුන්ගේ නවතම තේමාව වන “අපි පිළිගැනීමෙන් ඉහළයි” දියත් කළේය. ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීම හුදු ඉලක්කයක් වශයෙන් නොව යථාර්තයක් වශයෙන් සැළකීම එම ආයතනය සතු සුවිශේෂ ලක්ෂණයකි. මෙරට මෙන්ම ගෝලීය සෞඛ්‍ය පද්ධතිවලට පිවිසීමට අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් ගුණාත්මක බවින් යුතු අධ්‍යාපන වැඩසටහන් පිරිනැමීමට IIHS ආයතනය අඛණ්ඩව කටයුතු කරයි. එම ආයතනයේ විෂය නිර්දේශය සහ ඉගැන්වීම් රටාව ප්‍රතිපල ඉලක්ක කර ගත් ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව සකසා ඇත. දැරිය හැකි ගාස්තු යටතේ සිය අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට IIHS ආයතනය සෑම විටම කටයුතු කරයි. ගෝලීය පිළිගැනීම මෙන්ම ප්‍රමුඛ පෙළේ පාර්ශ්වකරුවන් සමඟ ඇති කර ගෙන තිබෙන හවුල්කාරිත්ව IIHS ආයතනය සැබැවින්ම ‘පිළිගැනීමෙන් ඉහළ’ අධ්‍යාපන ආයතනයක් ලෙස අනෙකුත් අධ්‍යාපන ආයතන අතර ඉහළින්ම ඔසවා තබයි.

Deakin University, James Cook University, Edith Cowan University (ඕස්ට්‍රේලියාව), Coventry University, University of Aberdeen (එක්සත් රාජධානිය), Metropolia University (ෆින්ලන්තය), SUNY Canton University (එක්සත් ජනපදය) සහ වැනි ගෝලීය පිළිගැනීමක් සහිත විශ්ව විද්‍යාල රැසක් සමඟ හවුල්කාරිත්ව ඇති කර ගනිමින් විශිෂ්ටත්වය සඳහා තමන් සතු කැපවීම තහවුරු කිරීමට IIHS ආයතනයට හැකි වී ඇත. මෙම හවුල්කාරිත්ව තුළින් IIHS ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන්ට නවීන ලෝකයට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සහ ගෝලීය වශයෙන් පිළිගත් විශේෂඥයන් බවට පත් වීමට අවස්ථාව ලැබේ. IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙලෙස පැවසීය. “විවිධාකාර අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට සිසුන්ට උපකාර වන IIHS ආයතනය වෘත්තීය, පළමු උපාධි සහ පශ්චාත් උපාධි මට්ටමේ අධ්‍යාපන වැඩසටහන් පිරිනමන අධ්‍යාපන ආයතනයක්. හෙද හා සෞඛ්‍ය අධ්‍යාපන, ජෛව වෛද්‍ය විද්‍යා, අධ්‍යාපන, සෞඛ්‍ය ව්‍යාපාර කළමනාකරණ සහ සම-සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර රැසකට අදාළ පාඨමාලා ඒ අතර පවතිනවා. මෙම පාඨමාලා හරහා ගෝලීය වශයෙන් ඉදිරියට යාමට අවශ්‍ය දැනුම, නිපුණතා සහ හැකියාවලින් සිසුන් සන්නද්ධ කිරීම අපගේ බලාපොරොත්තුවයි. ‘පිළිගැනීමෙන් ඉහළයි’ යන තේමාව අනුව යමින් හුදෙක් වෘත්තිකයන් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංකීර්ණ තත්ත්වලට මුහුණ දිය හැකි නායකයන් බිහි කිරීමට අප ඉදිරියටත් කටයුතු කරනවා.”

සිද්ධාන්තමය දැනුමින් පමණක් නොව වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවණතාවලට ගැළපෙන ආකාරයේ ප්‍රායෝගික කුසලතාවලින් හෙබි වෘත්තිකයන් බිහි කිරීම IIHS ආයතනය ප්‍රමුඛ කර සළකයි. ක්ෂේත්‍රයේ ඉදිරියටම යමින් සිසුන් සඳහා වන අධ්‍යාපන අවස්ථා පුළුල් කර ඇති IIHS ආයතනය සීමාවලින් ඔබ්බට යෑමට තමන් සමඟ එක් වන ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට බලාපොරොත්තු වන සියලු දෙනාට ආරාධනා කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

අවුරුදු 13ක් නඩු අසා පාසල් සිසුවියට අතවර කළ සල්ලාලයාට අද දඬුවම් දෙයි… අවුරුදු 10ක් බරපතල වැඩ ඇතිව හිරේ!

Next Post

බංගලියන්ට සුපිරි ජයක්… මේ තරගයේ අපට උනේ කුමක් ද?

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.