හැටන් රංජිත් රාජපක්ෂ –
පාසල් සිසුවියක් අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ වසර 13ක් පුරා ඇසුණු නඩුවකින් අනතුරුව අපරාධකරු වසර 10 ක බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කිරිමට මහාධිකරණ විනිසුරු විරාජ් වීරසුරිය නියෝග කළේය.
මෙසේ වසර දහයක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම වුයේ නානුඔය ප්‍රදේශයේ පදිංචි ෆාරුක් මොහොමඩ් සලිඩ් (52) නැමති පුද්ගලයෙකි.
චුදිත 2011 වසරේ නානුඔය ප්‍රදේශයේ අවු 16 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් එම සිසුවියගේ දෙමව්පියන් විසින් නානුඔය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.
වසර 13ක් තිස්සේ විභාග වෙමින් පැවති මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව ලැබි තිබු සාක්ෂි මත මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නඩු තින්දුව ලබා දී තිබිණි.
සිර දඩුමට අමතරව වින්දිත සිසුවියට රු ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කල අතර , එම වන්දි මුදල ගෙවීමට අපොහෝසත් වුවහොත් ලබා දි ඇති සිර දඩුවම් කාලයට අමතරව තවත් වසර තුනකින් දිර්ඝ කිරිමට විනිසුරුවරයා නියෝග කළේය.
තවද චුදිතට රුපියල් 15,000 ක දඩ මුදලක් අධිකරණය වෙත ගෙවන ලෙසට නියෝග කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම් කාලයට අමතරව තවත් මාස තුනකින් සිරදඬුවම දිර්ඝ කිරිමට නියෝග කළේය.