ශ්‍රියානි විජේසිංහ –
ජාතික පාසල් සහ පළාත් සභා පාසල් ලෙස භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් බවට පත් කිරීමේ සැලසුමක් ක්‍රියාවට නංවන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
මෙම සැලසුම ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන බවත් එක්වර එය ක්‍රියාවට නැංවීමට නොහැකි වුවත්, ක්‍රමානුකූලව අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව මඟින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පාසල්වල ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සිදු කරන බවත් ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කළ යුතු බවත් ඇමැතිවරයා පැවසුවේය.
ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කරන වැඩසටහන් සදහා තාක්ෂණය යොදා ගැනීම අත්‍යවශ්‍ය බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා තාක්ෂණය යොදා ගත යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පන්ති කාමරයේ යම් විෂයක ඒකකයක් උගන්වා අවසන් කිරීමෙන් පසුව අභ්‍යාස ලබාදී ඒවාට ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවිය යුතු බවත් බොහෝ රටවල එම ක්‍රමවේදය ක්‍රියාවට නංවන බවත් ඇමැතිවරයා පැවසුවේය.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කාලීනව වෙනස් විය යුතු අතර අධ්‍යාපන ඇමැතිවරයා වෙනස් වූවාට එය වෙනස් නොවිය යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.