මේ වනවිට කොළඹ ගත කරන රුසියානු කෝටිපති ඇන්ඩ්‍රෙයි මෙල්නිචෙන්කො අද (17) අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන් හමුවී ඔවුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමේ සැලසුමක් ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.
ප්‍රධාන වශයෙන් පතල් කැණීම් හා පොහොර ව්‍යාපාර හරහා තම ධනය රැස් කරගත් මෙල්නිචෙන්කෝ අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසු අද කොළඹ වරාය නගරයට පැමිණෙනු ඇතැයි පැවසේ.