අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සිය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස IIHS නම් කරයි

by Lanka Sara Editor
ජනවාරි 7, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සිය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය විසින් නම් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ සන්නාමගත විශ්ව විද්‍යාලයක් බිහි කිරීමට තිබෙන අවස්ථා ගවේෂණය කරමින් IIHS සහ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය අතර දීර්ඝ කාලයක් සිදු වූ සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස මෙය සිදු විය. 2013දී උපාධි අපේක්ෂක හෙද සිසු සිසුවියන් ඉලක්ක කර ගත් වැඩපිළිවෙලක් සමඟ මෙම සහයෝගීතාව ආරම්භ විය. එය පසුගිය කාලය තුළ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය සහ පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම ඉලක්ක කර ගත් පුළුල් වැඩසටහනක්  බවට පත් වී තිබේ.

මෙම සහයෝගිතාවේ තවත් අදියරක් ලෙස IIHS සහ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. ඉහළ ගුණාත්මකභාවයකින් යුත් අධ්‍යාපන අවස්ථා උදා කිරීමට එම ආයතන සතු අන්‍යොන්‍ය කැපවීම තහවුරු කරන මෙම අවබෝධතා ගිවිසුම අනාගතයේදී බොහෝ මුලපිරීම් සඳහා මඟ පාදනු ඇත. කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා පසුගියදා IIHS හි නිල සංචාරයකට විය. එය මෙම සහයෝගිතාව වඩාත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට ඉවහල් වනු ඇත.

වර්තමානයේදී IIHS හි කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලයට අනුබද්ධ අධ්‍යාපන වැඩසටහන් සහ මොඩියුල හදාරන සිසු සිසුවියන් සංඛ්‍යාව 1,300කට අධික වේ. ඉදිරියේදී එම පාඨමාලා වඩාත් විවිධත්වයකට ලක් කරමින්, දකුණු ආසියානු කළාපයේ සිසු සිසුවියන්ට පුළුල් පරාසයක විහිදුණු අධ්‍යාපන අවස්ථා සළසා දීමට සැළසුම් සකසා තිබේ. මෙම සහයෝගිතාවේ ප්‍රතිපලයක් ලෙස සැබෑ පාඨමාලා ගාස්තුවෙන් දහයෙන් එකක් වැනි අවම ගාස්තුවක් යටතේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පාඨමාලා හැදෑරීමට සිසු සිසුවියන්ට අවස්ථාව හිමි වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“අපි ඉතාමත් සතුටු වෙනවා කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ මේ ආකාරයෙන් අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන. මේ යටතේ IIHS ආයතනය දකුණු ආසියාවේ සන්නාමගත විශ්ව විද්‍යාලයක් බවට පත් වෙන්න විභවයක් තිබෙනවා. මේ තුළින් උසස් සහ ගුණාත්මක අධ්‍යාපන අවස්ථා නිර්මාණය කිරීමට අප සතු කැපවීම වගේම දකුණු ආසියානු කළාපය පුරා විහිදී සිටින සිසු සිසුවියන්ට එම පාඨමාලා හැදෑරීමට ඇති අවස්ථා පුළුල් කිරීමට අප සතු ඒකාබද්ධ දැක්ම පිළිබිඹු වෙනවා.” IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කිත්සිරි එදිරිසිංහ සඳහන් කළේය.

 

“IIHS ආයතනය සමඟ වර්ධනය කර ගත් මේ සහයෝගීතාව තුළින් කළාපය තුළ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලයේ දැක්ම ව්‍යාප්ත කරන්නට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඒ තුළින් බොහෝ කළාපීය සෞඛ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අපට හැකියාව ලැබෙනවා. අපේ මේ සහයෝගය තුළින් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට වැඩි වැඩියෙන් සෞඛ්‍ය වෘත්තිකයන් එක් කරන්නටත්, ශ්‍රී ලාංකිකයන්ට එක්සත් රාජධානියේ රැකියා අවස්ථා උදා කර ගන්නටත් හැකි වනු ඇති.” කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජෝන් ලැතම් සඳහන් කළේය.

Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු එක්දින  තරගය සේදෙයි… මෙහෙම ගියොත් දසුන්ගේ ඉරණමත් විසඳෙයි…

Next Post

පාරිභෝගිකයන්ට නවමු අත්දැකීමක් සපයමින් Phoenix වැලිසර ප්‍රදර්ශනාගාරය උත්සවාකාරයෙන් විවෘත වේ

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.