සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ඇලුමිනියම් වෑද්දුම් ශිල්පයෙන් ලෝකය දිනාගත් වානේ පන්නරය ලැබූ යකඩ ගැහැනිය!

අද ඇය අපේ තරුණ තරුණියන්ට ලෝකය දිනාගන්න මග කියන ගුරුවරියක්....

by editor
දෙසැම්බර් 15, 2023
in ව්‍යාපාර
Erandi
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අපි බිඳවැටී පණ අදමින් සිටින සමාජයක මිනිසුන් වෙමු. ජීවිත අපේක්ෂාවෙන් ආර්ථික මරණය හා පොරබදන  ඒ සමාජය දැන් ඉල්ලා සිටින්නේ සුවිශේෂී මිනිසුන්ය. අභියොග අභියෝගාත්මකව භාරගත හැකි මිනිසුන්ය. එවැනි ආදරණීය ගැහැණියක් ගැන ගෞරවාන්විත සටහනක් තබමි. 

ඇය එරන්දි ෂිරෝමිය.

කවදාවත් තරුණියක තෝරා ගැනීමවත් නොහිතන වෘත්තියක් ඇය තෝරා ගත්තාය. ඒ ඇලුමිනයම් වැද්දුම් ශිල්ප ය ය. ජාතික ආධුනිකත්ව මණ්ඩලයෙන් එම පාඨමාලාව හදාර එන්.වී,කිව් ප්‍රමාණ සහිතකය ගත් පළමු ශ්‍රී ලාංකේය කාන්තව ඇය ය. එමෙන්ම ඇළුමිනියම් කර්මාන්තයේ පළමු පිළිගත් තක්සේරුකාර කාන්තාව ඇයය.

Erandi
එරන්දි ශිරෝමි

 

ඇය ගැන තවත් කිව යුතු දෙයක් ඇත.  ශිරෝමී ක්ෂේත්‍රය පිළිගත් ගෞරවනීය ආචාර්යවරියකි. තරුණ දරුවන් වෙනුවෙන් එම දැනුම බෙදා දීම වසර ගණනක් සිදුකළ විශිෂ්ට ගැහැණියකි. මේ වනවිට ඇලුමිනියම් කර්මාන්තයේ  අන්තර්ජාතික තක්සේරු සහිතකය ලැබූ එකම ශ්‍රී ලාංකේය කාන්තාව ඇයය.

මේ වනවිට ඇය සිය වෘත්තිය කරන්නේ ජපානයේ තාක්ෂණික ආයතනයකය. ඇය එහි ප්‍රධාන කළමනාකාරවරිය ය.  “පිරිමින්ට පමණයි” යැයි කී රැකියා ක්ෂේත්‍රයක අන්තර්ජාතික තලයේ අවධානයට ලක්වන තෙක් සිය වෘත්තීය ගමන ගිය එරන්දි ෂිරෝමි සමග ලංකාසර කෙටි පිළිසඳරක් ගොඩනගන්නේ විශේෂ නිමිත්තක් මතය. දුර්භාග්‍යය හමුවේ අඳෝනා කියමින් වැළලෙන්නට යන ජාතිකයකට ලිංග භේද අමතක කර අභියෝග ජයගත යුතු මිනිසුන් වැඩි වැඩියෙන් අවශ්‍ය බව කියන්නටය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එරන්දි ෂිරෝමි සිය කතාව අපට කීවාය. අපි දැඩි අවධානයකින් යුතුව ඒ අපූරු පෙළගැස්ම අසා සිටියෙමු.

“ මගේ ගම ඇල්පිටියේ.  අම්මලා හිටියේ මතුගම  වැලිපැන්නේ. මම හැදී වැඩී ලොකු මහත් වුනේ මතුගම. අධ්‍යාපනය ලැබුවේ මතුගම ශාන්ත මාරියා විද්‍යාලයෙන්.”

“ ඇත්තටම උසස් පෙළින් පස්සේ මට අවශ්‍ය වුනේ නෑ සම්ප්‍රදායික ක්‍රමවේදයට රැකියාවක් කරන්න. මගේ ලොකු තාත්තා මට කිව්ව කතාවක් තිබුණා. හැම කෙනාම කරන දේ ගැන කල්පනා නොකර අලුත් දෙයක් කරන්න කියලා.”

Erandi
එරන්දි උපදේශකවරියක ලෙස…

ඒ හින්දා මම උසස්පෙළින් පස්සේ වෘත්තීය පුහුණු අධිකාරියෙන් මෙහෙයවන තාක්ෂණික පාඨාමාලවක් කරන්න හිතුවා. රජයේ වෘත්තීය පුහුණු පාසලේ විදුලි කාර්මික ශිල්පීය පාඨමාලව හැදෑරීම සඳහා මම යොමු වුනා.  මුලින්  මම තෝරගත්තේ   ඉන්ඩස්ට්‍රියල්  ඉලෙක්ට්‍රිකල් කියන විෂය. ඒ විෂය හදාළ කාන්තාවන් සිටියේ අතේ ඇඟිලි ගණනකටත් වඩා  අඩුවෙන්. වාසනාවකට මගේ  පාඨමාලාව භාරව හිටියේ ගුරුවරියක්.   පිරිමි ළමයි පහළොවක් හිටිය පන්තියෙ එකම ගෑනු ළමයෙක්ට හිටියෙ මම.

නමුත් පාඨමාලාව ගුරුවරියක් යටතේ තිබීම මගෙ ආත්මශක්තිය වැඩිවීමට හේතුවක් වුණා. එදා මට අවශ්‍ය වුනේ විෂය සමබන්ධ උපදේශිකාවක් වෙන්න. මේ මාස හයක පාඨමාලාව හදාරලා වසරක ප්‍රායෝගික පුහුණුව තොරගන්න රත්මලාන කාර්මික විද්‍යාලයට යන්න ඉද්දි මට ලක්ෂ්මන් සර්ව මුණගැහෙන්නෙ. ඉලෙක්ට්‍රිකල් පැත්තෙන් මගේ ටාගට් එකට යන්නනම් අවුරුදු හතරක්වත් ඉගෙන ගන්න ඕන.

ඒ නිසා අලුත් පාඨමාලාවක් ඇවිත් තියෙනවා ඒකට ඉල්ලුම් කරන්න කියලා අදහස දැම්මෙ ලක්ෂ්මන් සර්. කෝකටත් මුලින් ක්ලාස් එකට ගිහින් පොඩ්ඩක් එතන කරන්නෙ මොනවද කියල බලල එන්න කිව්වා. මම අම්මත් එක්ක ක්ලාස් එක පැත්තට එනකොට එතන පිරිමි ළමයි වෙල්ඩින් වැඩ  කරනවා.

හරියට ගරාජ් එකක් වගේ. මේකද ඔයාට කරන්න තියෙන්නේ  වගේ බැල්මකින් අම්මා එකපාරට මගේ මූණ බැලුවා. එතන හිටිය සර් මට වෙනසක් පෙන්නුවේ නෑ. එළියට ආව ගමන් අම්මා ඇහුවේ පුතේ උඹට ඕවා කරන්න පුළුවන්ද කියලා. ඒ වෙනකොට මම තීරණය අරන් තිබ්බෙ.

ඒ නිසා කමක් නෑ කරල බලමු කියල මම අම්මට කිව්වා. මම තෝරගත්තේ  ඇලුමිනයම් තාක්ෂණ ශිල්පය පිළිබඳ (  Aluminium fabricator ) පාඨමාලාව.  පාඨමාලාව මාස 06යි.”

මීට අවුරුදු 15 -20 කාලයකට පෙර මේ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කාන්තාවක් හිතුවෙ වත් නෑ. මොකද ඒ පාඨමාලාවේ කටයුතු හරිම බරයි. ක්ෂේත්‍ර රැකියාවක්. දිවා රෑ නැතිව ගැටෙන්න වෙන්නේ පිරිමි අය එක්ක. උඩ නැගගෙන, වැල්ඩින් කරගෙන කරන බරවැඩක් සේ සැලකිය හැකි රැකියාවකට විවෘතවන ක්ෂේත්‍රයක් ගැන ඇත්තටම ඔවුන් ගැහැණු ළමයින් උනන්දු නෑ. එ් සඳහා කිසිම පෙළඹවීමක් නොකරන යම්  ගතානුගතිකත්වයක් සහිත සමාජයක් තමයි අපට තියෙන්නේ. “

“ කොහොමහරි  දැන් ඉතින් පාඨමාලාව කරගෙන යනවා. උඩ නගින්න පට්ට බයයි. වීදුරු කපන්න බයයි. ඒත් මගේ උපදේශකවරු ඒ බය නැති කළා. මාව මේ වෘත්තීයට හුර කළා.  ක්ෂේත්‍රයේ ඕනෑම දෙයක් වගකීමක් සහිතව ඉටු කරන්න පුලුවන් කියන විශ්වාසය මට ගොඩනැගුනා.  අවසානයේ දී මුළු පාඨමාලාවෙන් දෙවැනි තැනට ලකුණු ගන්න මට හැකි වුනා.“

ඇය කියන්නී සතුටිනි. මොහොතක විරාමයක දී ඇයව විමසුවෙමි.

“ එරන්දි… ට්‍රේනින් ඉවර වෙලා මොනවද කළේ.”

“ මම මගේ කියලා වැඩ කරන්න කොන්ත්‍රාත් ගත්තා.” ඇය සිනාසෙමනි කීවාය.

“ ඉතින් මේ පොඩි කෙල්ලෙකුට මිනිස්සු කොන්ත්‍රාත් දුන්න ද ඇලුමිනියම් වැඩ කරන්න.” මම ඇසුවෙමි.

ඇය යළිත් සිනාසුනාය. “ පළවෙනි වැඩේ කරලා ඉවර වුනාට පස්සේ මං ගැන ලොකු විශ්වාසයක් ගොඩනැගුනා ඒ වැඩේ කළ කෙනාට. ඊට පස්සේ එක දිගට වැඩ එන්න ගත්තා. වැඩ හොඳයි කියන සහතිකය සමාජයෙන්ම ලැබුණා. ඒ අතරෙ මට කැන්ද ලන්ද වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් ආරාධනා කළා දේශන තියන්න. තරුණ ළමයි විශාල  පිරිසකට මේ තාක්ෂණික ශිල්පය ඉගැන්නුවා. ඒ අතර මගේ බාහිර ඉදිකිරීම් ව්‍යාපෘතිත් කළා.   ඒ අතරෙ. එම්.වී.කිව් කළා. ඇලුමිනියම් ක්ෂේත්‍රයේ  සහතික ලත් තක්සේරු කරුවෙක් ලෙස සුදුසුකම් ලැබුවා. ඒ කාලේ මේ ක්ෂේත්‍රයේ එකම සහ පළමු සහතික ලත් කාන්තා තක්සේරුකාරිය වුනේ මම.  “

අනතුරුව ඇය ජපානයට යන්නීය. ඒ වයස අවුරුදු 36ක දී ය. ඇලුමිනියම් ක්ෂේත්‍රයේ අධ්‍යයන අවස්ථාවක් සඳහා  ඇයට අවස්ථාව ලැබෙන්නේ වසය අවුරුදු 36 දීය. ඊට විශේෂ හේතුවක් තිබිණි.

“ මම මේ අධ්‍යයන අවස්ථාව සඳහා ජපානයෙන් ඉල්ලා සිටියත් ඔවුන් මට ශිෂ්‍ය වීසා නිකුත් කරන්නේ විශේෂ හේතුවක් නිසා. වෘත්තීය පුහුණු අධිකාරියෙන් මට සහතිකයක් දුන්නා ඇලුමිනයම් ශිල්පය සඳහා ලංකාවේ ඉන්න එකම සුදුසුකම් ලත් කාන්තාව මා බව. ඒ වනවිටත්  ලංකාව තුළ සිටින එකම සහතික ලත් ඇලුමිනයම් ක්ෂේත්‍රයේ  තක්සේරුකාරවරිය මා බව.”

“ඒ සහතිකය මත ජපානයේ අධ්‍යයන අවස්ථාව ලැබුණා විතරක් නෙමෙයි. රැකියා අවස්ථාවකුත් ලැබුණා. මා වැඩ කරන කුඩා ආයතනයේ ප්‍රධාන කළමනාකාරවරයි ලෙස දැන් කටයුතු කරන්නේ මම.”

“ 2015 සිට මේ දක්වා මා ඉන්නේ ජපානයේ.  ඒ අතර මම ලංකාවට එනවා. එක් වරක් මට මගේ ආයතනයෙන් පඩි සහිතව අවුරුදු තුන හමාරක නිවාඩුවක් ලැබුණා මගේ රටට එන්න. ඒ ඇවිත් මම ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ උපදේශකවරියක ලෙස  කටයුතු කළා.

ඒ ආවට පස්සේ මට අමරණීය මතකයක් තියනවා. ඒ ලොකු උත්සවයක් සංවිධානය කරලා මට කැන්දලන්ද තාක්ෂණික පුහුණු ආයතනයේ පිරිස ඇතුළු විශාල කණ්ඩායමක් මට උපහාරයක් තිබ්බා. මට අවශ්‍ය වුනා මගේ ගරුවරුන්ට සහ ක්ෂේත්‍රයේ ඉන්න ව්‍යවසායකයින් ඇගයීමක් කරන්. නමුත් අවසානයේ දී සිද්ධ වුනේ ඔවුන් එකතුවෙලා මට උපහාර කළ එක.” ඇය පවසන්නී තමන් වෘත්තීය පරිචය ලද මේ ක්ෂේත්‍රය හරහා උනන්දුවක් සහිත ඕනෑම කෙනෙකුට ජීවිතය ජයගත හැකි බවය. ඉන් තමන්ට ලෝකයක් විවෘත කරගත හැකි බවය.

Erandi
ලැබුණු ඇගයුම්…

මේ වනවිට ඔබ මොකද කරන්නේ. අවසාන වශයෙන් අපි ඇසුවෙමු. ඇය තවත් විශේෂ කාර්යයක් වෙනුවෙන් අත ගසා ඇත්තීය.

“ අපි දැක්ක කොවිඩ් කාලෙදි මේ රටට මොකද වුනේ කියලා. ඒ බිඳවැටීමත් එක්ක ගොඩක් අය විදේශ විනියම හොයාගෙන යන්න උත්සාහ කළා. ඒ උත්සාහයන් සැලකිය යුතු ප්‍රතිශතයක් නැවතුනේ රැවටීම්, වංචා කිරීම් සහ බිඳවැටීම් එක්ක. ඒ නිසා මං හිතුවා ඇයි අපිට කියලා දෙන්න බැරි හරි විදිහට විදේශගත වෙන්න පුලුවන් විදිහ. ඒ උපදේශනය දෙන්න බැරි ඇයි කියලා කල්පනා කළා.”

“ඒ හේතුව නිසාම එක්සත් රාජධානියේ සිටින සුමේධ ආරිරත්න කියන ප්‍රකට නීතීවේදී වෘත්තිකයා සමග එකතුවෙලා උපදේශන ආයතනයක් පිහිටෙව්වා විදේශගත වන අයෙකුට වීසා කටයුතු දක්වා සිදුකිරීමට අවශ්‍ය මගපෙන්වීම කරන්න. ඒ තමයි Vito Ceylon International පුද්ගලික ආයතනය.

අපි මේ ආයතනයෙන්  දේශීය සහ ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ට සේවය කරනවා.  අපේ කාර්යාලය පිහිටලා තියෙන්නේ ගාල්ලෙ.  එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණ සම්බන්ධ පුළුල් පරාසයක නීතිමය කරුණු  සම්බන්ධව අපි  අවධානය යොමු කරනවා.  මූලික වශයෙන් අපගේ වැඩ කොටස ඉලක්ක වෙන්නෙ    ජාත්‍යන්තර නීතීඥයින්ගේ ජාලයක් ලෙසයි.    එහිදී ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ කරුණු අපගේ නීතීඥයින් සමග සාකච්ඡා කර විසඳා ගන්න  බැලීම  සෘජුවම යොමු කළ හැකිය. මේ වනවිට අපි 500කට වැඩිය වීසා උපදේශන සේවා ප්‍රමාණයක් පවත්වලා තියනවා.”

ඒ වගේම එන්.වී.කිව් 3 සහ 4 මට්ටම්වල උපස්ථායක පාඨමාලා, ජපන් භාෂා පාඨමාලා, අයි.එල්.ඊ.ටී.එස් පාඨමාලා, ගිනි නිවීම්, ඇතුළු පාඨමාලා රාශියක් අපේ ආයතනය පටන් අරන් තියනවා. අපි උත්සාහ කරන්නේ වෘත්තීය පරිචයක් සහිත ශ්‍රමිකයෙක් හරි විදිහට විදේශගත කිරීමට අවශ්‍ය වැඩ කොටස කරන්න.  ඔවුන්ව රවට්ටන එක නවත්වන්න. මං ලගට එන කෙනාට ඇත්ත කියලා  ඒ ජොබ් එක මට ආවත් නැතත් හරි පාර කියලා දෙන්න.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන් හමුදාවේ නල්ලතන්නි මෙහෙයුම අද ඇරෙඹෙයි… ටොන් 25ක් බර උපකරන ගුවනින් ඉදිකටු පහණට…

Next Post

අපිට ගල් ගහන හැම කෙනා ගැනම අපි බලාගන්නවා… බැසිල්ගෙන් අනතුරු ඇඟවීමක්!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.