බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

බුද්ධික – සසක්ති … ගූගල් මවිත කරවමින්  භාෂා බාධක නැති අනාගතයකට ලෝකය  කැන්දාගෙන යන  අඹ යාලුවන් දෙදෙනා…

by editor
සැප්තැම්බර් 27, 2023
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

ලොව සමස්ථ ජනගහනයෙන් සියයට අසූවකට පමණ ඉංග්‍රීසි බස කතා කිරීමේ හැකියාවක් නොමැත. එයින් අදහස් වන්නේ, යූටියුබ් හී පළවන වීඩියෝවන් බහුතරකය අන්තර්ගතය අවබෝධ කරගැනීමට ඔවුන් හට නොහැකි බවයි.

එ් අනුව අදවන විට ගොඩනැගී ඇති භෂාව පදනම් කරගත් දැණුම් හිඩැස පිරවීමට කෘතිම බුද්ධිය භාවිතා කරමින් නවතම හඬකැවීමේ මෙවලමක් වන අලවුඩ් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මෙම ගූගල් සමාගම විසින් සිය අභ්‍යන්තර නව යෙදවුම් වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරමින් ඇත. එම මෙහෙයුම භාරව ඉන්නේ   දිගුකාලීන මිතුරන්  වූ ශ්‍රී ලංකිකයින් දෙදෙනකු වන බුද්ධික කොට්ටහච්චි සහ සසක්ති අබේසිංහය.

සෑම සුවිශේෂී නිපැයුමක් පිටුපසු සුන්දර කතාවක් තිබේ.  බුද්ධික සහ සසක්ති විසින් දියත්කරන මෙම වැඩසටහන පසුපසද සුන්දර කතාවක් සැඟව ඇත.

ඔවුන්ගේ පාසල් අවධිය ගතවන්නේ ශ්‍රී ලංකාව තුළය. පාසල් කාලයේදී එකිනෙකා පරාජය කිරීමට වෙහෙසුන මොවුන් දෙදෙනා අදවන විට එකට එක්ව ලෝකය වෙනස් කිරීමට වෙහෙස දරති. එය මානව වාර්ගයාටම දිය හැකි ආදර්ශයක් බව කිව යුතුව තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

තම ළමා කාලය පිළිබඳ සිහිපත් කරමින් සස්කිත සඳහන් කරන්නේ, ඔහු සහ බුද්ධික අතර පාසල් කාලයේදී දැඩි තරඟකාරිත්වයක් පැවති. බවයි. එහිදී දෙදෙනා ප්‍රථමයෙන් හමුවන්නේ තොරතුරු විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගය සහ අග්නිදිග ආසියානු කලාපීය පරිගණක විද්‍යා සම්මේලන සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අතරතුරේදීය.

“ අපි දෙන්නම සාම්ප්‍රදායික  පෙළපොත් වල තිබෙන ඇල්ගොරිදම් වලට වඩා ක්‍රැර්වරුන් මෙන් කෝඩින්වලට අදාල දේවල් කරන්නයි   කැමැත්තක් දැක්වුයේ. ඒ නිසාම අපි දෙන්නා අතර යම් බැදීමක් ඇති වුනා කිව්වත් නිවැරදියි.   අවසානයේදී අපි දෙන්නම ගූගල් එකේ සේවයට එක්වුනා. දැන් අපි යූටියුබ් එකේ සේවය කරනවා. ඇත්තමට අපි දෙන්න දැන් එකනෙකට වෙනස් අදහස් එකට සම්බන්ධ කරමින් කටයුතු කරනවා.“ යනුවෙන් සස්කිත සඳහන් කළේය.

සසක්ති සහ බුද්ධික පාසල් අවධියෙ දී…

අලවුඩ් අදහස පැමිණිම 

“කොරෝනා වසංගතය පැවති සමයේදී නිවසට වෙලා හිටිය නිසා අලුතින් යමක් කිරීමට මොළය වෙහෙසවන්න අපි හිතුවා. මේ වෙලාවේ බුද්ධිකට අපූරු අදහසක් අවා.  ඒ බුද්ධිකට  ඩෙන්මාර්ක කතා මාලාවක්වන  “Borgen”   වැඩසටහනක් හඬකැවීම් නොමැති වීම හේතුවෙන් නැරඹීමට නොහැකි වීමත් සමඟයි. ඒ වෙලාවේ ලොකු අභියෝගක් වුන දෙයක් කිරීමට මම ගොඩක් කැමති වුනා. යනුවෙන් සස්කිත ප්‍රකාශක කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින්  බුද්ධික සඳහන් කර සිටියේ “ පොඩි කාලයේදීම මට හඬ කැවීම  විශාල  බලපෑමක් එල්ල කරලා.  ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නේ මම කුඩා අවධියේදීයෙයි. ඒ කාලයෙදී මට ඉංග්‍රීසි කතා කරන්න හැකියාවක් තිබුනේ නැහැ. මුල්කාලයේදී රූපවාහිනියේ විකාශය වුන වැඩසටහන් විශාල ප්‍රමාණයක් ඉංග්‍රිසි භෂාවෙනුයි තිබුනේ.   මට රූපවාහිනිය පෙනුණෙ ප්‍රවේශ විය නොහැකි අන්තර්ගතයක් සහිත “මැජික් පෙට්ටියක්” ලෙසයි.. “

“අද වෙනකොට ලිඛිතව තිබ්බ දැණුම වීඩියෝ වලට පරිවර්ථනය වෙලා තියෙනවා. ඒත් තවමත් භාෂාව බාධාවක් වී තිබෙනවා. ඒ නිසා අලවුඩ් මගින් මේ හිඩැස පුරවන්න විශාලව වශයෙන් උත්සාහ කරනවා.  එහි ප්‍රතිඵලයක්  විදිහට අපිට මේ නව හදුනවා දිම කරන්න පුළුවන් වුනා.

බුද්ධික කොට්ටහච්චි YouTube Dubbing සඳහා මෙම  නිෂ්පාදන ප්‍රධානියා ලෙස කටයුතු කරයි, නිර්මාණකරුවන් සහ නරඹන්නන් සඳහා පරිශීලක අත්දැකීම වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

සශක්ති අබේසිංහ, Aloud සඳහා කණ්ඩායම් ප්‍රධානියා සහ ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයා ලෙස, කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ගැනීමට කණ්ඩායමට බලය ලබා දෙයි.

අනාගත ඉලක්ක:

නිර්මාපකයින් සහ නරඹන්නන් එකසේ උද්යෝගය ප්‍රකාශ කිරීමත් සමඟ Aloud සඳහා පිළිගැනීම අතිශයින් ධනාත්මක වී ඇත. මෙම මෙවලම ස්පාඤ්ඤ සහ පෘතුගීසි භාෂාව කතා කරන ප්‍රේක්ෂකයින්ට ඔවුන්ගේ දේශීය භාෂා සහ සංස්කෘතීන් සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් ඇතිකරමින් හඬකැවිම්  කළ අන්තර්ගතයට ප්‍රවේශ වීමට හැකියාව ලබා දී ඇත. බුද්ධික සහ සසක්ති භාෂා බාධක අතීතයේ දෙයක් බවට පත් කරන    අනාගතයක් අපේක්ෂා කරයි,

ඔවුන්ගේ වෘත්තීය ප්‍රයත්නයන්ගෙන් පරිබාහිරව, සශක්ති යූ ටියුබ් හරහා විවිධ දැනුම් ප්‍රවේශයන් සොයාගෙන තිබේ.

“වර්ෂ 2007 දී පමණ මම යූ ටියුබ් වීඩියෝ භාවිතයෙන් ගිටාර් වාදනය කරන ආකාරය ඉගෙන ගත්තා. එතැන් සිට, මම ඡායාරූපකරණය සහ තාරකා ඡායාරූපකරණයේ සිට ලී වැඩ කිරීම, වෙල්ඩින් කිරීම, මගේ මයික්‍රෝවේව් සහ ඒසී ක්‍රියා කිරීම නැවැත්වූ විට එය අලුත්වැඩියා කරන්නේ කෙසේදැයි සොයා බැලීම  විවිධ දේ දුසිම් ගණනක් ඉගෙන ගැනීමට යූ ටියුබ් භාවිතා කළා. මගේ මෑතකාලීන උත්සාහය වන්නේ ඉතා බෑවුම් සහිත භූමිවල තණකොළ  කපා ගත හැකි දුරස්ථ පාලක තණකොළ කපන යන්ත්‍රයක් තැනීමයි.” සසක්ති කීවේය.

අනෙක් අතට බුද්ධික ඔහුගේ රැකියාවෙන් බාහිර මූලික නිර්මාණාත්ම  කටයුත්ත ලෙස    ලෙස කේතීකරණයේ සිට ඉවුම් පිහුම් කටයුතු වෙත මාරු වී තිබේ. ඔහු යූ ටියුබ් හරහා සූපශාස්ත්‍ර ආශ්වාදය ගවේෂණය කරන අතර ස්මාර්ට් නිවාස තාක්ෂණයන් වෙනුවෙන් පරීක්ෂණ කරයි.

“දිගු කලක් තිස්සේ මගේ මූලික නිර්මාණ ආශ්වාදය වූයේ කේතය සමඟ දේවල් ගොඩනඟා ගැනීමයි, නමුත් පසුගිය වසර කිහිපය තුළ ආහාර පිසීම මට ආශ්වාදයක් ගෙනාවා. වාසනාවකට මෙන්, YouTube ඒ සඳහා නිමක් නැති ආශ්වාදයක් සපයනවා. මම ස්මාර්ට් නිවාස තාක්ෂණයන්හි විශාල රසිකයෙක්.    මට කළ යුතු වැඩ අඩු කිරීමට සහ ස්වයංක්‍රීය කිරීමට ක්‍රම නිරන්තරයෙන් සොයමින් ඉන්නවා. බුදධික පවසා තිබිණි.

සම-නිර්මාතෘවරුන්ගේ දශක තුනක මිත්‍රත්වය 

ඔබ දශක තුනකට ආසන්න කාලයක් එකිනෙකා හඳුනනවා. , සම-නිර්මාතෘවරුන් සහ මිතුරන් යන දෙකෙහිම වාසි සහ අවාසි මොනවාද?. යූටියුබ් හා කළ සංවාදකයක දී බුදධික හා සසක්තිගෙන් නිවේදකයා විමසුවේය.

බුද්ධික කීවේ මෙවැන්නකි.    “සමීප මිතුරන් වීමෙන් ලැබෙන විශ්වාසය සහ මනෝවිද්‍යාත්මක ආරක්ෂාව එකට වැඩ කිරීම ඉතා පහසු කරනවා. අපට සාකච්ඡා කළ නොහැකි දුෂ්කර මාතෘකාවක් කිසි විටෙකත් නෑ..  අවශ්‍ය විටෙක අප දෙදෙනාට එකිනෙකා ආවරණය කළ හැකියි.”

සසක්ති ඒ ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දුන්නේය.  “ආරම්භකයකු වීම හුදකලා උත්සාහයක් විය හැකි බව අපගේ සම-ආරම්භකයින් බොහෝ දෙනෙකුගෙන් අපට අසන්නට ලැබුනා. අපට එය (සහ) කිසිදා එසේ නොවෙයි… ඔහු නොමැති නම් වෙන අයෙක් සමග මේ කටයුත්ත කිරීම මට හිතාගන්නවත් අපහසුයි.”

ඔවුන්ගේ අද්විතීය මිත්‍රත්වය, ඔවුන්ගේ හවුල් දැක්ම සහ ප්‍රවීණත්වය සමඟ ඒකාබද්ධව, YouTube හි භාෂා බාධක බිඳ දැමීම සඳහා පොරොන්දු වූ විසඳුම  ලෙස    Aloud ඉදිරිපත් කර තිබේ.  ඊට වඩා යමක් කොයින් ද?.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සබ්රි මේ තරම් ගොබ්බ ද?

Next Post

දෙවන වාරිකය සම්බන්ධව එකඟතාවයක් නෑ…

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.