සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

සබ්රි මේ තරම් ගොබ්බ ද?

by editor
සැප්තැම්බර් 27, 2023
in දේශපාලන
Share on FacebookShare on Twitter

කැනඩාව සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉලක්ක කරගෙන විදේශ ඇමති අලි සබ්රි විසින් විදේශ මාධ්‍ය වෙත කරන ප්‍රකාශ දේශපාලන විචාරකයින්ගේ පුදුමයට මෙන්ම තිගැස්මටද හේතු වී ති‍බේ

මේ මොහොත වනවිට ඉන්දියාව සහ කැනඩාව අතර බරපතල රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති වි තිබෙද්දී  ශ්‍රී ලංකාවට ඍජු ලෙස මේ මොහොතේ  ගැටලුවක් ඇති කර  නොමැති  කැනඩා රජයටත්  සහ අග්‍රාමාත්‍යවරයාටත්  එල්ල කර ඇති   දරුණු ප්‍රහාරය මේ වනවිට කලාපීය අවධානයට ලක් වී ඇත. කලාපයේ අනෙක් රටවල් මේ තරම් වාචාල සහ ගොබ්බ ලෙස මේ ප්‍රශ්නයට මෙතෙක් මැදිහත් වී නැති පසුබිමක සබ්රිගේ හැසිරීම වඩාත් කැපී පෙනෙන්නේය.

හිඟමනට වැටුණු ජාතියක් ලෙස ශ්‍රී ලංකාවට මුහුණ දීමට තමන්ගේම සටන් තිබෙන බැවින්  රජයට හෝ ජාතියට අදාළ නොවන ගැටුම්වලට මැදිහත් නොවී සිටීම  අනිවාර්යයෙන්ම කළ  යුතු මෙන්ම කළ හැකි දෙයක් බව ජාත්‍යාන්තර සම්බන්ධතා ගැන් ප්‍රමාණික විද්වත් පාර්ශව පෙන්වා දී තිබේ.

දේශපාලන අර්බුදයේ උච්චතම අවස්ථාවෙහි දේශීය ආර්ථිකය කඩා වැටී රටේ මුදල් නැති වූ විට රටේ දේශපාලන නායකයින් උදව් ඉල්ලුවේ  ජාත්‍යන්තර ප්‍රජාවෙනි.  මේ අවස්ථාවේ ලෝකයේ දුගී යැයි මිනුම් ලැබූ රටවල් පවා අපට උදව් කළහ.  බොහෝ ජාතීන් ලංකාව වෙනුවෙන් මිත්‍රශීලීව ඉදිරිපත් විය.

මේ මොහොතේ  රට ගෙවා දමන්නේ  වෙන කවරාදටත් වඩා ලෝකය අරභයා මැදහත් පිළිවෙතක් අනුගමනය කළ යුතු මොහොතකය. ඉකුත් සතියේ එක්සත් ජනපදයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව පැවැත්වූ සාකච්ඡාවල දී  සියලු රටවල් සමඟ යහපත් සබඳතා පවත්වන බවත් කිසිදු පාර්ශවයක් වෙනුවෙන් පෙනී නොසිටින බවත්    ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝකයට සහතික වුනේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනාධිපති නොබැඳි පිළිවෙතක් ගැන සහතික වී සතියක් ගොස් නැත.  අනපේක්ෂිතව විදේශ අමාත්‍ය අලි සබ්රි   ඉන්දීය  මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවට කිසි සේත් අදාල නැති ඉන්දියාවේ ප්‍රශ්නයක්  හා කැනඩාව සමග ගැටුමකට යන්නේය.

ඉන්දියානු නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වන සබ්රි කියන්නේ කැනඩාව ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂිත තෝතැන්නක් බවය.  ඉන්දු කැනඩා රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයට ශ්‍රී ලංකාවේ විදේශ ඇමති ලෙස  ප්‍රකාශ නිකුත් කරමින් සබ්රි පවසන්නේ කැනේඩියානු  අගමැති ජස්ටින් ටෲඩෝ විසින් කිසිදු සාක්ෂියක් නොමැතිව සාහසික චෝදනා   එල්ල කිරීමේ පුරුද්දක් සහිත බැවින් ඉන්දියාව සම්බන්ධව කැනේඩියානු අගමැතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධව තමන් පුදුම නොවන බවය.

කැනඩාව ඉන්දියාව සම්බන්ධයෙන් සිදුකර ඇත්තේ ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ දේට සමාන ක්‍රියාවක් බව කී විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වී ඇති බවට කළ ප්‍රකාශය භයානක හා සම්පූර්ණ අසත්‍යයක් බව කීවේය.

සබ්රිට තමන්ගේ මතය තමන්ට ඕනෑම තැනක ප්‍රකාශ කළ හැකිය. එහෙත් මේ සංවාදයට ඔහු එක් වන්නේ අලි සබ්රි ලෙස නොවේ. අලි සබ්රි ඕනෑ කෙහෙල්මලක් කීවාට ඉන්දියාවට හෝ ලෝකයට පයිසකය වැඩක් නැත. සබ්රි මේ මැදිහත්වීම කරන්නේ ලංකාවේ විදේශ කටයුතු ඇමතිවරයා ලෙසය.  ඉන්දියා – කැනඩා ගැටුමට ලංකාවත් ගාවමින් විදේශ කටයුතු ඇමතිවරයා කරන මේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ නිල අදහස ලෙස සමාජගත වීම බරපතල අර්බුදයක් බව ලියා තැබි යුතුය.

ශ්‍රී ලංකාවට කිසිදු අදාළත්වයක් නොමැති කැනඩා අගමැති ඉන්දියාවට    එරෙහිව කරන ලද චෝදනා සම්බන්ධයෙන්  මේ කරන දෙඩවීම කුමක් දැයි බෙහෝ දෙනාට වැටහෙන්නේ නැත.

රට සම්බන්ධයෙන්  වූ ගැටලුවේ දී   සබ්රි  ටෲඩො ගැන කතා කිරීම පිළිගත හැකිය.

නමුත් මේ මොහොතේ අනවශ්‍ය දෙයක් ලෙස පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාව සහ කැනඩාව අතර ගැටුමකට රට මැදිහත් කරන ආකාරය ය.

දැන් විමසිය යුත්තේ සබ්රි ප්‍රකාශයට පත් කළේ  නොබැඳී පිළිවෙත ගැන ලෝකය වටේ බයිලා ගසමින් ඇවිදින ජනාධිපතිගේ  විදේශ ප්‍රතිපත්තිය ද?. රටේ නිල ප්‍රකාශය මෙය ද?. නැතිනම් මේ සබ්රිගේ පුද්ගලික කතාවක් ද?.

නහස් මත්ත තෙක් ආර්ථික ගොහොරුවක ගිලී හිඟා කන ජාතියකට තමන්ගේ ප්‍රශ්න ඕනෑ තරම් තිබේ. කොහේවත් යන කුණ්ඩවාල පටලවාගෙන වැළලෙන්නට යන්නේ අහවල් දේකටදැයි මේ රටේ මිනිස්සු ප්‍රශ්න කර සිටිති.

ඇත්තටම සබ්රි එච්චරම ගොබ්බ ද?

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“බර්ලින් ග්ලෝබල්” සමුළුවට සහභාගිවීම සඳහා ජනපති ජර්මනියට!

Next Post

බුද්ධික – සසක්ති … ගූගල් මවිත කරවමින්  භාෂා බාධක නැති අනාගතයකට ලෝකය  කැන්දාගෙන යන  අඹ යාලුවන් දෙදෙනා…

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.