ශ්‍රී දළදා මාලිගාවට ඇතුළු වීමට ගිය කාන්තාවකගේ ගමන් බෑගයේ ටී-56 ජීවී උණ්ඩයක් තිබීම නිසා මාලිගාව පොලීසිය මගින් ඇයව සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දළදා මාලිගාවට ප්‍රවේශ වන මාර්ගයේ සවිකර ඇති ආරක්ෂක සංඥා පද්ධති ක්‍රියාත්මක වීම නිසා පොලීසිය අදාළ කාන්තාව පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ ඇගේ ගමන් බෑගයේ තිබී ජීව උණ්ඩය හමුවී ඇත.
මෙම කාන්තාවගේ සැමියා හිටපු පොලිස් නිලධාරියෙකු වන බවත් ඔහු මෙයට වසර 05 කට පමණ ඉහතදී මියගොස් තිබෙන බවත් පොලීසිය පවසයි.
වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති මෙම කාන්තාව සැමියාගේ මරණයෙන් පසු ගාල්ල ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.
දළදා මාලිගාවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාව වැඩිදුර පරීක්ෂණ සඳහා මහනුවර පොලිස් මූලස්ථානයට බාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.







