පවතින අර්බුද මැද ආණ්ඩුවේ තීන්දු තීරණ හේතුවෙන් රට හමුවේ එල්ල වී ඇති තවත් බරපතළ අවදානමක් පිළිබඳ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද අනාවරණය කළේය.
ඒ පළමු වතාවට අධිවේගී මාර්ග ආසන්න ඉඩම්වලට පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය එක්ව කරන ලද ක්‍රියාවලිය චීන සමාගමකට දීම බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඊට විපක්ෂය විරුද්ධත්වයක් නොමැති වුවද විනිවිදභාවයකින් තොරව එම ඉඩම් චීනයට ලබාදීමට ගන්නා පියවර පිළිබඳ ගැටලුසහගත බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එම ගනුදෙනුවල තොරතුරු නොමැති වීම ද ගැටලුවක් බව ඔහු කියාසිටියේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද(16) පැවැති මාධ්‍ය හමුවේ හමුවේ දී ය.
“අද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යනවා. එයට මේ රජයට කිසිම සැලැස්මක් ඇති බවක් පේන්න නැහැ. බොහොම අමාරු 2022ක් ඉස්සරහට එන්නෙ.
හේතුව වශයෙන් මේ ආණ්ඩුව කියන්නේ පසුගිය රජය ගත්ත ණය නිසා මේ දේ සිදු වෙලා තියෙන්නෙ කියලා .ඒක අමූලික බොරුවක් සමීක්ෂණ ආයතන විසින් ඒ ගැන ගණන් බලලා ප්‍රකාශ කරලා තියෙනවා. එහි කියනවා 2014 /2019 අතර සසදලා ණය ප්‍රමාණය අනුව එහි මුළු ණය රුපියල් වලට දැම්මොත් ඩොලර් ට්‍රිලියන 9.9ක් වෙනවා. මේවා කෝටි වලින් බිලියන වලින් කියන්න බැහැ එච්චර ලොකුයි. රුපියල් වලින් ගත්ත ණය 10%ක පමණ පොලියක් ගෙවන්න තියෙනවා ඩොලර් වලින් ගත් ණය 3.9ක් ගෙවන්න වෙලා. එහිදී ඒ පොලිය එකතු කරල බැලුවම රුපියල් ත්රිලියන 3.8 ක ට වෙනවා. දැන් කියන්නේ 2015 /2019 ණය වැඩි වුණා කියලා. නෑ ඒ ප්‍රමාණය ගත්ත නම් වැඩි වෙලා තියෙනවා රුපියල් ට්‍රිලියන 4.25 කින් වැඩිවෙච්ච 4.25 පරණ ණය වල පොලිය ගෙවන්න විතරක් ණය 3.8ක් ගිහින් තියෙනවා එය 89.8 %ආසන්නයි.
2015 /2019 අතරේ අලූත් ණය එකතු වෙලා තියෙන්නේ 10% පමණයි ලංකාවේ අවුරුදු 60ක ඉතිහාසය එක වතාවක් විතරයි මේක වෙලා තියෙන්නෙ. ඊට පස්සේ ඒක සිදුවුණේ 2017 හා 2018 දී විතරයි ආදායම වැඩි වුනේ වියදමට වැඩිය. එහිදී ප්‍රාථමික ඉතිරියක් තියෙනවා එසේ ප්‍රාථමික ඉතිරියක් තියෙනවනම් අලුතෙන් ණය ගන්න ඕන නැහැ මෙහිදී පෙනී යනවා යහපාලන රජය ගත් ණය කියන එක කිසිම සත්‍යතාවයක් නැහැ කියලා එය විද්‍යාත්මකවත් පෙන්නල තියෙනවා .
මේ ආණ්ඩුවට 2020, 2021 ණය ගෙවන්න වුණා. එසේ ගෙවන්න ගියාම මේ අය කරේ ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර ගෙවනවා අපි රට බාර දෙනකොට විදේශ ශේෂය ඩොලර් බිලියන 7.2යි ගිය සතියේ පාර්ලිමේන්තුවට ඇවිත් නියෝජ්‍ය ඇමැතිතුමා කිව්වා දැන් ශේෂය ඩොලර් බිලියන 1.6 කියලා. ඩොලර් මිලියන 392.9 පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එස් එෆ් ආර් තියෙනවා ඒවත් අයින් කරන්න ඕන දේ අයින් කරාම ද්‍රවශීලතාවය ඩොලර් බිලියනය 7.2 ප්‍රමාණය බිලියනයකට වැටිලා .කොහොමද එසේ පහළ වැටුනේ සුද්ද ගෙන් ගත්ත ණය ගේව්වා එසේ ගෙවා ගැහුවෙ අපේ රටේ ගොවියට එයට කතාවක් හැදුවා අපෝ රසායනික පොහොර දාන්න බෑ කාබනික පොහොර දාන්න ඕන අපි හෙට රසායනික නතර කරනවා කියලා නතර කළා .ලෝකෙ වටේම දාන්නේ රසායනික පොහොර . එය විද්‍යාත්මක පදනමකින් කරන්නේ එහෙම තමයි අද ලෝකෙ වටේ ආහාර සාහගතයක් නැහැ විද්‍යාවේ දියුණුවත් එක්ක කෘෂිකර්මය දියුණු වෙලා තියෙනවා මිනිස්සු බඩගින්නෙ නැහැ. කතාව හැදුවෙ ඩොලර් එක නැහැ පොහොර ටිකට ගෙවලා ගේන්න. ඒකයි ඇත්තටම හදපු කතාව නැත්නම් කාබනික පොහොර හදන එක අවුරුදු 13,14ක කතාවක් ක්‍රමානුකූලව හැම රටකම කරන දෙයක් ඒක කළ යුතුයි නමුත් කරන ක්‍රමවේදයක් තියෙනවා දැන් ගොවියාගේ ආදායම පහත වැටුණා ඒ තුළින් අපි ඔක්කොටම පහර වැදුනා. අපේ අස්වැන්න අඩු වුණා. එහිදී ආහාරවල මිල ඉහළ ගියා ඒ විතරක් නෙමෙයි එන අවුරුද්ද වෙනකොට සා ගින්නක් ඇති වෙන්නත් පුළුවන්. අම්මා කෙනෙකුට වැඩක් නැහැ ළමයි දවල්ට ගෙදර ආපුවම බත් පිගාන ආවේ හම්බන්තොටින් ද පොලොන්නරුවෙන් ද තායිලන්තයෙන් ද කියන එක . අම්මට වැඩක් නැහැ ගෙදර උයන්න තියෙනකොට ගෑස් එක ආවේ කොයි රට කින්ද අම්මට වැඩක් නැහැ .මේ රටේ ගෑස් නිෂ්පාදනය කරන්නේ නැහැ ඒව එන්නෙ පිටරටින්.
ගෑස් එක ගැන කවුරුත් දේශප්‍රේමිත්වය හදලා නැහැ කවුරුත් එක පාවිච්චි කරනවා. නිවාඩු කාලෙට රට යනකොට ඒව ගැන කතා හදලා නැහැ .
20 වන සංශෝධනයට අත උස්සපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔක්කොම කවුද කියලා බලන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා. ද්විත්ව පුරවැසියන්ට මේ රටේ පාර්ලිමේන්තුවට ඇවිත් අමාත්‍යංශය වල ඉඳලා තීරණ ගන්න දුන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුද කියලා හොයලා බලන්න ඕන .ලොකු ගැටලුවක් තියෙන්නේ ලොකු අර්බුදයක අපි ඉන්නේ අත්‍යවශ්‍ය දේවල් තියෙන්න ඕන සුද්දගෙ ණය ගෙවන එක නෙමෙයි
ඖෂධ පිළිබඳ වත් ලොකු ගැටලුවක් තියෙනවා ඖෂධ ප්‍රමිතියෙන් ගන්න ඕන ගොඩක් අය ඖෂධ නැතුව දුක් විඳිනවා එහිදී ලොකු ප්‍රශ්නයක් තියෙනවා එය විසඳගන්න ක්‍රියා කරන්න ඕන ශක්තිමත් තැනක ඉඳලා ඕනම ගනුදෙනුවක් එහිදී තමයි අපිට වැඩියෙන්ම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් ආර්ථිකයක් එහෙමයි ආර්ථිකය පහළටම කඩාගෙන වැටුනම අපිට ගනුදෙනු කරන්න ශක්තිය අඩුවෙනවා ගනුදෙනු කර ගන්න බැරි වෙනවා ඒකෙ ප්රතිලාභ හුඟක් අඩු වෙනවා ඒකයි අද අපට සිදුවෙලා තියෙන්නෙ දැන් එන්නේ දුර්වල තැනකට අවුරුද්දකට උඩදී මෙයට මුහුණ දීලා එක එක බිල්ලෝ මවාගත්තා. IMF කියලා බිල්ලෙකුත් මවා ගෙන.මම කවදාවත් කියලා නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා මම කියලා තියෙන්නේ රට හදන්න යනවනම් ආර්ථිකයේ හරි ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ කියලා. දැන් බිල්ලො මවල කතාවක් හදලා මිනිස්සුන්ට දැන් වෑයම් කරන්න යනවා .ගනුදෙනු කරන්න ඉන්දියාවේ එක්ක මේ වෙනකොට සාකච්ඡාවන් යනවා දැන් අපි හිඟන තැනට ඇවිල්ලා අත පාන්න සිදුවෙලා තියෙනවා එහිදී කොන්දේසි මොනවද කියන්න බැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිල්ලෙක් හැදුවා යන්න වුනොත් අපි දන්නෙ නෑ මොනවද කොන්දේසි කියලා.
තවත් ලොකු අවදානමක් රටට තියෙනවා ඒ අයට මේ වගේ දුර්වල තැනක ඉඳලා කතා කරනකොට මේක පියවා ගන්න ඕන දැන් කතාවක් තියෙනවා රටේ සම්පත් විකුණන්න යනවා කියලා ඉඩම් ගණනාවක් විකුණන්න හදනවා කියලා ලොකු කතාවක් යනවා එහිදී ගනුදෙනු කිහිපයක් තියෙනවා එක ගනුදෙනුවක් තමයි පලවෙනි වතාවට අධිවේගී මාර්ග ආසන්න ඉඩම් වලට පුද්ගලික අංශය යි රාජය් එකතුවෙලා කරන ක්‍රියාවලිය එය චීන සමාගමකට දීලා ඒකට අපි විරුද්ධ නැහැ අපි විරුද්ධ එහි විනිවිදභාවයක් නැති එකට. දුර්වල තැනක ඉඳලා ගනුදෙනු කරනකොට විනිවිද භාවයක් නැහැ ඕනෑම ගනුදෙනුවක අපට ලැබෙන ප්‍රතිලාභය බලාගන්න ඕන. එහි ප්‍රශ්නයක් තියෙනවා තොරතුරු නැහැ.
යුගදනවි කියලා බලාගාරයක් තියෙනවා එහි එල් එන් ජී. වායු පාවිච්චි කරලා විදුලිය නිෂ්පාදනය කරන්න හදනවා මේ වගේ ලොකු විදුලි නිෂ්පාදනය කිරීමේ කාර්යයට යනවනම් එහි විනිවිදභාවයක් තියෙන්න ඕන එය ටෙන්ඩර් එකක් හරහා කැඳවන්න ඕන ඉස්සර අපි දූෂණය ගැන කතා කරනකොට ටෙන්ඩර් එක දැම්මා ටෙන්ඩර් එක වැහුවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා කීයද මිල කියලා බැලුවා එහිදී අඩුම මිලට දෙන්නේ නැහැ එයට හේතු තියනවා අද සියල්ල වෙන්නේ ටෙන්ඩර් එකෙන් පිට වාද විවාදයක් නැහැ යුගදනවි දීලා තියෙන්නේ ඇමරිකාවේ ලොකුම newports energy කියන කොම්පැනියට දුන්න වගේ කතාවක් කිව්වේ රටේ ටෙන්ඩර් එකක් විනිවිද භාවයක් නැහැ හොරෙන් දීලා තියෙන්නේ කැබිනට් එකේ ඇමතිවරු කියනවා අපිවත් ඒක ගැන දන්නේ නැහැ කියලා හිතලා බලන්න පුළුවන් කවුද කරල තියෙන්නෙ කියලා අඩුම ගානේ ගිවිසුම් තුනක් තියෙනවා එකක් තමයි පාර්ලිමෙන්තුවෙ ඉදිරිපත් කළේ නමුත් තුනක් තියෙනවා ඒවා අත්සන් කරනකොට අවුරුදු දහයක් විස්සක් තිහකට අත්සන් කරනවා අපේ රට අපි දෙනවා. කොහොමද මේ වගේ දේවල් කරන්නේ කවුද මේවා අනුමත කරල තියෙන්නෙ කැබිනට් එකේ ඇමතිවරුත් තියෙනවා නම් අපි එකේ විස්තර දන්නේ නැහැ කියලා කවුද මේවා අනුමත කරලා තියෙන්නේ කවුද වගකියන්නේ ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා වගවීම ගැන.
එම ගිවිසුම ප්‍රසිද්ධ කරන්න බැහැ කියලා සඳහන් කරලා තියෙනවා ඒක පුද්ගලික ව්‍යාපාරයක් නෙමෙයි රාජ්‍ය දේපලක් ඒ කියන්නේ මේක හංගලා කරන්න යනවා තවම පැහැදිලි නැහැ කොම්පැනියක් හදලා ඒක ඇමරිකාවේ ලියාපදිංචි කරලා තියෙන්නේ ඒ කොම්පැනියේ සම්බන්ධතාවයක් තියෙනවා ජාත්‍යන්තර විදුලි පැනියත් එක්ක හැබැයි ගිවිසුම අත්සන් කරනැහැ කම්පැනියෙ අයිතිකරු කවුද කියලවත් අපි දන්නේ නැහැ.
මේ රජය සම්පූර්ණම අනාගෙන තියෙන්නෙත් පාර්ලිමේන්තුවට එකක් කියනවා පස්සෙ තව එකක් තියෙනවා පාර්ලිමේන්තුවේ අයවැය කතාවේදී කිව්වා විශ්‍රාමික වයස වැඩි කරනවා කියලා රාජ්‍ය සේවකයන්ට 65 කරනවා කිව්වා එහිදී රාජ්‍ය විවසාය තියෙනවා අයට කිව්වා හැටකට වැඩි කරනවා කියලා නමුත් ඇත්තටම දෙසැම්බර් 14 වැනිදා චක්‍රලේඛනය කුත් ඉදිරිපත් කරලා තියෙනවා එහි තියෙන්නෙ නෑ 62 වෙනකන් යන්න පුළුවන් නමුත් අවුරුදු 57 න් පස්සේ අධ්‍යාපන ආයතන ප්‍රධානියා අනුමත කරන්න ඕන කියලාප්රධානියාගේ ආධිපත්‍ය උඩ තමයි 62 වෙනකන් යන්න පුළුවන් අපි හැමදාම කියන්නේ රාජ්‍ය සේවකයා ස්වාධීන වෙන්න ඕන කියලා නමුත් එහිදී ප්‍රධානියා පිටිපස්සෙන් ගිහිල්ලා නැමෙන්න වෙනවා එහිදී ලැදියාව මුහුණ දිහා බලලා පුද්ගල තියාගන්නවද නැද්ද කියන එක තීරණය කරනවා දේශපාලනිකරණය එක යන්නේ ඒකයි මෙහි හුඟාක් ගැටලු ප්‍රශ්න තියෙනවා අපි දැක්කා පසුගියදා ආයෝජන මණ්ඩලයේ මුළු මණ්ඩලයම අයින් මේ රටේ මේවා කවදාවත් වෙලා නෑ හේතුව මොකක්ද ඒගොල්ලො කෝප් සභාවට ආවා මමත් එහි සාමාජිකයෙක් විගණකාධිපති කෝප් එකෙ සාමාජිකයන් වත් සෑහීමකට පත් වෙන්න ඕන මේ කියන කතාවක් ගැන එහිදී විගණකාධිපතිට මොන පක්ෂය ද බලය ඉන්නේ කියන එක අදාළ වෙන්නේ නැහැ තොරතුරු ඔයා දෙනවා අන්තිමට ආයෝජන මණ්ඩලයේ අය අයින් වුණා පාර්ලිමේන්තුව ගිය සිකුරාදා අයවැය අනුමත කරා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ නිවාඩු කාලයක් යෙනවා ඒ ජනවාරි දක්වා එය සම්ප්‍රදායික යි ජනාධිපතිතුමන් ප්‍රකාශයක් කරා පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරලා අද මධ්‍යම ගැටලුව තියෙනවා ඒක කරල තියෙන්නෙ කෝප් එකෙ අලුතෙන් පිහිටුවන්න එහි කියන කතා වලට එච්චර කැමති නැහැ ගී හිතන්න ඇති කෝපය කමිටුව අලුතෙන් පිහිටවන්න ඕනේ කියා එහි සභාපති ඇවිත් අපි ආණ්ඩු කරනකොට දෙන්නෙ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක්ට එතකොට තමයි රටට හොඳ නමුත් මේ අය ඒ අයගේම පක්ෂයේ අයට සභාපතිකම දීල තියෙනවා ඒත් සභාපති වරු ගලවන වැඩක් තමයි කරන්න හදන්නේ ෝපා එකෙත් ඔය ප්‍රශ්නයම තියෙනවා මහජන මුදල් කමිටුවකුත් තියෙනවා ඒකෙත් ඔය ප්‍රශ්න ගැටලුව තියෙනවා ි ඉන්නවා අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රිතුමා ආචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමා ඉන්නවා තිස්ස විතාරණ මහාචාර්ය තුමා ඉන්නවා එතකොට මොකක්ද තියෙන ගැටලුව කියලා මං දන්නේ නැහැ මොනාද වෙන්නේ කියලා ඉඳලා බලන්න වෙනවා වැඩ අන්තිමයි මේ පාලනය අන්තිමයි.







