මහවැලි ගඟට පැන සිය දිවි හානිකරගත් බවට ඊයේ (15) ප්‍රකාශිත පාසල් සිසුවිය අධ්‍යාපනය ලද මහනුවර ඉහළම පෙළේ බාලිකා විද්‍යාලයේ තවත් උසස්පෙළ සිසුවියක් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි වාර්තා වේ.
මහනුවර ගලහ අන්නාසිවත්තේ පදිංචිව සිටි මෙම 19 හැවිරිදි තරුණිය ඊයේ රාත්‍රියේ ගිනි තබාගෙන ඇති අතර රෝහල් ආරංචි මාර්ග පැවසුවේ පිලිස්සුම් සහිතව රෝහල වෙත රැගෙන එන විටත් ඇය මියගොස් සිටි බවය.
ඇයගේ පිලිස්සුණු සිරුර මේ වනවිටත් පේරාදෙණිය රෝහල් මෘත ශරීරාගාරයේ ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මීට පෙර මෙම පාසලේම 11 වසරේ සිසුවියක් පසුගිය 09 දා සිට අතුරුදහන් වී ඇතැයි ඇයගේ දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි. ඇය මහවැලි ගඟට පැන ඇති බවට යම් යම් තොරතුරු ප්‍රකාශ වී ඇතත් ඒ සම්බන්ධව තවමත් නිශ්චිත සාධක නොමැති බව පොලිසිය කියයි.
ඛේදවාචකයන් වූ මෙම සිදුවීම් දෙකටම හේතුව ජංගම දුරකථන අනිසි භාවිතාය බව හෙළි වී තිබේ.
09 වැනිදා සිටි අතුරුදහන් වූ බව කී සිසුවියගේ පෙම්වතා යැයි කී තැනැත්තෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කීරීමේ දී ඔහු පවසා ඇත්තේ තමන්ගේ ජංගම දුරකථනයෙන් වෙනත් තරුණියකට යැවූ කෙටි පණිවිඩයක් දැක කෝප වී එම තරුණ සිසුවිය මහවැලි ගඟට පැන්න බවය.
දැනගන්නට ඇති පරිදි පොලිස් ප්‍රශ්න කිරීම්වල දී මේ සිදුවීම කිසිවෙකුටත් පැවසීමට කටයුතු නොකළේ මන්දැයි එම තරුණ පුද්ගලයාගෙන් විමසූ විට ඔහු පොලිසියට පවසා ඇත්තේ එය තමන්ට අදාල නැති නිසා කාටවත් කියන්න නොගිය බවය.
ඊයේ ගිනි තබාගෙන මිය ගිය දැරිය එසේ මියගොස් ඇත්තේ ඇයගේ සහෝදරයා විසින් ඇයගේ ජංගම දුරකථනයේ කෙටි පණිවිඩ පරීක්ෂා කිරීමට යෑමෙන් උරණ වීම නිසා යැයි වාර්තා වුණු බව පොලිය කියයි.
ගිනි තබාගෙන මියගිය තරුණ සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය තවම ආරම්භ කර ඇත.







